02 Structure and Functions of Plant and Animal Cells Flashcards
මුලින් ම සෛල නිරීක්ෂණය කළේ කවු ද?
Robert Hooke FRS
(An English polymath)
Robert Hooke මුලින් ම සෛල නිරීක්ෂණය කළ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1665
1665 දී Robert Hooke සිය අණ්වීක්ෂයෙන් කිරල ඇබයක ඡේදයක සෛල නිරීක්ෂණය කිරීමේ දී දුටුවේ කුමක් ද?
- මී වදයක මෙන් කුටීර සමූහයක්
- ඔහු මේවා සෛල ලෙස නම් කළේ ය
සෛල වාදය ඉදිරිපත් කළ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1838
සෛල වාදය ඉදිරිපත් කළ පුද්ගලයන් කවු ද?
- Matthias Jacob Schleiden
- Theodor Schwann
- Rudolf Virchow
සෛල වාදයෙන් කියවෙන කරුණු මොනවා ද?
- ජීවයේ ව්‍යුහමය මෙන් ම කෘත්‍යමය ඒකකය සෛලයයි
- සියලු ම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛලවලිනි
- නව සෛල ඇති වන්නේ කලින් පිහිටි සෛලවලිනි
දර්ශීය සෛලය යනු කුමක් ද?
සෛලයක තිබිය යුතු සියලු ම ඉන්ද්‍රියිකා අඩංගු වන සේ නිර්මාණය කරන ලද සෛලයකි
සත්ත්ව සෛලය ආවරණය වී පවතින්නේ කුමක් මඟින් ද?
ප්ලාස්ම පටලයෙන් හෙවත් සෛල පටලයෙනි
සෛල පටලය කුමන ආකාරයේ පටලයක් ද?
සජීවී, අර්ධ හා වරණ පාරගම්‍ය පටලයකි
සත්ත්ව සෛලවල න්‍යෂ්ටිය පිහිටන්නේ කොහේ ද?
සෛල ප්ලාස්මය තුළ කේන්ද්‍රගත ව
සෛල ප්ලාස්මයේ ස්වභාවය කුමක් ද?
ජල්ලිමය (ජෙලිමය) ස්වභායක් ගනී
ශාක සෛලවල බාහිර ආවරණය කුමක් ද?
සෛල බිත්තිය
සෛල බිත්තිය සෑදී ඇත්තේ කුමකින් ද?
සෙලියුලෝස් මඟින්
ශාක සෛලවල මධ්‍යයේ ඇත්තේ කුමක් ද?
විශාල රික්තකයක්
සත්ත්ව සෛලය හා ශාක සෛලය අතර දැකිය හැකි වෙනස්කම් මොනවා ද?
- සත්ත්ව සෛලවල බිත්තියක් නොමැති අතර ශාක සෛලවලට බිත්තියක් ඇත
- සත්ත්ව සෛලවල විශාල රික්තක නොමැති නමුත් ශාක සෛලවල විශාල මධ්‍ය රික්තක එකක් හෝ කිහිපයක් දැකිය හැක
- සත්ත්ව සෛලවල වැඩි අවකාෂයක් ගන්නේ සෛල ප්ලාස්මය වුව ද ශාක සෛලවල රික්තකය හේතුවෙන් සෛල ප්ලාස්මය පර්‍යන්තයට තල්ලු වී පවතී
- සත්ත්ව සෛලවල හරිතලව නොමැති අතර ශාක සෛලවල බොහෝ දුරට හරිතලව ඇත
සෛල බිත්තියේ කෘත්‍ය කුමක් ද?
- සෛලයේ හැඩය පවත්වා ගැනීම
- සන්ධාරණය
- ආරක්ෂාව
ප්ලාස්ම පටලය සෑදී ඇත්තේ කුමකින් ද?
ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන මඟින්
ප්ලාස්ම පටලයේ කෘත්‍ය කුමක් ද?
- සෛල ආවරණයක් ලෙස ක්‍රියා කිරීම
- සෛලය තුළට හා ඉන් ඉවතට සිදු වන ද්‍රව්‍ය පරිවහනය පාලනය
සෛල ප්ලාස්මයේ කෘත්‍ය කුමක් ද?
- සෛලයට හැඩයක් ලබා දීම
- සෛල ඉන්ද්‍රියිකා දැරීම
- විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීම
සෛල ඉන්ද්‍රියිකා යනු මොනවා ද?
සෛල ප්ලාස්මයේ ගිලී ඇති ව්‍යුහ
සෛල පටලයකින් වට වී ඇති ඉන්ද්‍රියිකා මොනවා ද?
- න්‍යෂ්ටිය
- අන්තඃප්ලාස්මීය ජාලිකා
- ගෝල්ගි දේහය
- මයිටොකොන්ඩ්‍රියා
සෛලයක පවතින ප්‍රධාන ඉන්ද්‍රියිකාව කුමක් ද?
න්‍යෂ්ටිය
න්‍යෂ්ටිය ආවරණය වන පටලය හඳුන්වන නම කුමක් ද?
න්‍යෂ්ටි පටලය
න්‍යෂ්ටිය තුළ අඩංගු වන්නේ මොනවා ද?
ක්‍රොමැටින් ද්‍රව්‍ය හා න්‍යෂ්ටිකාව
සෛල විභාජනයේ දී වර්ණදේහ ලෙස දිස් වන්නේ මොනවා ද?
න්‍යෂ්ටියේ ඇති ක්‍රොමැටින් ද්‍රව්‍ය
වර්ණදේහවල කාර්‍යය කුමක් ද?
- ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම
- පරම්පරාවෙන් පරම්පරාවට ආවේණික ලක්ෂණ උරුම කර දීම
මිනිස් සෛල තුළ ඇති වර්ණදේහ ගණන කීය ද?
46 කි
ගෙම්බාගේ දේහ සෛල තුළ ඇති වර්ණදේහ ගණන කීය ද?
26 යි
වී ශාක සෛල තුළ ඇති වර්ණදේහ ගණන කීය ද?
24 කි
න්‍යෂ්ටියේ ප්‍රධාන කෘත්‍ය කුමක් ද?
සෛලයේ ජීව ක්‍රියා පාලනය
මයිටොකොන්ඩ්‍රියම කුමන හැඩයක් ගනී ද?
අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩයක්
සෛල තුළ ස්වායු ශ්වසන ප්‍රතික්‍රියා සිදු කරමින් ශක්තිය නිපදවන ව්‍යුහය කුමක් ද?
මයිටොකොන්ඩ්‍රියම
ගෝල්ගි සංකීර්ණය සෑදී ඇත්තේ කෙසේ ද?
එක මත එක පිහිටි පටලයකින් මායිම් වූ පැතළි තැටි රාශියක් ලෙස පිළියෙළ වූ ගෝල්ගි දේහ සහ අවට පිහිටි ස්‍රාවීය ආශයිකා සමූහයකින්
ගෝල්ගි දේහවල කෘත්‍ය කුමක් ද?
- ස්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම
- ඇසිරීම
- ස්‍රාවය කිරීම
පටල නොදරන, ඉතා කුඩා උප ඒකක දෙකකින් සෑදී ඇති ඉන්ද්‍රියිකාව කුමක් ද?
රයිබොසෝම
රයිබොසෝමවල කෘත්‍ය වන්නේ?
ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ස්ථාන සැපයීම
රයිබොසෝම පවතින ස්ථාන මොනවා ද?
- සෛල ප්ලාස්මයේ
- රළු අන්තඃප්ලාස්මීය ජාලිකාවලට සම්බන්ධ වී
අන්තඃප්ලාස්මීය ජාලිකා යනු මොනවා ද?
සෛල ප්ලාස්මය තුළ අඩංගු පැතලි හෝ නාළාකාර මඩිවලින් යුක්ත අන්තර් පටල පද්ධති ජාලයකි
අන්තඃප්ලාස්මීය ජාලිකාවල ආකාර දෙක මොනවා ද?
- රළු අන්තඃප්ලාඅමීය ජාලිකා
- සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා
රළු අන්තඃප්ලාස්මීය ජාලිකාවල කෘත්‍ය කුමක් ද?
ප්‍ර්‍රෝටීන පරිවහනය
රළු අන්තඃප්ලාස්මීය ජාලිකා රළු වන්නේ ඇයි?
එවායේ පෘෂ්ඨයට සම්බන්ධ වී ඇති රයිබොසෝම නිසා
සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකාවල කෘත්‍ය කුමක් ද?
ලිපිඩ හා ස්ටෙරොයිඩ නිපදවා පරිවහනය
ශාක සෛලයක රික්තකය යනු කුමක් ද?
පටලයකින් වට වී, තරල පිරී ඇති විශාල ඉන්ද්‍රියිකාවකි
රික්තක පටලය හැඳින්වෙන නම කුමක් ද?
තාන ප්ලාස්ටය
සෛල යුෂය ලෙස හැඳින්වෙන්නේ මොනවා ද?
රික්‍තකය තුළ වූ තරලය
සෛල යුෂයේ ගබඩා වී ඇත්තේ මොනවා ද?
- ජලය
- සීනි
- අයන
- වර්ණක ද්‍රව්‍ය
ඒක සෛලික ජීවීන්ගේ දක්නට ලැබෙන රික්තක වර්ගය කුමක් ද?
සංකෝචක රික්තක
රික්තකයේ කෘත්‍යයන් මොනවා ද?
- සෛලවල ජල තුල්‍යතාව පවත්වා ගැනීම
- සන්ධාරණය පවත්වා ගැනීම
- වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දීම
සෛල වර්ධනය යනු කුමක් ද?
සෛලයක ප්‍රමාණය හෝ බර අප්‍රතිවර්ත ලෙස වැඩි වීම
සෛල විභාජනය යනු කුමක් ද?
නව සෛල සෑදෙන පරිදි යම් සෛලයක සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය
මිනිසාගේ වර්ණදේහ 46 සමන්විත වන්නේ කෙසේ ද?
එකම ප්‍රවේණික තොරතුරු දරන වර්ණදේහ යුගල් 23ක් ලෙස
සමජාතීය වර්ණදේහ යුගලයක් යනු කුමක් ද?
එක ම තොරතුරු දරන වර්ණදේහ යුගලක්
සෛල විභාජනය සිදුවන ක්‍රම දෙක කුමක් ද?
- අනූනන විභාජනය
- ඌනන විභාජනය
අනූනන විභාජනය යනු කුමක් ද?
සෛල න්‍යෂ්ටියක පවතින වර්ණදේහ සංඛ්‍යාව නියත ව තබා ගනිමින් සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීම
අනූනන විභාජනයේ ලක්ෂණ මොනවා ද?
- මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාව ම නව සෛලවලට (දුහිතෘ සෛල) ලැබීම
- සර්වසම සෛල දෙකක් ඇති වීම
අනූනන විභාජනයේ වැදගත්කම් මොනවා ද?
- බහු සෛලික ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා
- තුවාල සුව වීම සඳහා
- අලිංගික ප්‍රජනන ක්‍රමයක් ලෙස
ඌනන විභාජනය යනු කුමක් ද?
වර්ණදේහ සංඛ්‍යාව අඩක් බවට පත් කරන විභාජනය
ඌනන විභාජනය සිදුවන්නේ කුමන අවස්ථාවල දී ද?
උසස් ජීවීන්ගේ ජන්මාණු ඇති වීමේ දී
ඌනන විභාජනයේ සිදු වන පියවර දෙක කුමක් ද?
පළමු ව ඌනන විභාජනයක් සිදු වී පසු ව අනූනන විභාජනයක් සිදු වේ
ඌනන විභාජනයේ වැදගත්කම කුමක් ද?
- පරම්පරාවෙන් පරම්පරාවට වර්ණදේහ සංඛ්‍යාව නියත ව පවත්වා ගැනීම
- වර්ණදේහවල ඇතිවන වෙනස්වීම්වලින් ප්‍රභේදන හටගන්නා නිසා පරිණාමය සඳහා වැදගත් වීම
අනූනන හා ඌනන විභාජනයේ වෙනස්කම් මොනවා ද?
- අනූනන විභාජනය එක් විභාජන අවස්ථාවකින් සමන්විතය
- ඌනන විභාජනය විභාජන අවස්ථා දෙකකින් සමවිතය
- අනූනන විභාජනය ඒක ගුණ මෙන් ම ද්විගුණ සෛලවල ද සිදු වේ
- ඌනන විභාජනය ද්විගුණ සෛලවල පමණක් සිදු වේ
- අනූනන විභාජනයේ දී ප්‍රභේදන හට නොගනී, ඒ නිසා වර්ණදේහවල වෙනස්කම් ඉතා විරල වේ
- ඌනන විභාජනයේ දී ප්‍රභේදන හට ගනී, එනම් වර්ණදේහවල වෙනස්කම් ඇති වේ
- අනූනන විභාජනය අවසානයේ දුහිතෘ සෛල දෙකක් සෑදේ
- ඌනන විභාජනය අවසානයේ දුහිතෘ සෛල හතරක් සෑදේ
- අනූනන විභාජනයේ දී දුහිතෘ සෛලවලට මාතෘ සෛලයට සමාන වර්ණදේහ සංඛ්‍යාවක් ලැබේ
- ඌනන විභාජනයේ දී මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩක් දුහිතෘ සෛලවලට ලැබේ
- අනූනන විභාජනයෙන් ලැබෙන දුහිතෘ සෛල මාතෘ සෛලයට අංගසම වේ
- ඌනන විභාජනයෙන් ලැබෙන දුහිතෘ සෛල මාතෘ සෛලයට වඩා වෙනස් වේ