06 Inheritance Flashcards
1
Q
ආවේණික ලක්ෂණ යනු මොනවා ද?
A
පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ
2
Q
ආවේණික ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳ පරීක්ෂණ කළ මුල් ම පුද්ගලයා කවු ද?
A
ඔස්ට්‍රියානු ජාතික කතෝලික පූජකයෙක් මෙන් ම විද්‍යා උපාධිධාරියෙකු වූ ග්‍රෙගර් මෙන්ඩල්
3
Q
ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සැලෙකෙන්නේ කවු ද?
A
ග්‍රෙගර් මෙන්ඩල්
4
Q
ගෙවතු මෑ ශාකයේ විද්‍යාත්මක නාමය කුමක් ද?
A
Pisum sativum
5
Q
මෙන්ඩල් ආවේණිය පිළිබඳ පර්‍යේෂණ සිදු කළ වර්ෂය කුමක් ද?
A
1865
6
Q
මෙන්ඩල්ගේ පර්‍යේෂණ සඳහා ගෙවතු මෑ ශාකය තෝරා ගැනීමට හේතු මොනවා ද?
A
- පහසුවෙන් වගා කළ හැකි වීම
- ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබා ගත හැකි වීම
- නුමුහුම් ශාක ලබා ගත හැකි වීම
- පහසුවෙන් හඳුනා ගත හැකි පරස්පර ලක්ෂණ යුගල තිබීම
- ස්වාභාවික ව ස්ව- පරාගණය සිදු වීම හා අවශ්‍ය වූ විට පර-පරාගණය සිදු කළ හැකි වීම
- ශාක මුහුම් කිරීමේ දී පරම්පරාව දිගට ම ගෙන යා හැකි ජනිතයන් ලබා ගත හැකි වීම