05 Continuity of Organisms Flashcards
ප්‍රජනනය යනු කුමක් ද?
එක් ජීවී පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය
ජීවීන්ගේ ප්‍රජනනය සිදුවන ආකාර දෙක කුමක් ද?
- අලිංගික ප්‍රජනනය
- ලිංගික ප්‍රජනනය
අලිංගික ප්‍රජනනය යනු කුමක් ද?
පරිණත ජීවියෙකුගේ ඇති බීජාණු හෝ වර්ධක කොටස් මගින් නව ජීවියෙකු ඇති වීම
ලිංගික ප්‍රජනනය යනු කුමක් ද?
ලිංගික ප්‍රජනක ව්‍යුහ මගින් නිපදවනු ලබන ජන්මාණු සංයෝජනය සිදුවන ප්‍රජනන ක්‍රියාවලිය
ශාකවල ලිංගික ප්‍රජනක ව්‍යුහය කුමක් ද?
පුෂ්පය
ලිංගික හා අලිංගික ප්‍රජනනය අතර ඇති වෙනස්කම් මොනවා ද?
- අලිංගික ප්‍රජනනය සඳහා තනි මාතෘ ජීවියෙකු පමණක් දායක වේ
- ලිංගික ප්‍රජනනය සඳහා මාතෘ හා පීතෘ ලෙස ජීවීන් දෙදෙනෙකු දායක වේ
- අලිංගික ප්‍රජනනයෙන් මාතෘ ජීවියාට බොහෝ දුරට සමාන දුහිතෘ ජීවීන් බිහි වේ
- ලිංගික ප්‍රජනනයෙන් මාතෘ හා පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වේ
- අලිංගික ප්‍රජනනයේ දී ජන්මාණු නිපදවීමක් සිදු නො වන අතර, ලිංගික ප්‍රජනනයේ දී ජන්මාණු නිපදවයි
- අලිංගික ප්‍රජනනයේ දී ඌනන විභාජනය සිදු නො වන අතර ලිංගික ප්‍රජනනයේ දී ඌනන විභාජනය සිදු වේ
- අලිංගික ප්‍රජනනයෙන් නව ජීවී විශේෂ ඇති නො වන අතර, ලිංගික ප්‍රජනනයෙන් පරිසරයට උචිත නව ලක්ෂණ දරන නව විශේෂ ඇති විය හැකි ය
- අලිංගික ප්‍රජනනය මගින් විශාල ජනිතයන් ප්‍රමාණයක් කෙටි කලකින් බිහි කළ හැකි ය
- ලිංගික ප්‍රජනනයේ දී ජනිතයින් සංඛ්‍යාව වැඩි වන්නේ ඉතා සෙමිනි
- අලිංගික ප්‍රජනනය ශාකවල සහ පරිණාමික ව නොදියුණු සතුන් අතර දැකිය හැකි ය
- ලිංගික ප්‍රජනනය ශාකවල මෙන් ම පරිණාමික ව දියුණු සත්ත්වයන් තුළ දැකිය හැකි ය
ශාක ප්‍රජනනය කරන ක්‍රම දෙක කුමක් ද?
- අලිංගික ප්‍රජනනය
- ලිංගික ප්‍රජනනය
ශාකවල සිදුවන අලිංගික ප්‍රජනනය සඳහා උදාහරණයක් දෙන්න
වර්ධක ප්‍රජනනය
වර්ධක ප්‍රජනනය යනු කුමක් ද?
ශාකයක භූගත හෝ වායව කොටස් මගින් නව ශාක බිහි කර ගැනීමේ ක්‍රියාවලිය
වර්ධක ප්‍රචාරණයේ ආකාර දෙක කුමක් ද?
- ස්වාභාවික වර්ධක ප්‍රචාරණය
- කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය
ස්වාභාවික වර්ධක ප්‍රචාරණය යනු කුමක් ද?
ශාකයක භූගත ව හෝ වායව ලෙස පිහිටන කොටස් මගින් ස්වාභාවික ව නව ශාක බිහි කිරීම
ශාකවල විවිධ වර්ධක කොටස් නම් කරන්න
- මුල්
- පත්‍ර
- මොටියන්
- ධාවක
- බල්බිල
- භූගත කඳන්
මොටියන් ලෙස හැඳින්වෙන්නේ මොනවා ද?
පස තුළ ගිළුණු කඳේ පාදිය පෙදෙසින් හරස් අතට හට ගන්නා කුඩා පැළ
ධාවක ලෙස හැඳින්වෙන ශාක වර්ධක කොටස කුමක් ද?
පොළොවට සමාන්තර ව හා පොළොවට සම්බන්ධ ව පස මතුපිට ගමන් කරන ශාක කඳන්
බල්බිල යනු කුමක් ද?
වර්ධක අංකුරයක් හෝ පුෂ්ප අංකුරයක් විකරණය වීමෙන් තැනෙන විශේෂ ප්‍රජනක ව්‍යුහ
භූගත කඳන් යනු මොනවා ද?
ශාකවල පොළොව තුළ හට ගන්නා කඳන් quite obviously🤣
භූගත කඳන්වල කෘත්‍ය කුමක් ද?
- ආහාර සංචිත කිරීම
- අහිතකර කාල තරණය කිරීම
- වර්ධක ප්‍රජනනය
බාහිර ලක්ෂණ අනුව භූගත කඳන් බෙදෙන වර්ග මොනවා ද?
- රයිසෝමය
- කෝමය
- බල්බය
- ස්කන්ධ ආකන්දය
මුල් මගින් වර්ධක ප්‍රජනනය සිදු කරන ශාක සඳහා උදාහරණ මොනවා ද?
- බෙලි
- කරපිංචා
- පේර
- රටදෙල්
පත්‍ර යොදා ගෙන වර්ධක ප්‍රජනනය සිදු කරන ශාක සඳහා උදාහරණ මොනවා ද?
- අක්කපාන
- බිගෝනියා
- කඩුපුල්
මොටියන් මගින් වර්ධක ප්‍රජනනයේ යෙදෙන ශාක වර්ග සඳහා උදාහරණ මොනවා ද?
- ගොයම්
- කෙසෙල්
- අන්නාසි
- කලාඳුරු
- හුලංකීරිය
- කපුරු
ධාවක මගින් වර්ධක ප්‍රජනනයේ යෙදෙන ශාක සඳහා නිදසුන් මොනවා ද?
- ගොටුකොළ
- බතල
- මහා රාවණා රැවුල
බල්බිල මගින් නව ජීවීන් බිහි කරන ශාක වර්ග මොනවා ද?
- අන්නාසි
- හණ
- හොඬල
රයිසෝම මගින් වර්ධක ප්‍රජනනයේ යෙදෙන ශාක සඳහා උදාහරණ මොනවා ද?
- ඉඟුරු
- කහ
- බුත්සරණ
- අරත්ත
කෝම මගින් වර්ධක ප්‍රජනනයේ යෙදෙන ශාක සඳහා නිදසුන් මොනවා ද?
- ගහල
- කිරිඅල
- හබරල
- කිඩාරං
බල්බ මගින් වර්ධක ප්‍රජනනයේ යෙදෙන ශාක සඳහා උදාහරණ මොනවා ද?
- ලොකු ළූණු
- රතු ළූණු
- ලීක්ස්
ස්කන්ධ ආකන්ද මගින් වර්ගයා බෝ කරන ශාක සඳහා උදාහරණ මොනවා ද?
- අර්තාපල්
- ඉන්නල
කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය යනු කුමක් ද?
මිනිසාගේ මැදිහත් වීමෙන් සිදු කර ගන්නා ශාක බෝ කර ගැනීම
Yeah, that’s it..
කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය සිදු කරන ක්‍රම මොනවා ද?
- අතු කැබලි මුල් ඇද්දවීම
- අතු බැඳීම (ලේයර් කිරීම)
- බද්ධ කිරීම
- පටක රෝපණය
අතු කැබලි මුල් ඇද්දවීමේ දී සිදු කරන්නේ කුමක් ද?
මව් ශාකයෙන් කපා ගත් අතු කැබලි සිටු වීමෙන් නව ශාක බෝ කර ගැනීම
අතු කැබලි මුල් අද්දවා ගැනීමෙන් නව ශාක බෝ කර ගත හැකි ශාක වර්ග මොනවා ද?
- රෝස
- වද
- අරලිය
- රත්මල්
- බෝගන්විලා
- ක්‍රෝටන්
අතු බැඳීම හෙවත් ලේයර් කිරීම යනු කුමක් ද?
මව් ශාකයට සම්බන්ධ ව තිබිය දී ම අතු කැබලි මුල් අද්දවා ගැනීම
අතු බැඳීම් සිදු කරන ක්‍රම දෙක නම් කරන්න
- භූමි අතු බැඳීම
- වායව අතු බැඳීම
භූමි අතු බැඳීම යොදා ගන්නේ කුමක් සඳහා ද?
පොළොවට ආසන්න ව ඇති අතු මුල් අද්දවා ගැනීම සඳහා යොදා ගනී
භූමි අතු බැඳීමේ පියවර නම් කරන්න
- පොළොවට ආසන්න අත්තක් තෝරා ගෙන එහි යට පැත්තේ සුළු කැපුමක් යොදා පසට යට කරන්න
- සති කිහිපයකට පසු කැපුම් ස්ථානයේ මුල් හටගත් පසු ව මව් ශාකයෙන් වෙන් කර සිටුවන්න
භූමි අතු බැඳීම මගින් පැළ ලබා ගත හැකි ශාක වර්ග මොනවා ද?
- සමන් පිච්ච
- වැල් දෙහි
වායව අතු බැඳීම යොදා ගන්නේ කුමක් සඳහා ද?
පොළොවෙන් ඉහළ ඇති අතු මුල් අද්දවා ගැනීම සඳහා
වායව අතු බැඳීමෙහි පියවර මොනවා ද?
- පොළොවට ඉහළින් පිහිටා ඇති අත්තක් තෝරා ගෙන එහි කුඩා පොතු වළල්ලක් ඉවත් කරන්න
- එම පොතු වළල්ල මතට කොහුබත් සහ කොම්පෝස්ට් මිශ්‍රණයක් තබා පොලිතින් කැබැල්ලකින් වෙළන්න
- සති කිහිපයකින් මුල් හටගත් විට අත්ත කපා මව් ශාකයෙන් වෙන් කර සිටුවීම
වායව අතු බැඳීම යොදා ගත හැකි ශාක වර්ග මොනවා ද?
- දෙළුම්
- දෙහි
ශාක අතු බැඳීම හෙවත් ලේයර් ක්‍රමය මගින් ඇති වාසි මොනවා ද?
- බීජ නිපදවීම හොඳින් සිදු නො වන ශාක බෝ කර ගත හැකි වීම
- එකවර පැළ කිහිපයක් ලබා ගත හැකි වීම
බද්ධ කිරීම යනු කුමක් ද?
ශාකයක අංකුරයක් හෝ රිකිල්ලක් එම විශේෂයේ ම හෝ බන්ධුතා ඇති විශේෂයක ශාකයකට සම්බන්ධ කිරීම
බද්ධ කිරීමේ දී එකිනෙකට සම්බන්ධ කරන ශාක කොටස් දෙක කුමක් ද?
- ග්‍රාහකය
- අනුජය
ග්‍රාහකය යනු කුමක් ද?
බද්ධ කිරීමේ දී පසට සම්බන්ධ වන ශාක කොටස
ග්‍රාහකයක තිබිය යුතු ලක්ෂණ මොනවා ද?
- ශක්තිමත් මූල පද්ධතියක් දැරීම
- ඒකාකාර වර්ධනයක් සහිත වීම
- රෝගවලට සහ පාරිසරික වෙනස්වීම්වලට ඔරොත්තු දීම
අනුජය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
ශාක බද්ධ කිරීමේ දී වෙනත් ශාකයකින් ලබා ගෙන ග්‍රාහකයට බද්ධ කරන අංකුරය හෝ රිකිල්ල
අනුජයක තිබිය යුතු ලක්ෂණ මොනවා ද?
- යහපත් ලක්ෂණ සහිත ප්‍රභේදයක් වීම
- පළිබෝධයින් හා රෝගවලින් තොර වීම
ශාක බද්ධ කිරීමේ දී සිදුවන්නේ කුමන පටක එකිනෙකට බද්ධ වීමක් ද?
අනුජයේ හා ග්‍රාහකයේ කැම්බියම පටක එකිනෙකට බද්ධ වීමක්
ඒකබීජපත්‍රී ශාක බද්ධ කළ නො හැක්කේ ඇයි?
එහි කැම්බියම පටක නොමැති නිසා
ශාක බද්ධ කරන ප්‍රධාන ක්‍රම දෙක කුමක් ද?
- අංකුර බද්ධය
- රිකිලි බද්ධය
අංකුර බද්ධය යනු කුමක් ද?
ශාකයක අංකුරයක් අනුජය ලෙස තෝරා ගෙන ග්‍රාහකයකට බද්ධ කිරීම
අංකුර බද්ධයේ පියවර ලියා දක්වන්න
- සජීවී අංකුරයක් බද්ධ පිහියක් ආධාරයෙන් කපා වෙන් කර ගැනීම
- ග්‍රාහකයේ කැපුමක් යොදා (T,H,V) කැපුම තුළට අංකුරය ඇතුළු කිරීම
- එම ස්ථානය පොලිතින් පටිවලින් පහළ සිට ඉහළට වෙළීම
- ටික දිනකට පසු අංකුරය කොළ පාටින් වර්ධනය වන විට වෙළුම ලිහා, නැවතත් අංකුරය පිටතට සිටින සේ වෙළීම
- සති තුනකට පමණ පසු ව අංකුරය හොඳින් වර්ධනය වී ඇත්නම් බද්ධ කළ ස්ථානයට 15 cm පමණ ඉහළින් ග්‍රාහක කඳ කපා ඉවත් කිරීම
ග්‍රාහක කඳේ යොදන කැපුමේ හැඩය අනුව අංකුර බද්ධය හැඳින්වෙන නම් මොනවා ද?
- T බද්ධය
- H බද්ධය
- V බද්ධය
රිකිලි බද්ධය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
ශාක රිකිල්ලක් අනුජය ලෙස තෝරාගෙන ග්‍රාහකයට සම්බන්ධ කිරීම
රිකිලි බද්ධයේ පියවර දක්වන්න
- ඵල දරන ශාකයකින් රිකිල්ලක් තෝරා ගැනීම
- කැපුම් ස්ථානය තුවාල නො වන පරිදි රිකිල්ල කපා වෙන් කර ගැනීම
- කැම්බියම ස්පර්ෂ වන පරිදි රිකිල්ල ග්‍රාහකයට සම්බන්ධ කිරීම
- එම ස්ථානය පොලිතින් පටිවලින් පහළ සිට ඉහළට වෙළීම
- රිකිල්ල වර්ධනය වන බව නිරීක්ෂණය වූ විට වෙළුම ලිහා ඉවත් කිරීම
ග්‍රාහකයේ සහ අනුජයේ කෙළවරවල් කපාගන්නා හැඩය අනුව රිකිලි බද්ධය සිදු කරන ක්‍රම මොනවා ද?
- ආරුක්කු බද්ධය
- කූඤ්ඤ බද්ධය
ශාක බද්ධ කිරීමෙන් ලැබෙන වාසි මොනවා ද?
- අනුජයට හිමි ගති ලක්ෂණ සහිත දුහිතෘ ශාක ලබා ගත හැකි වීම
- ශක්තිමත් මූල පද්ධතියක් සහිත රෝගවලට ප්‍රතිරෝධී ශාක ලබා ගත හැකි වීම
- බීජ නිපදවීම හොඳින් සිදු නොවන ශාක බෝ කරගත හැකි වීම
ශාක බද්ධ කිරීමේ අවාසි මොනවා ද?
- ආයු කාලය කෙටි වීම
- සියලු ම ශාකවලට බද්ධ කළ නොහැකි වීම
- දැවමය වටිනාකම අඩු වීම
ක්ලෝන ශාක යනු මොනවා ද?
ශාකයකින් ලබා ගත් ජීවී වර්ධක පටක කොටසක් පාලනය කළ තත්ත්ව යටතේ රෝපණ මාධ්‍යය තුළ වගා කර ලබා ගත් මාතෘ ශාකයට ප්‍රවේණික සර්වසම නව ශාක
සර්වසම ශාක ක්ලෝන ලබා ගත හැකි ක්‍රමයක් නම් කරන්න
පටක රෝපණය
පටක රෝපණය සඳහා පටක ලබා ගන්නා ස්ථාන මොනවා ද?
- අග්‍රස්ථ අංකුරය
- පාර්ශ්වික අංකුරය
- මූලාග්‍රය
පටක රෝපණ මාධ්‍යයේ අඩංගු පෝෂක ද්‍රව්‍ය මොනවා ද?
- සුක්‍රෝස්
- ඛනිජ ලවණ
- විටමින්
- වර්ධක ද්‍රව්‍ය
පටක රෝපණයේ දී රෝපණ මාධ්‍යය ජෙලටිනීමය ස්වභාවයට පත්කර ගැනා සඳහා යොදා ගන්නේ මොනවා ද?
ඒගාර්
පටක රෝපණය සාර්ථක කර ගැනීම සඳහා පාලනය කළ යුතු තත්ත්ව මොනවා ද?
- ජීවාණුහරණය කිරීම
- උෂ්ණත්වය
- ආලෝකය
පටක රෝපණයේ පියවර ලියා දක්වන්න
- මව් ශාකයෙන් ලබා ගන්නා වර්ධක පටක කොටස රෝපණ මාධ්‍යයේ තැන්පත් කිරීම
- වර්ධක පටක කොටසේ කිණකය නම් නව පටකයක් සෑදෙන අතර එම කිණකයෙන් අලුත් මුල් සහ අංකුර වර්ධනය වීමට ඉඩ සැලසීම
- අංකුර වෙන් කර පරීක්ෂා නළ තුළ තවදුරටත් වර්ධනය වීමට තැබීම
- අංකුර වගා කටතුවලට සුදුසු වන පරිදි පරිසරයට උචිත ලෙස හැඩ ගැසීමට තැබීම
පටක රෝපණයේ වාසි මොනවා ද?
- මව් ශාකයට සර්වසම ලක්ෂ්ණ සහිත දුහිතෘ ශාක බිහිකර ගත හැකි වීම
- එකවර පැළ විශාල සංඛ්‍යාවක් ලබා ගත හැකි වීම
- කෙටි කාලයක් තුළ පැළ විශාල සංඛ්‍යාවක් ලබා ගත හැකි වීම
- ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ නිරෝගි පැළ විශාල සංඛ්‍යාවක් බෝ කර ගත හැකි වීම
- හිතකර ජානයක් සහිත දෙමුහුම් ශාක පටක කොටසක් පටක රෝපණය මගින් වගා කර නව ශාක විශාල ප්‍රමාණයක් ලබා ගත හැකි වීම
වර්ධක ප්‍රජනනයේ වාසි මොනවා ද?
- මව් ශාකයට සර්වසම දුහිතෘ ශාක ලබා ගත හැකි වීම
- බීජ නිපදවීම හොඳින් සිදු නො වන ශාක බෝකර ගත හැකි වීම
- ඉක්මනින් ඵල ලබා ගත හැකි ශාක බෝ කිරීම
- රෝග හා පළිබෝධවලට ප්‍රතිරෝධී ප්‍රභේද හඳුනාගෙන බෝ කළ හැකි වීම
- අහිතකර පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙන ප්‍රභේද සකස් කර ගත හැකි වීම
වර්ධක ප්‍රජනනයේ අවාසි මොනවා ද?
- නව ප්‍රභේද ඇති නොවීම
ශාකවල ලිංගික කොටස් සහිත ව්‍යුහය කුමක් ද?
පුෂ්පය
පුෂ්පයක කොටා වලයාකාර ව සැකසී ඇත්තේ කුමක් වටා ද?
පුෂ්ප ග්‍රාහකය වටා
පුෂ්පයක ප්‍රධාන කොටස් හතර නම් කරන්න
- මණිය
- මුකුටය/ දළ පත්‍ර වලය
- පුමංගය/ රේණුව
- ඡායාංගය
පුෂ්පයක පිටතින් ම ඇති ව්‍යුහය කුමක් ද?
මණිය
මණිපත්‍ර වල කාර්‍යභාරය කුමක් ද?
ළපටි අවධියේදී පුෂ්පයේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීම
පුෂ්ප සඳහා මුකුටයෙන් සිදුවන කාර්‍යයන් මොනවා ද?
- ළපටි අවධියේ දී අභ්‍යන්තර පුෂ්ප කොටස් සඳහා ආරක්ෂාව සැපයීම
- පරාගනය සඳහා කෘමීන් ආකර්ෂණය
පුෂ්පයක ඇති පුං ප්‍රජනක ව්‍යුහය කුමක් ද?
පුමංගය හෙවත් රේණුව
පුමංගයේ කොටස් දෙක නම් කරන්න
1.පරාගධානිය
2. සූත්‍රිකාව
පුෂ්පයක පරාගකෝෂ පිහිටන්නේ කුමක් තුළ ද?
පරාගධානිය තුළ
ඡායාංගය සකස් වී ඇති කොටස් තුන නම් කරන්න
- කලංකය
- කීලය
- ඩිම්බකෝෂය
පුෂ්පයක ඇති ඡායා ප්‍රජනක ව්‍යුහය කුමක් ද?
ඡායාංගය
පුෂ්පයක ඩිම්බ පිහිටා ඇත්තේ කුමක් තුළ ද?
ඩිම්බ කෝෂය තුළ
ශාකවල පුං ප්‍රජනක සෛලය ලෙස ක්‍රියා කරන්නේ කුමක්ද?
පරාගය
ශාකවල ඡායා ප්‍රජනක සෛලය ලෙස ක්‍රියා කරන්නේ කුමක්ද?
ඩිම්බය
ද්වි ලිංගික පුෂ්ප යනු කුමන පුෂ්ප ද?
පුං හා ඡායා කොටස් දෙක ම ඇති පුෂ්ප
ද්වි ලිංගික පුෂ්ප සඳහා උදාහරණ මොනවා ද?
- වද
- වැල්දොඩම්
- මිරිස්
- කතුරුමුරුංගා
ඒක ලිංගික පුෂ්ප යනු කුමක් ද?
පුං හා ඡායා යන කොටස් දෙකෙන් එක කොටසක් පමණක් ඇති පුෂ්ප
ඒක ලිංගික පුෂ්පවල ආකාර දෙක නම් කරන්න
- පුමංගී පුෂ්ප
- ඡායාංගී පුෂ්ප
පුමංගී පුෂ්ප සඳහා උදාහරණ මොනවා ද?
- වට්ටක්කාවල බොරු මල්
- බඩඉරිඟුවල අග්‍රයේ (පුෂ්ප මංජරියේ) පිපෙන මල්
ඡායාංගී පුෂ්ප සඳහා උදාහරණ මොනවා ද?
- වට්ටක්කාවල ගෙඩි හටගන්නා මල්
- බඩ ඉරිඟුවල කරල් හට ගන්නා මල්
ඒකගෘහී ශාක ලෙස හැඳින්වෙන්නේ කුමන ශාක ද?
පුමංගී හා ඡායාංගී පුෂ්ප එක ම ශාකයේ හට ගන්නා ශාක
ඒකගෘහී ශාක සඳහා නිදසුන් මොනවා ද?
- වට්ටක්කා
- බඩඉරිඟු
- පොල්
- කරවිල
ද්විගෘහී ශාක යනුවෙන් හැඳින්වෙන්නේ කුමන ශාක ද?
පුමාංගී හා ඡායාංගී යන පුෂ්ප දෙවර්ගය වෙන වෙන ම ශාක දෙකක හට ගන්නා ශාක වර්ග
ද්විගෘහී ශාක සඳහා උදාහරණ මොනවා ද?
- පැපොල්
- වැලිස්නේරියා
පරාගණය යනු කුමක් ද?
පුෂ්පයක පරිණත පරාග එම විශේෂයේ ම පුෂ්පයක කලංකය මත තැන්පත්වීමේ ක්‍රියාවලිය
පරාගණය සිදුවන ආකාර දෙක නම් කරන්න
- ස්ව පරාගණය
- පර පරාගණය
ස්ව පරාගණය යනු කුමක් ද?
පුෂ්පයක පරිණත පරාග එම පුෂ්පයේ ම කලංකය මත තැන්පත් වීම
පර පරාගණය යනු කුමක් ද?
පුෂ්පයක පරිණත පරාග එම ශාකයේ ම හෝ එම විශේෂයේ වෙනත් ශාකයක පුෂ්පයක කලංකය මත තැන්පත් වීමේ ක්‍රියාවලිය
ඇතැම් පුෂ්ප ස්ව පරාගණය වීම වැළැක්වීමට අනුවර්තනය වී ඇත්තේ ඇයි
පර පරාගණය තුළින් අලුත් ලක්ෂණ සහිත ශක්තිමත් පරම්පරාවක් බිහි වීමට උපකාරී වීම
ශාක ස්ව පරාගණය වළක්වා ගෙන පර පරාගනය සිදු කිරීම සඳහා දක්වන අනුවර්තන මොනවා ද?
- ඒක ලිංගික පුෂ්ප හට ගැනීම
- ස්ව වන්ධ්‍යතාව
- යෝගබාධකතාව
- බාහිරාවර්තී රේණු පිහිටීම
- අසම පරිණතිය
ස්ව වන්ධ්‍යතාව යනු කුමක් ද?
පුෂ්පයක පරාග එම පුෂ්පයේ ම කලංකය මත තැන්පත් වූ විට ඵල හට නොගැනීම
ස්ව වන්ධ්‍යතාව දක්වන ශාක සඳහා උදාහරණ මොනවා ද?
වැල් දොඩම්
යෝගබාධකතාව යනු කුමක් ද?
පුෂ්පයක රේණු හා කලංක එකිනෙකින් දුරස් ව පිහිටීම
යෝගබාධකතාව දක්වන පුෂ්ප සඳහා උදාහරණ මොනවා ද?
- මිනීමල්
- ඕකිඩ්
බාහිරාවර්තී රේණු පිහිටීම යනු කුමක් ද?
කලංකය ඍජු ව ඇති විට රේණු නැවී පිහිටීම හෝ රේණු ඍජු ව ඇති විට කලංකය නැවී පිහිටීම
බාහිරාවර්තී රේණු පිහිටීම දක්වන ශාක සඳහා උදාහරණ මොනවා ද?
- පින්න
- පිච්ච
අසම පරිණතිය යනු කුමක් ද?
ඡායාංගයට පෙර පුමංගය පරිණත වීම හෝ පුමංගයට පෙර ඡායාංගය පරිණත වීම
ප්‍රපුං පරිණතිය යනු කුමක් ද?
ඡායාංගයට පෙර පුමංගය පරිණත වීම
ප්‍රජායා පරිණතිය යනු කුමක් ද?
පුමංගයට පෙර ජායාංගය පරිණත වීම
අසම පරිණතිය දක්වන පුෂ්ප සඳහා උදාහරණ මොනවා ද?
- බඩඉරිඟු
- ට්‍රයිඩැක්ස්
ප්‍රධාන පරාගණ කාරක මොනවා ද?
- සතුන්
- සුළඟ
- ජලය
සතුන් මගින් පරාගණය වන පුෂ්ප හැඳින්වෙන නම කුමක් ද?
සත්ත්වකාමී පුෂ්ප
සතුන් අතරින් වැඩි වශයෙන් පරාගණය සඳහා දායක වන්නේ කුමන සතුන් ද?
කෘමීන්
කෘමීන් ආකර්ෂණය කර ගෙන පරාගණ ක්‍රියාවලිය සිදු කර ගැනීම සඳහා සත්ත්වකාමී පුෂ්ප දරන අනුවර්තන මොනවා ද?
- පුෂ්ප විශාල වීම
- පුෂ්ප වර්ණවත් වීම
- කෘමීන් රවටන හැඩ දැරීම
- පුෂ්ප සුවඳවත් වීම
- මධු කෝෂ පිහිටා තිබීම
- සතුන්ගේ ශරීරයේ තැවරිය හැකි ආකාරයට රේණු හා කලංක පිහිටා තිබීම
- පරාග ඇලෙන සුළු වීම
- කලංක ඇලෙන සුළු වීම
සතුන් මගින් පරාගණය වන පුෂ්ප සඳහා නිදසුන් මොනවා ද?
- වැල් දොඩම්
- දඹල
- කතුරුමුරුංගා
- තම්බර්ජියා
සුළඟ මගින් පරාගණය වන පුෂ්ප හැඳින්වෙන නම කුමක් ද?
වාතකාමී පුෂ්ප
වාතකාමී පුෂ්ප පරාගණ ක්‍රියාවලිය හොඳින් සිදුකර ගැනීම සඳහා දරන අනුවර්තන මොනවා ද?
- පුෂ්ප ශාකයේ අග්‍රස්ථයේ පිහිටීම
- පරාග විශාල ප්‍රමාණයක් නිපදවීම
- පරාග කුඩා වීම හා සැහැල්ලු වීම
- අතු බෙදුණු කලංක පිහිටීම
- පුෂ්ප මංජරී ලෙස පිහිටීම
වාතකාමී පුෂ්ප සඳහා නිදසුන් මොනවා ද?
- වී
- බඩඉරිඟු
- පොල්
- තෘණ
ජලය මගින් පරාගණය වන පුෂ්ප හැඳින්වෙන නම කුමක් ද?
ජලකාමී පුෂ්ප
ජලකාමී පුෂ්ප සඳහා නිදසුන් මොනවා ද?
වැලිස්නේරියා
බොහෝ දුරට ඒක ලිංගික පුෂ්ප පිහිටන්නේ කුමන ආකාරයට පරාගණය වන ශාකවල ද?
වාතකාමී හා ජලකාමී ශාකවල
ඩිම්බයක් හා පරාග සංසේචනය වීමේ ක්‍රියාවලිය විස්තර කරන්න
- පරාගණයේ දී පුෂ්පයක පරාග එම පුෂ්පයේ ම හෝ වෙනත් පුෂ්පයක පරාග මත තැන්පත් වේ
- පරාග කලංකය මත තැන්පත් වූ පසු කලංකය මත ඇති සීනි ද්‍රාවණය නිසා උත්තේජනය වී පරාග ප්‍රරෝහණය ආරම්භ වේ
- පරාග ප්‍රරෝහණයේ දී පරාග නාළය කීලය ඔස්සේ වර්ධනය වී ඩිම්බකෝෂය තුළ ඇති ඩිම්බයට ළඟා වේ
- පරාගය තුළ ඇති පුං ජන්මාණුව ඩිම්බකෝෂය තුළ ඇති ඩිම්බය සමඟ සංයෝජනය වීමෙන් යුක්තාණුව සෑදේ
සංසේචනයෙන් පසු ව පුෂ්පයේ සිදු වන වෙනස්කම් මොනවා ද?
- ඩිම්බකෝෂය ඵලය බවට පත් වීම
- ඩිම්බකෝෂ බිත්තිය ඵලාවරණය බවට පත් වීම
- සංසේචිත ඩිම්බ, බීජ බවට පත් වීම සහ ඩිම්බාවරණය, බීජාවරණය බවට පත් වීම
- සාමාන්‍යයෙන් මණිපත්‍ර, දළපත්‍ර, රේණු සහ කලංකය ආදිය හැලී යයි
- ඇතැම් පුෂ්පවල මණිපත්‍ර සංසේචනයෙන් පසු ව ද හැලී නොයයි, ඒවා මාංසල වී ඵලාවරණය හා බද්ධ වී පවතී
සංසේචනයෙන් පසු මණිපත්‍ර හැලී නොයන පුෂ්ප මොනවා ද?
- මැංගුස්
- පේර
- වම්බටු
- ජම්බු
සංසේචනයෙන් තොර ව ඵල හට ගැනීමේ ක්‍රියාවලිය හැඳින්වෙන නම කුමක් ද?
පාතනෝඵලනය
පාතනෝඵලනය මගින් ඵල ලබා ගන්නා ශාක වර්ග මොනවා ද?
- මිදි
- ඇපල්
- දොඩම්
ඵල හා බීජ ව්‍යාප්තිය යනු කුමක් ද
ශාකයක හටගත් ඵල හා බීජ මව් ශාකයෙන් ඈතට විසිරීම
ඵල හා බීජ ව්‍යාප්තිය මගින් ශාක සම්පූර්ණ කරගන්නා අවශ්‍යතා මොනවා ද?
- අත්‍යවශ්‍ය සාධක සඳහා ඇති තරඟය අවම කිරීම
- නව වාසස්ථාන සොයා ගැනීම
- විවිධත්වයෙන් වැඩි වීම
- පළිබෝධයින්ගෙන් හා රෝගකාරකයින්ගෙන් ආරක්ෂා වීම
ඵල හා බීජ ව්‍යාප්ත වන ක්‍රම මොනවා ද?
- සතුන්
- සුළඟ
- ජලය
- ස්ඵෝටනය
සතුන් මගින් ඵල හා බීජ ව්‍යාප්ත කර ගැනීම සඳහා ඒවා දරන අනුවර්තන මොනවා ද?
- ආහාරයට ගත හැකි මාංසල කොටස් තිබීම
- අඹ, ගස්ලබු
- ආකර්ෂණීය වර්ණ දැරීම
- කජු පුහුලන්, කෙසෙල්
- ඇලීමට උපකාරී වන කොකු හෝ රෝම ආදිය දැරීම
- නාග දරණ, තුත්තිරි, ඇපල
- සතුන් නොමග යවන හැඩ හා රටා තිබීම
- එඬරු, ඔළිඳ, මදටිය, කරවිල
සුළඟ මගින් ඵල හා බීජ ව්‍යාප්තිය සිදු කර ගැනීම සඳහා එම ඵල හා බීජ දරන අනුවර්තන මොනවා ද?
- බීජ ඉතා සැහැල්ලු වීම
- ඕකිඩ් - පාවීමට ආධාර වන කෙඳි වැනි ව්‍යුහ දැරීම
- හොර, ගම්මාලු, මුරුංගා - ඵල හා බීජ ශාකයේ අග්‍රස්ථයේ හට ගැනීම
- මැහෝගනී, හොර - ඵල හා බීජ විශාල ප්‍රමාණයක් ඇති වීම
- තෘණ, මැහෝගනී, වරා, කොට්ට පුළුන්
ජලය මගින් ව්‍යාප්ත වන ඵල හා බීජවල දැකිය හැකි ලක්ෂණ මොනවා ද?
- පාවීමට ආධාර වන සවිවර, තන්තුමය ඵලාවරණ දැරීම
- පොල්, කොට්ටම්බා, දිය කදුරු - පාවීමට ආධාර වන හැඩ ඇති ඵලාවරණ දැරීම
- නෙළුම් - වාතය පිරි කවච දැරීම
- ඕලු
ස්ඵෝටනය මගින් බීජ ව්‍යාප්තිය සිදුවන ඵලවල ඵලාවරණය පිපිරී බීජ ඈතට ව්‍යාප්ත වීමට හේතු වන සාධක මොනවා ද?
- ස්පර්ෂය
- තෙත් වීම
- වියළි පරිසර තත්‍ත්ව
ස්ඵෝටන යාන්ත්‍රණය මගින් බීජ ව්‍යාප්තිය සිදුවන ශාක වර්ග මොමවා ද?
- බණ්ඩක්කා
- මදටිය
- රබර්
- කූඩළු
බීජ ප්‍රරෝහණය යනු කුමක් ද?
බීජය තුළ ඇති කළලය ක්‍රියාශීලී වී වර්ධනය වෙමින් බීජ පැළයක් බිහි වීම
බීජ ප්‍රරෝහණය සඳහා වැදගත් වන සාධක මොනවා ද?
- බීජයේ ජීව්‍යතාව
- වාතය (ඔක්සිජන්)
- ජලය
- උෂ්ණත්වය
බීජ ප්‍රරෝහණයේ දී සිදු වන්නේ කුමක් ද?
- ජලය මගින් බීජ පත්‍ර තුළ ඇති එන්සයිම සක්‍රිය කරයි
- එම එන්සයිම බීජයේ සංචිත වී ඇති ආහාර සරල ආහාර බවට අත් කරයි
- එම ආහාර මගින් බීජාංකුරය හා බීජ මූලය වර්ධනය වේ
බීජ සුප්තතාව යනු කුමක් ද?
ප්‍රරෝහණයට අවශ්‍ය සාධක පැවතුන ද බීජ ප්‍රරෝහණය නො වීම
බීජ සුප්තතාව ඇති වන්නේ කුමකට අනුවර්තනය වීමක් ලෙස ද?
අහිතකර පරිසර තත්ත්වවලට අනුවර්තනයක් ලෙස
බීජ සුප්තතාව සඳහා බලපාන හේතු මොනවා ද?
- කලලය පරිණත නො වී තිබීම
- ඔක්සිජන් හෝ ජලය සඳහා බීජාවරණය අපාරගම්‍ය වීම
බීජවල සුප්තතාව ඉවත් කිරීම සඳහා අනුගමනය කරන ක්‍රම මොනවා ද?
- ප්‍රරෝහණයට ප්‍රථම බීජ ටික කාලයක් ගබඩා කර තිබ
- බීජ ප්‍රරෝහණයට පෙර පිටතින් ඇති බූව කොටස පිළිස්සීම
- තේක්ක - බීජාවරණය ඉවත් කර ප්‍රරෝහණයට යොදා ගැනීම
- දොඩම් - බීජ ප්‍රරෝහණයට පෙර උණු ජලය තුළ බහාලීම
- ඉපිල් ඉපිල් - බීජ ප්‍රරෝහණයට පෙර තැලීම
- නෙල්ලි
යොවුනුදාව යනු කුමක් ද?
ලිංගික වශයෙන් පරිණත වීම හෙවත් යොවුන් විය උදා වීම
ද්වීතියික ලිංගික ලක්ෂණ යනු මොනවා ද?
යොවුනුදාවත් සමඟ ස්ත්‍රීන්ගේ හා පුරුෂයින්ගේ ඇති වන ලක්ෂණ
පුරුෂයින් තුළ ද්වීතියික ලක්ෂණ ඇති වන වයස කුමක් ද?
අවුරුදු 13-16
පුරුෂයින් තුළ ද්වීතියික ලිංගික ලක්ෂණ ඇති වන්නේ කුමන හෝමෝනයේ බලපෑම නිසා ද?
ටෙස්ටොස්ටෙරෝන්
පුරුෂයින් තුළ ඇතිවන ද්වීතියික ලිංගික ලක්ෂණ මොනවා ද?
- මුහුණ, පපුව, කිහිලි, ඉකිලි හා ප්‍රජනක අවයව අවට රෝම වැඩීම
- ස්වරාලය විශාල වී කටහඬ ගැඹුරු වීම
- උරහිස් පළල් වීම
- අස්ථි හා පේශි වර්ධනය වේගවත් වී දේහය විශාල වීම
- ප්‍රජනක අවයව වර්ධනය වී විශාල වේ
- වෘෂණ කෝෂවල ශුක්‍රාණු නිපදවීම ආරම්භ වේ
ස්ත්‍රීන් තුළ ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිවන වයස කුමක් ද?
අවුරුදු 10-14
ස්ත්‍රීන් තුළ ද්වීතියික ලිංගික ලක්ෂණ ඇති වීම සඳහා බලපාන හෝමෝන මොනවා ද?
- ඊස්ට්‍රජන්
- ප්‍රොජෙස්ටෙරොන්
ස්ත්‍රීන් තුළ ද්වීතියික ලිංගික ලක්ෂණ මොනවා ද?
- කිහිලි, ඉකිලි හා ප්‍රජනක අවයව අවට රෝම වැඩීම
- ස්තන ග්‍රන්ථි වර්ධනය වීම
- උකුල පළල් වීම
- අධශ්චර්මයේ මේදය තැන්පත් වී දේහය පුෂ්ටිමත් වීම
- අස්ථි හා පේශි වර්ධනය වේගවත් වී දේහය විශාල වීම
- ඔසප් චක්‍රය ආරම්භ වීම
පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස් මොනවා ද?
- වෘෂණ යුගල
- අපිවෘෂණ යුගල
- ශුක්‍ර නාල යුගල
- ශුක්‍ර ආශයිකා යුගල
- පුරස්ථ ග්‍රන්ථිය
- කූපර් ග්‍රන්ථි යුගල
- ශිෂ්ණය
සියලු ශුක්‍ර නාලිකා වෘෂණයෙන් පිටතට පැමිණ ඇතුළුවන සංවලිත නාලය කුමක් ද?
අපිවෘෂණය
වෘෂණ යුගලය කුමන හැඩයක් ගනී ද?
අණ්ඩාකාර හැඩයක්
වෘෂණ යුගල පිහිටා ඇති සම් ආවරණය හැඳින්වෙන නම කුමක් ද?
වෘෂණ කෝෂ
ශුක්‍රාණු නිපදවීම සිදු වන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ කුමන අවයවය තුළ ද?
වෘෂණ තුළ
වෘෂණයක ව්‍යුහය පැහැදිලි කරන්න
- එක් වෘෂණයක්, වෘෂණ අනුඛණ්ඩිකා 250 කින් පමණ යුක්ත වේ
- මේවායේ ශුක්‍රධර නාලිකා නම් සංවලිත නාලිකා 1000 ක් පමණ ඇත
- ශුක්‍රධර නාලිකා තුළ ශුක්‍රාණු මාතෘ සෛල දක්නට ලැබේ
ශුක්‍රාණු මාතෘ සෛල පිහිටන්නේ කොහේ ද?
ශුක්‍රධර නාලිකා තුළ
පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි මොනවා ද?
- ශුක්‍ර ආශයිකා යුගල
- පුරස්ථ ග්‍රන්ථිය
- කූපර් ග්‍රන්ථිය
පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථිවලින් නිපදවන සුදු පැහැති ස්‍රාවයේ කෘත්‍ය කුමක් ද?
- ශුක්‍රාණු පරිවහනය
- ශුක්‍රාණුවලට පෝෂණය සැපයීම
ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට සම්ප්‍රේෂණය කිරීම සඳහා වැදගත් වන අවයවය කුමක් ද?
ශිෂ්ණය
ශිෂ්ණයේ කෙළවර හැඳින්වෙන නම කුමක් ද?
ශිෂ්ණ මුණ්ඩය
ශිෂ්ණය ආවරණය කරන සම් පටලය ගැඳින්වෙන නම කුමක් ද?
පෙරසම
ශුක්‍ර තරලයෙහි අඩංගු වන්නේ මොනවා ද?
- ශුක්‍රාණු
- ශුක්‍ර ආශයිකා යුගල, පුරස්ථ හා කූපර් ග්‍රන්ථිවලින් ස්‍රාවය කරන ස්‍රාව
දේහයෙන් බාහිර ව වෘෂණ යුගල පිහිටා ඇත්තේ ඇයි?
නිරෝගී ශුක්‍රාණු සෑදීම සඳහා දේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් පැවතීම අවශ්‍ය නිසා
පරිණත ශුක්‍රාණුවක ලක්ෂණය කුමක් ද?
සචල වීම
ශුක්‍රාණුවක කොටස් මොනවා ද?
- හිස
- මධ්‍ය කොටස
- වලිගය
පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්‍යය නම් කරන්න
- ටෙස්ටොස්ටෙරොන් නිපදවීම
- ශුක්‍රාණු නිපදවීම
- ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඇතුළු කිරීම
ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස් මොනවා ද?
- ඩිම්බකෝෂ
- පැලෝපීය නාලය
- ගර්භාෂය
- යෝනි මාර්ගය
ඩිම්බකෝෂ යුගලය දේහය තුළ ස්ථනගත වී ඇත්තේ කෙසේ ද?
උදර කුහරය තුළ ශ්‍රෝණි පෙදෙසෙහි පාර්ශ්වික බිත්තිවලට ආසන්න ව
ඩිම්බ නිපදවෙන්නේ කුමක් තුළ ද?
ඩිම්බකෝෂයෙහි ඇති ස්‍යුනිකා තුළ
ඩිම්බකෝෂයක හරස්කඩක දැකිය හැකි කලාප දෙක කුමක් ද?
- බාහිකය
- මජ්ජාව
ප්‍රාථමික ස්‍යුනිකා වර්ධනය වීමේ අවස්ථා ලියා දක්වන්න
- ප්‍රාථමික ස්‍යුනිකා
- ග්‍රාෆීය ස්‍යුනිකා
- පීත දේහ
- ශ්වේත දේහ
පැලෝපීය නාලයේ ඩිම්බකෝෂයට ආසන්න කෙළවර ඇති පුනීලාකාර කඩරැලි නම් ව්‍යුහයේ කෘත්‍ය කුමක් ද?
ඩිම්බය පැලෝපීය නාළයට ඇතුළත් කර ගැනීම
ගර්භාෂයේ ඇති කලාප තුන මොනවා ද?
- බුද්නය
- දේහය
- ග්‍රීවය/ ගැබ් ගෙල
පැලෝපීය නාළ සම්බන්ධ වන්නේ ගර්භාෂයේ කුමන කලාපයට ද?
බුද්නය ප්‍රදේශයට
ස්ත්‍රීන්ගේ ඩිම්බ නිපදවීම ආරම්භ වන්නේ කුමන අවස්ථාවේ සිට ද?
භ්‍රෑණ අවස්ථාවේ සිට
උපදින විට එක් ඩිම්බ කෝෂයක ඇති ප්‍රාථමික ස්‍යුනිකා ගණන කොපමණ ද?
200 000 - 400 000
ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කාර්‍යය කුමක් ද?
- ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරොන් හෝමෝන නිපදවීම
- ස්ත්‍රී ප්‍රජනක සෛල වන ඩිම්බ වර්ධනය කිරීම
- භ්‍රෑණය වර්ධනයට අවකාශ සැලසීම
එක් ආර්තව චක්‍රයක් සම්පූර්ණ වීමට ආසන්න වශයෙන් ගතවන කාලය කොපමණ ද?
දින 28 කි
ආර්තව චක්‍රයේ දී සිදුවන වෙනස්වීම්වලට ලක්වන ස්ථාන මොනවා ද?
- ඩිම්බකෝෂ
- ගර්භාෂය
ඩිම්බකෝෂය තුළ සිදුවන වෙනස්කම් බෙදා දක්වා ඇති අවධි දෙක කුමක් ද?
- ස්‍යුනිකා අවධිය
- ලුයුටියල් අවධිය
ඩිම්බකෝෂයේ ඇති ප්‍රාථමික ස්‍යුනිකා වර්ධනය උත්තේජනය කරන හෝර්මෝනය කුමක් ද?
Follicle Stimulating Hormone - FSH
ස්‍යුනිකා අවධියේ දී ඩිම්බකෝෂයෙන් වැඩි වශයෙන් ස්‍රාවය කරන හෝර්මෝනය කුමක් ද?
ඊස්ට්‍රජන්
ස්‍යුනිකා අවධිය සඳහා ගතවන දින ගණන කීය ද?
දින 14 ක් පමණ
ලුයුටියල් අවධිය යනු කුමක් ද?
LH හෝර්මෝනයේ බලපෑමෙන් පරිණත ග්‍රාෆී ස්‍යුනිකාවකින් ඩිම්බයක් මුදා හැරීමේ සිට එම ස්‍යුනිකාව ශ්වේත දේහයක් බවට පත් වී පරිහාණියට පත්වීම දක්වා අවස්ථාව
ස්‍යුනිකා අවධිය යනු කුමක් ද?
ඩිම්බකෝෂය තුළ ඇති ප්‍රාථමික ස්‍යුනිකාවක් FSH හෝර්මෝනයේ බලපෑමෙන් ග්‍රාෆී ස්‍යුනිකාවක් බවට පත් වී ඩිම්බයක් මුදා හැරීමට හැකි තත්ත්වය දක්වා වර්ධනය වීමේ අවධිය
FSH හා LH හෝර්මෝන ස්‍රාවය කරන ග්‍රන්ථිය කුමක් ද?
පිටියුටරි ග්‍රන්ථිය
ලුයුටියල් අවධිය සඳහා බලපාන හෝර්මෝනය කුමක් ද?
Luteinizing Hormone - LH
ලුයුටියල් අවධියේ දී ඩිම්බකෝෂයෙන් ස්‍රාවය කරන හෝර්මෝනය කුමක් ද?
ප්‍රොජෙස්ටෙරොන්
ඩිම්බය සංසේචනය නො වූ අවස්ථාවක දී ගර්භාෂය තුළ සිදුවන වෙනස්වීම් බෙදා ඇති අවධි මොනවා ද?
- ආර්තව අවධිය (1 - 4)
- ප්‍රගුණන අවධිය (4 - 14)
- ස්‍රාවී අවධිය (14 - 28)
ආර්තව අවධිය යනු කුමක් ද?
වර්ධනය වූ ගර්භාෂ බිත්තිය බිඳ වැටී, එම කොටස් රුධිරය සමඟ යෝනි මාර්ගය ඔස්සේ දේහය ඔස්සේ පිට වන අවධිය
ආර්තව ප්‍රවාහය යනු කුමක් ද?
ආර්තව අවධියේ දී බිඳ වැටුණු ගර්භාෂ කොටස් රුධිරයත් සමග යෝනි මාර්ගයෙන් පිටවීම
සාමාන්‍යයෙන් ආර්තව ප්‍රවාහය පවතින දින ගණන කීය ද?
දින 4 ක් පමණ
ආර්තව අවධිය/ ආර්තවය සඳහා බලපාන හෝර්මෝනය කුමක් ද?
ප්‍රොජෙස්ටෙරොන්
(Decline in progesterone causes lining of uterus to shed)
ප්‍රගුණන අවධිය යනු කුමක් ද?
බිඳ වැටුණු ගර්භාෂ බිත්තිය ඊස්ට්‍රජන් හෝර්මෝනයේ බලපෑම නිසා ක්‍රමයෙන් වර්ධනය වන අවධිය වේ. මේ අවධියේ දී ගර්භාෂයේ ඇතුළු බිත්තියේ නව සෛල තට්ටුවක් ඇති වීම හා වාහිනීවීමත් සිදු වේ
ප්‍රගුණන අවධිය සඳහා ගතවන දින ගණන කීය ද?
දින 10ක් පමණ
ස්‍රාවී අවධිය යනු කුමක් ද?
ප්‍රගුණන අවධියේ දී වර්ධනය වූ ගර්භාෂ බිත්ති ප්‍රොජෙස්ටෙරොන් හෝර්මෝනය නිසා තවදුරටත් වර්ධනය වීම, රුධිර සැපයුම බහුල වීම හා ගර්භාෂ බිත්ති ග්‍රන්ථි ක්‍රියාත්මක වී ස්‍රාවී තත්ත්වයට පත්වන අවධිය
ස්‍රාවී අවධිය සඳහා ගතවන දින ගණන කොපමණ ද?
දින 14 ක් පමණ
ආර්තව චක්‍රයේ ඇති අවධි අතුරින් දේහ උෂ්ණත්වය තරමක් ඉහළ යාම සිදුවන අවධිය කුමක් ද?
ස්‍රාවී අවධිය
සංසේචනය යනු කුමක් ද?
ඩිම්බ සෛලයේ හා ශුක්‍රාණු සෛලයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය එකතු වීම
සංසේචනය වූ ඩිම්බය හැඳින්වෙන නම කුමක් ද?
යුක්තාණුව
ගර්භාෂ බිත්ති පටක විඛාදනය කරමින් එහි තැන්පත් වන අවස්ථාවේ දී කලලය හැඳින්වෙන නම කුමක් ද?
මොරුලාව
අධිරෝපණය යනු කුමක් ද?
මොරුලාව ගර්භාෂ බිත්ති විඛාදනය කරමින් එහි තැන්පත් වීම
සංසේචනය සිට අධිරෝපණය දක්වා කලලයේ අවස්ථා මොනවා ද?
සංසේචනය
දින 1 : යුක්තාණුව
දින 2 : සෛල 2
දින 3 : සෛල 4
දින 4 : සෛල 16
දින 5 : මොරුලාව (අධිරෝපණය)
දින 6 : බ්ලාස්ටූලාව
කලල පටල නම් ආරක්ෂක පටල වර්ධනය වන්නේ සංසේචනයෙන් කුමන කාලයකට පසු ද?
සති 6 කට පමණ පසු
සති 9 ක් පමණ වයස් වූ කලලය හඳුන්වන නම කුමක් ද?
භ්‍රෑණය
භ්‍රෑණයේ කලල පටල හා ගර්භාෂයේ ඇතුළත බිත්ති එක් වී සාදන ව්‍යුහය කුමක් ද?
කලල බන්ධය
කලලබන්ධය තුළට විසරණය වන්නේ මොනවා ද?
මවගේ රුධිරයේ අඩංගු පෝෂ්‍ය ද්‍රව්‍ය හා ඔක්සිජන්
පෙකණිවැල ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
කලලබන්ධය සහිත ක්ෂීරපායීන්ගේ මව සහ භ්‍රෑණය අතර සම්බන්ධතාව ඇති කරන ධමනියක් සහ ශිරාවක් සහිත පටක කොටසකි
පෙකණිවැල නමින් හඳුන්වන ව්‍යුහයේ කෘත්‍ය කුමක් ද?
- කලලබන්ධය තුළට විසරණය වූ පෝෂක ද්‍රව්‍ය හා ඔක්සිජන් භ්‍රෑණයට පරිවහනය කිරීම
- භ්‍රෑණය මගින් නිපදවෙන අපද්‍රව්‍ය බැහැර කිරීම
මවගෙන් භ්‍රෑණයට ගමන් කරන ද්‍රව්‍ය මොනවා ද?
- පෝෂණ ද්‍රව්‍ය
- ඔක්සිජන්
- රෝගකාරක
පෙකණිවැල හරහා භ්‍රෑණයෙන් ඉවත්වන ද්‍රව්‍ය මොනවා ද?
- කාබන්ඩයොක්සයිඩ්
- බහිස්ස්‍රාවී ද්‍රව්‍ය
පෙකණිවැල හරහා මවගේ හා භ්‍රෑණයේ රුධිරය හුවමාරු වීමක් සිදු වේ ද?
නැත
කාලය මාස 3 ක් වූ භ්‍රෑණයක දක්නට ලැබෙන ලක්ෂණ මොනවා ද?
- මිනිස් ස්වරූපයක් ගනී
- භ්‍රෑණයේ හිස දේහයේ අනෙක් කොටස්වලට වඩා විශාල ය
- ඇඟිලිවල නිය සෑදීම ආරම්භ වේ
- ස්ත්‍රී හා පුරුෂ ලිංගේන්ද්‍රිය විකසනය වී ඇත
මාස 4 ක දී භ්‍රෑණයේ දක්නට ලැබෙන වෙනස්වීම් මොනවා ද?
- අස්ථි සැකිල්ල විකසනය වීම ආරම්භ වේ
- රෝම වැඩෙන්නට පටන් ගනී
මාස 5 දී භ්‍රෑණයේ දක්නට ලැබෙන ලක්ෂණ මොනවා ද?
- භ්‍රෑණය සම්පූර්ණයෙන් ම රෝම වලින් වැසී පවතී
- භ්‍රෑණයේ චලන පළමුවරට මවට දැනෙයි
- භ්‍රෑණයේ හෘද ස්පන්දනය පිටතින් දැන ගත හැකිය (120 - 140 beats/minute)
මාස 6 ක් වූ භ්‍රෑණයක දක්නට ලැබෙන ලක්ෂණ මොනවා ද?
ඇහි බැම සහ ඇහි පිහාටු විකසනය වී තිබීම
මාස 7 දී භ්‍රෑණයේ දක්නට ලැබෙන ලක්ෂණ මොනවා ද?
- ඇසිපිය විවෘත වේ
- චර්මය රැලි ගැසුණු ස්වභාවයක් දරයි
මාස 8 දී භ්‍රෑණයේ දක්නට ලැබෙන වෙනස්වීම් මොනවා
- අධශ්චර්මයේ මේදය තැන්පත් වීමට පටන් ගනී
- භ්‍රෑණයේ බර 2.5 kg පමණ වේ
මාස 9 ක් වූ භ්‍රෑණයක දක්නට ලැබෙන ලක්ෂණ මොනවා ද?
- ඇඟිලිවල නිය සම්පූර්ණයෙන් වැඩී ඇත
- වෘෂණ කෝෂ තුළ වෘෂණ තැන්පත් වී ඇත
- මුළු සිරුර ම පිරුණු, වැඩුණු ස්වරූපයක් ගනී
- භ්‍රෑණයේ බර 2.5kg - 3.5kg පමණ වේ
භ්‍රෑණයේ විකසනය සම්පූර්ණ වීමට ගතවන කාලය කොපමණ ද?
දින 280 ක් පමණ
ප්‍රසූතිය ආසන්න වන විට භ්‍රෑණය ගර්භාෂය තුළ පිහිටා ඇත්තේ කෙසේ ද?
හිස පහළට සිටින සේ
දරු ප්‍රසූතිය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
ගර්භාෂ බිත්ති සංකෝචනය වී යෝනි මාර්ගය ඔස්සේ දරුවා පිටතට තල්ලු වීම
දරු ප්‍රසූතියේ අවස්ථා මොනවා ද?
- ගර්භාෂයේ බිත්ති සංකෝචනය වීම මඟින් දරුවා යෝනි මාර්ගය ඔස්සේ පිටතට තල්ලු වීම
- ගර්භාෂය තවදුරටත් සංකෝචනය වීම මඟින් කලල බන්ධය හා සම්බන්ධ අනෙකුත් පේෂි (වැදෑමහ - placenta) ඉවත් කිරීම
- ප්‍රසූතියෙන් පසු කලල බන්ධය සහ භ්‍රෑණය සම්බන්ධ කෙරුණු පෙකණි වැල කපා ගැට ගැසීම
මානව ප්‍රජනන ක්‍රියාවලිය සඳහා වැදගත් වන හෝර්මෝන මොනවා ද?
- ඊස්ට්‍රජන්
- ටෙස්ටොස්ටෙරොන්
- ප්‍රොජෙස්ටෙරොන්
- ලුටෙයීකරණ හෝර්මෝනය
- ස්‍යුනිකා උත්තේජක හෝර්මෝනය
ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග නම් කරන්න
- ගොනෝරියා
- සුදු බිංදුම
- හර්පීස්
- AIDS
ලිංගික රෝග එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැකි ආකාර මොනවා ද?
- ලිංගික සම්බන්ධතා නිසා
- ලිංගික ස්‍රාව එම අවයවවල තැවරීම නිසා
- රෝගියෙකුගේ රුධිරය නිරෝගී අයෙකුගේ ශරීරගත වීම
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවල (Sexually Transmitted Diseases - STD) රෝග ලක්ෂණ ඇතිවන්නේ කුමන අවයවවල ද
ලිංගික අවයවවල
සුදු බිංදුම (ගොනෝරියා) රෝගකාරක බැක්ටීරියාවේ නම කුමක් ද?
Neisseria gonorrhoeae
සුදු බිංදුම (ගොනෝරියා) රෝග ලක්ෂණ මොනවා ද?
- ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ව ස්‍රාව පිටවීම
- අධික දැවිල්ල
- මූත්‍ර අඩස්සිය
ගොනෝරියා රෝගයට නිසි ප්‍රතිකාර නොකිරීමෙන් ඇතිවිය හැකි තත්ත්ව මොනවා ද?
-අන්ධ වීම
- කොර වීම
සිපිලිස් රෝගය හඳුන්වන අනෙක් නම කුමක් ද?
උපදංශය
ගොනෝරියා රෝගය හඳුන්වන අනෙක් නම කුමක් ද?
සුදු බිංදුම
සිපිලිස් රෝගකාරක බැක්ටීරියාව කුමක් ද?
Treponema pallidum
උපදංශය (සිපිලිස්) රෝගයේ රෝග ලක්ෂණ මොනවා ද?
- මාස තුනකට පමණ පසු ලිංගේන්ද්‍රියේ වේදනා රහිත බිබිලි ඇති වී ඉබේ සුව වේ
- මාස හයකට පමණ පසු උණ හා උගුරේ වේදනාව ඇති වී ඉබේ සුව වේ
- රෝගකාරකයට අවුරුදු කිහිපයක් රුධිරයේ අක්‍රීය ලෙස ජීවත් වීමට හැකි නිසා එම කාලය තුළ ශරීරයේ අනෙක් ස්ථානවලට ද රෝගය ව්‍යාප්ත විය හැක
හර්පීස් රෝගකාරක වෛරසය කුමක් ද?
Herpes simplex
හර්පීස් රෝග ලක්ෂණ මොනවා ද?
- ලිංගේන්ද්‍රිය ආශ්‍රිත අධික වේදනාකාරී බිබිලි ඇති වීම
- ස්නායු පද්ධතිය අඩපණ කරයි
- ස්නායු පද්ධතිය තුළ නිධන්ගත වේ
- මාරාන්තික නො වන නමුත් නැවත නැවත මතු වේ
(ස්ථිර ප්‍රතිකාරයක් නොමැත)
AIDS රෝගය ඇති කරන වෛරසයේ නම කුමක් ද?
මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය (HIV)
AIDS රෝගය සම්ප්‍රේෂණය වන්නේ කෙසේ ද?
- ලිංගික ස්‍රාව හෝ
- රුධිරය මගින්
HIV වෛරසය ආසාදනය වීමෙන් පසු ව රෝග ලක්ෂණ ඇති වීමට ගතවන කාලය කොපමණ ද?
අවුරුදු 2 - 15 ත් අතර