05. ඝර්ෂණය Flashcards

You may prefer our related Brainscape-certified flashcards:
1
Q

ඝර්ෂණ බලය යනු කුමක් ද?

A

එකිනෙක හා ස්පර්ෂ වී ඇති වස්තු දෙකක් අතර, සාපේක්ෂ විස්ථාපනයක් ඇති වීමේ පෙළඹුමක් ඇති වුවහොත් එම පෙළඹුම වැළැක්වීමට හෝ වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් පවතී නම් එම විස්ථාපනය වැළැක්වීමට එම වස්තු දෙකේ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක් වන බල ‘ඝර්ෂණ බල’ ලෙස හැඳින්වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ඝර්ෂණ බලයේ අවස්ථා තුන මොනවා ද?

A
  1. ස්ථිතික ඝර්ෂණය
  2. සීමාකාරී ඝර්ෂණය
  3. ගතික ඝර්ෂණය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

‘ස්ථිතික ඝර්ෂණය’ යනු කුමක් ද?

A
  • චලිතය ඇරඹීමට පෙර ක්‍රියා කරන ඝර්ෂණ බලය
  • බලයක් යොදනු ලැබුව ද වස්තු දෙක අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාවල ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

‘සීමාකාරී ඝර්ෂණය’ යනු කුමක් ද?

A
  • ස්පර්ෂ ව පවත්නා වස්තු දෙකක පෘෂ්ඨ අතර ඇති වන උපරිම ඝර්ෂණ බලය
  • චලිතය යන්තමින් ආරම්භ වන අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

‘ගතික ඝර්ෂණය’ යනු කුමක් ද?

A
  • වස්තු අතර සාපේක්ෂ චලිතයක් පවතින විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය

(ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණයට වඩා සුළු වශයෙන් අඩු වේ)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක මොනවා ද?

A
  • පෘෂ්ඨයේ ස්වභාවය
  • අභිලම්බ ප්‍රතික්‍රියාව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

සීමාකාරී ඝර්ෂණය කෙරෙහි බලනොපාන සාධකය කුමක් ද?

A

පෘෂ්ඨ වර්ගඵලය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ඝර්ෂණ බලය අඩුකරගන්නා ක්‍රම මොනවා ද?

A
  • ස්පර්ෂ පෘෂ්ඨවල රළු බව අඩු කරගැනීම (පෘෂ්ඨ සුමට කිරීම)
  • ස්පර්ෂ පෘෂ්ඨ දෙක අතර ලිහිසි ද්‍රව්‍ය (මිනිරන්, ග්‍රීස්, ලිහිසි තෙල්) යෙදීම
  • ගැටෙන පෘෂ්ඨ දෙක අතර රෝල් වන ආකාරයට බෝල (බෝල බෙයාරිම්) යෙදීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

බෝල බෙයාරිම් භාවිත වන්නේ කුමන අවස්ථාවල ද?

A

යන්‍ත්‍රවල හෝ වාහනවල භ්‍රමණය වන කොටස් භ්‍රමණය නොවන අක්ෂ දඬුවලට සවි කිරීමේ දී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ඝර්ෂණ බලයේ ප්‍රයෝජන මොනවා ද?

A
  • පෘෂ්ඨයක් මත ඇවිදීමට හැකි වීම
  • ජලය නිසා රෝද ලිස්සා යාම වැළැක්වීමට කට්ට කපා තිබීම
  • කොහු කෙඳි එකට ඇඹරීමෙන් කඹ සෑදීම
  • තිරිංග යොදා වාහනයක් නතර කර ගැනීම
  • තැටි රෝධක මගින් වාහනයක් නතර කර ගැනීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

සාමාන්‍ය තිරිංග පලු භාවිතයෙන් තිරිංග යෙදීමට වඩා තැටි රෝධක ක්‍රමයේ වෙනස්කම් සහ වාසි මොනවා ද?

A
  • තිරිංග පලු ක්‍රමයේ දී මෙන් රෝදයේ රිම් එක හා ගැටීමෙන් ඇති කරගන්නා ඝර්ෂණ බලය මඟින් වාහනය නැවතීම වෙනුවට, තැටි රෝධක ක්‍රමයේ දී රෝදය හා සම්බන්ධ වූ වෙන ම තැටියක් හා තිරිංග ගැටීමෙන් ඝර්ෂණය නිපදවා ගනියි
  • මේ නිසා රෝදයේ ලෝහ වළල්ලට හානි වීම සිදු නොවේ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly