Chapter 4: Business Flashcards
සුලබ සම්පත් හඳුන්වන්න
එක් එක් ප්‍රදේශවල භූගෝලීය පිහිටීම, දේශගුණය, පසෙහි සාරවත් බව, එම ප්‍රදේශවල ජනයාගේ අධ්‍යාපනික මට්ටම ආදී කරුණු මත ප්‍රයෝජනයට ගත හැකි සම්පත්
නව්‍යෝත්පාදන යනු කුමක්ද?
වෙනත් පුදගලයෙකු හෝ ව්‍යාපාරිකයෙකු භාවිතා නොකරන අමුද්‍රව්‍ය, දැනුම, ශිල්පීය ක්‍රම, ශ්‍රමය, බල ශක්තිය වැනි දා භාවිතා කොට නිර්මානශිලී ව සිදු කරන නිපැයුම්
වෙළෙඳපොළ හිදැස් යනු මොනවද?
සියලුම පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීමට සැපයුම්කරුවන් අපොහොසත් වන අවස්ථා
ව්‍යාපාර අදහසක් යනු _________________________
වෙළෙඳපොළ අවශ්‍යතාවයක් ඉටු කරගැනීමට ව්‍යවසායකයාගේ සිතෙහි පහල වන සිතුවිල්ල
වෙළෙඳපොළ හඳුන්වන්න
ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් විසින් ගනුදෙනුවක් සිදුකෙරෙන ඕනෑම ස්ථානයක්
වෙළෙඳපොළ සමන්විත වන අංග තුනකි. මෙම අංග නම් කරන්න
ගැනුම්කරුවන්
විකුණුම්කරුවන්
මෙම දෙපාර්ශවය අතර ගනුදෙනු
වෙළෙඳපොළ විමර්ශනය හා සම්බන්ධ කරුණු කිහිපයක් ලියන්න
පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීම ශක්තිය ඉලක්ක වෙළෙඳපොළ පාරිභෝගික තෘප්තිය වෙළෙඳපොළ ඛණ්ඩනය කිරීම පාරිභෝගිකයන් දිනාගත හැකි ක්‍රම
වෙළෙඳපොළ සමීක්ෂණය කෙරෙන ක්‍රම තුනක් නම් කරන්න
වෙළෙඳපොළ පරීක්ෂණය
වෙළෙඳපොළ නිරීක්ෂණය
ප්‍රශ්නාවලි ඉදිරිපත් කිරීම
වෙළෙඳපොළ සමීක්ෂණයක් සිදුකර ලබා ගන්න තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් ලබා ගත හැකි තීරණ මොනවාද?
පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩය/සේවාව වෙළෙඳපොළට ලබා දිය යුතු ප්‍රමාණය ගෙවිය හැකි මිල ගණන්වලට සාපේක්ෂව මිල විකුණුම් ක්‍රියාමාර්ග ඉලක්ක පාරිභෝගික කොටස
වෙළෙඳපොළ ඛණ්ඩනය යනු _________________________________________
තමා ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවාවලට කැමති සමජාතීය පාරිභෝගික කණ්ඩායම් ඇතුලත් වන පරිදි වෙළෙඳපොළ කුඩා කොටස් වලට කඩා ගැනීම