Chapter 2 - Food Flashcards
ආහාර නරක්වීම යනු කුමක්ද?
ආහාර පරිභෝජනයට ගැනීමට නුසුදුසු වූ විට හෝ පරිභෝජනය කල විට ශරීරයට අහිතකර වන්නේ නම් එය නරක්වූ ආහාරයක් ලෙස හැඳින්වේ
ආහාර නරක්වීමට බලපාන ප්‍රධාන සාධක වර්ග තුන නම් කරන්න
භෞතික සාධක
රසායනික හා ජීව රසායනික ක්‍රියා
ජීවී ක්‍රියා
භොතික සාධක සඳහා උදාහරණ:
තැලීම්, සීරීම් ආදියට භාජනය වීම
අධික උෂ්ණත්වයට භාජනය වීම
තෙතමනයට ලක් වීම
ආගන්තුක ද්‍රව්‍ය මිශ්‍ර වීම
ජීවී ක්‍රියා සඳහා උදාහරණ
ක්ෂුද්‍ර ජීවීන් ආහාර මත වර්ධනය වීම
කැරපොත්තන්, මීයන්, ගුල්ලන් වැනි මහා ජීවීන් ආහාර මත යැපීම
රසායනික හා ජීව රසායනික ක්‍රියා සඳහා උදාහරණ දක්වන්න
කහට පිපීම (පෙයාර්ස්, ඇපල්, අළු කෙසෙල්)
මුඩු වීම (බටර්)
අහිතකර රසායනික සංයෝග නිෂ්පාදනය වීම
කෘෂි රසායනික ද්‍රව්‍ය ආහාරවල අන්තර්ගත වීම
අවසර නොලත් රසායනික රසකාරක, වර්ණක අඩංගු වීම
මඤ්ඤෝකකා වාතයට නිරාවනය වූ විට __________________ නිපදවේ
හයිඩ්‍රජන් සයනයිඩ්
ආහාරයේ සෞක්යාරක්ෂිත බව රැකගැනීමට ඔබ අනුගමනය කල යුතු පිළිවෙත්
අමුද්‍රව්‍යවල ඉවත් කල යුතු කොටස් හා අපද්‍රව්‍ය ඉවත් කිරීම
තැලීම්, සීරීම් ආදී යාන්ත්‍රික හානිවලින් තොර අමුද්‍රව්‍ය භාවිතා කිරීම
පිරිසිදු ජලයෙන් කිහිප වතාවක් සෝදා ගැනීම
ආහාරය සකසන්නාගේ සෞක්යාරක්ශාව රැකගැනීමට අනුගමනය කල යුතු පිළිවෙත්:
හිස් හා මුඛ ආවරණ පැළඳීම
අත් ආවරණ භාවිතය
අත් හොඳින් පිරිසිදු කර තිබීම
සකස් කරන ස්ථානයේ සෞක්යාරක්ශාව තහවුරු කරන්නේ කෙසේද?
මේසය, කපන ලෑල්ල ආදිය පිරිසිදු විය යුතුය
භාජන ආදිය පිරිසිදු ජලය යොදා සෝදා තිබිය යුතුය