01 The Chemical Basis of Life Flashcards

1
Q

ස්වාභාවික ව පවතින මූලද්‍රව්‍ය ගණන කීය ද?

A

92 යි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ස්වාභාවික ව පවතින මූලද්‍රව්‍ය අතුරෙන් ජීවී දේහ තුළ අඩංගු වන මූලද්‍රවය ගණන කොපමණ ද?

A

25 ක් පමණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ජීවී දේහ තුළ වැඩියෙන් ම අඩංගු වන මූලද්‍රව්‍ය මොනවා ද?

A
  1. කාබන් C
  2. හයිඩ්‍රජන් H
  3. ඔක්සිජන් O
  4. නයිට්‍රජන් N

Acronym : CHON

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ප්‍රධාන මූලද්‍රව්‍යවලට අමතර ව ජීවී දේහයේ ඇති අංශු මාත්‍ර මූලද්‍රව්‍ය මොනවා ද?

A

සල්ෆර්
සෝඩියම්
ක්ලෝරීන්
කැල්සියම්
පොස්පරස්
පොටෑසියම්
අයන්
මැග්නීසියම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ස්කන්ධය අනුව මානව දේහයේ අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍යවල සංයුතිය කුමක් ද?

A

කාබන් 18%
හයිඩ්‍රජන් 10%
ඔක්සිජන් 65%
නයිට්‍රජන් 3%
වෙනත් 4%

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සජීවී පදාර්ථය නිර්මාණය වී ඇති රසායනික සංයෝග බෙදා ඇති කාණ්ඩ දෙක කුමක් ද?

A

කාබනික සහ අකාබනික සංයෝග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

කාබනික සංයෝග ලෙස සැලකෙන්නේ මොනවා ද?

A

කාබන් අඩංගු සංයෝග

Note : This definition is extremely simplified, there are some other terms regarding the definition of organic and non-organic compounds. Not gonna explain anything that’s out of the text book here, just to make sure we cover what’s most important at the moment.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

කාබන් අඩංගු නොවන සංයෝග හඳුන්වන නම කුමක් ද?

A

අකාබනික සංයෝග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

කාබන් අඩංගු එහෙත් අකාබනික ලෙස සැලකෙන සංයෝග මොනවා ද?

A

කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ්, කාබනේට සහ බයිකාබනේට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

සජීව පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග මොනවා ද?

A
  1. කාබෝහයිඩ්‍රේට
  2. ප්‍රෝටීන්
  3. ලිපිඩ
  4. නියුක්ලෙයික් අම්ල
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

සජීව පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග හඳුන්වන අනෙක් නම කුමක් ද?

A

ප්‍රධාන ජෛව අණු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ප්‍රධාන ජෛව අණු හැරුණු විට සජීව පදාර්ථයේ අඩංගු වෙනත් කාබනික සංයෝග මොනවා ද?

A

විටමින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සජීව පදාර්ථය තැනී ඇති අකාබනික සංයෝග මොනවා ද?

A

ජලය, ඛනිජ ලවණ හා වායු වර්ග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

වඩාත් සුලබත ම කාබනික සංයෝගය කුමක් ද?

A

කාබෝහයිඩ්‍රේට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

කාබෝහයිඩ්‍රේට නිපදවෙන්නේ කුමන ක්‍රියාවලියක් මගින් ද?

A

ප්‍රභාසංශ්ලේෂණය මගින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර මොනවා ද?

A

බත්, පාන්, අල, ධාන්‍ය, සීනි, පිටි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

කාබෝහයිඩ්‍රේට තැනී ඇති මූලද්‍රව්‍ය මොනවා ද?

A
  • කාබන් C
  • හයිඩ්‍රජන් H
  • ඔක්සිජන් O

Acronym : CHO CHO CHON CHONP

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

කාබෝහයිඩ්‍රේටවල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අණු සංයෝජනය වීමේ අනුපාතය කුමක් ද?

A

2 : 1 (Same as the formula of water)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

කාබෝහයිඩ්‍රේටවල පොදු අණුක සූත්‍රය කුමක් ද?

A

Cx (H2O)y

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

කාබෝහයිඩ්‍රේට වර්ග කරන කොටස් තුන මොනවා ද?

A

මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ සහ පොලිසැකරයිඩ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

මොනොසැකරයිඩවල අණුක සූත්‍රය කුමක් ද?

A

C6H12O6

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

ඩයිසැකරයිඩවල අණුක සූත්‍රය කුමක් ද?

A

C12H22O11

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

පොලිසැකරයිඩවල අණුක සූත්‍රය කුමක් ද?

A

(C6H10O5)n

n = Number of monosaccharides

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

මොනොසැකරයිඩ වර්ග සඳහා උදාහරණ මොනවා ද?

A
  • ග්ලූකෝස්
  • ෆෘක්ටෝස්
  • ගැලැක්ටෝස්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
ඩයිසැකරයිඩ සඳහා උදාහරණ මොනවා ද?
- මෝල්ටෝස් - සුක්‍රෝස් - ලැක්ටෝස්
26
පොලිසැකරයිඩ සඳහා උදාහරණ මොනවා ද?
- පිෂ්ටය - සෙලියුලෝස් - ග්ලයිකොජන්
27
කාබෝහයිඩ්‍රේටවල තැනුම් ඒකකය කුමක් ද?
මොනොසැකරයිඩ
28
මොනොසැකරයිඩවල ලක්ෂණ මොනවා ද?
- ස්ඵටික ස්වරූපයක් ගනී - ජලයේ ද්‍රාව්‍ය වේ - සාමාන්‍යයෙන් පැණි රසය
29
මොනොසැකරයිඩ හඳුන්වන අනෙක් නම කුමක් ද?
සරල සීනි
30
පිෂ්ටමය ආහාර ජීරණයේ අන්තඵලය කුමක් ද?
ග්ලූකෝස්
31
ග්ලූකෝස් අඩංගු ආහාර මොනවා ද?
ඉදුණු පලතුරු, මී පැණි
32
ෆෘක්ටෝස් හැඳින්වෙන වෙනත් නමක්?
පලතුරු සීනි
33
පැණි රසින් වැඩි ම සීනි වර්ගය කුමක් ද?
ෆෘක්ටෝස්
34
ගැලැක්ටෝස් අඩංගු වන්නේ කුමන ආහාර වර්ග වල ද?
කිරි ආහාරවල
35
ලැක්ටෝස් ජීරණයේ අන්තඵලය කුමක් ද?
ගැලැක්ටෝස්
36
පැණි රසක් නොමැති මොනොසැකරයිඩ වර්ගය කුමක් ද?
ගැලැක්ටෝස්
37
ඩයිසැකරයිඩ සෑදෙන්නේ කෙසේ ද?
- මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වී ඩයිසැකරයිඩයක් සෑදේ. - මෙම ක්‍රියාවලියේ දී ජල අණුවක් පිට වේ.
38
ඩයිසැකරයිඩයකින් මොනොසැකරයිඩ ලබා ගත හැක්කේ කෙසේ ද?
- ඩයිසැකරයිඩයක් හා ජල අණුවක් එක් වීමෙන්
39
ඩයිසැකරයිඩවල ලක්ෂණ මොනවා ද?
- ජලයේ ද්‍රාව්‍ය වේ - පැණි රසය - ස්ඵටිකරූපී වේ
40
මොනොසැකරයිඩ එකතු වී ඩයිසැකරයිඩයක් සෑදෙන ආකාරය දැක්වෙන ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවෙහි සමීකරණය ලියා දක්වන්න
2C6H12O6 <---> C12H22O11 + H2O
41
ප්‍රරෝහණය වන බීජවල අඩංගු සීනි වර්ගය කුමක් ද?
මෝල්ටෝස්
42
ශාකවල ප්ලෝයමීය යුෂයේ අඩංගු වන සීනි වර්ගය කුමක් ද?
සුක්‍රෝස්
43
කිරි ආහාරවල අඩංගු ඩයිසැකරයිඩ වර්ගය කුමක් ද?
ලැක්ටෝස්
44
පිෂ්ටය ජීරණයෙන් ග්ලූකෝස්වලට අමතර ව සෑදෙන අතුරුඵලය කුමක් ද?
මෝල්ටෝස්
45
මෝල්ටෝස් අණුවක් සෑදී ඇත්තේ කෙසේ ද?
ග්ලූකෝස් අණු දෙකක් එක් වීමෙන් (ග්ලූකෝස් + ග්ලූකෝස් <---> මෝල්ටෝස් + ජලය)
46
ෆෘක්ටෝස් අණුවක් සහ ග්ලූකෝස් අණුවක් එක් වී සෑදෙන සීනි වර්ගය කුමක් ද?
සුක්‍රෝස් (ග්ලූකෝස් + ෆෘක්ටෝස් <---> සුක්‍රෝස් + ජලය)
47
සුක්‍රෝස් දක්නට ලැබෙන ස්ථාන මොනවා ද?
- සුදු හා රතු සීනිවලසීනිවල - උක් හා බීට්වල - ශාකවල ප්ලෝයමීය යුෂයේ - ඇතැම් පලතුරුවල
48
ලැක්ටෝස් අණුවක් සෑදෙන්නේ කෙසේ ද?
ග්ලූකෝස් අණුවක් ගැලැක්ටෝස් අණුවක් සමඟ එක් වීමෙන් (ග්ලූකෝස් + ගැලැක්ටෝස් <---> ලැක්ටෝස් + ජලය)
49
ශාකවල නොමැති සීනි වර්ගය කුමක් ද?
ලැක්ටෝස්
50
එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය කුමක් ද?
4% - 6%
51
මව්කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය කුමක් ද?
6% - 7%
52
පොලිසැකරයිඩ සෑදී ඇත්තේ කෙසේ ද?
- මොනොසැකරයිඩ අණු රාශියක් බහුඅවයවීකරණය වීමෙන් - පොලිසැකරයිඩ අණු ජල අණු මගින් වෙන් වීමෙන් (ජල විච්ඡේදනය) නැවත මොනොසැකරයිඩ සෑදේ
53
පොලිසැකරයිඩවල ලක්ෂණ මොනවා ද?
- ඇල් ජලයේ අද්‍රාව්‍ය වේ - අස්ඵටිකරූපීය
54
පොලිසැකරයිඩවල තැනුම් ඒකකය කුමක් ද?
ග්ලූකෝස්
55
සියලු ම පොලිසැකරයිඩ ග්ලූකෝස් අණුවලින් සෑදී ඇති මුත් ඒවායේ ස්වභාවය වෙනස් වීමට හේතු මොනවා ද?
- පොලිසැකරයිඩ අණුවේ පවතින ග්ලූකෝස් අණු සංඛ්‍යාව - අණු එකිනෙක සම්බන්ධ වී ඇති ආකාරය
56
සෙලියුලෝස් දක්නට ලැබෙන ස්ථාන මොනවා ද?
ගාක සෛල බිත්තියේ සහ ශාකමය තන්තුවල
57
මිනිස් ආහාර ජීරණ පද්ධතිය තුළ ජීරණය නොවන කාබෝහයිඩ්‍රේට (සීනි) වර්ගය කුමක් ද?
සෙලියුලෝස්
58
මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වන පොලිසැකරයිඩ වර්ගය කුමක් ද?
සෙලියුලෝස්
59
ශාකවල ශක්තිය (කාබෝහයිඩ්‍රේට) ගබඩා කෙරෙන්නේ කුමක් ලෙස ද?
පිෂ්ටය ලෙස
60
ග්ලයිකොජන් පවතින ස්ථාන මොනවා ද
සත්ත්ව අක්මාවේ සහ පේෂිවල
61
සතුන්ගේ සිරුරේ කාබෝහයිඩ්‍රේට ගබඩා කරන්නේ කුමක් ලෙස ද?
ග්ලයිකොජන් ලෙස
62
කාබෝහයිඩ්‍රේටවල වැදගත්කම ලියන්න
- ශක්ති ප්‍රභවයක් ලෙස - සංචිත ආහාරයක් ලෙස - ජීවීන්ගේ සෛල බිත්තිය නිර්මාණය සඳහා - නියුක්ලෙයික් අම්ලවල සංඝටකයක් ලෙස (As pentose sugar)
63
කාබෝහයිඩ්‍රේට හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂා මොනවා ද?
- ග්ලූකෝස් පරීක්ෂාව (බෙනඩික්ට් පරීක්ෂණය) - සුක්‍රෝස් පරීක්ෂාව - පිෂ්ට පරීක්ෂාව (අයඩින් පරීක්ෂණය)
64
පිෂ්ට පරීක්ෂාව සිදු කරන ආකාරය විස්තර කරන්න
1. පිෂ්ටමය ආහාර ස්වල්පයක් පරීක්ෂා නළයකට ජලය ස්වල්පයක් සමග දමා හොඳින් පොඩි කර මිශ්‍ර කිරීම 2. අයඩින් ද්‍රාවණයෙන් බිංදුවක් එකතු කිරීම - නිල් දම් පැහැයක් ලැබේ
65
ග්ලූකෝස් හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ද්‍රාවණය කුමක් ද?
බෙනඩික්ට් ද්‍රාවණය
66
ග්ලූකෝස් පරීක්ෂාවට අයත් පියවර නම් කරන්න
1. ග්ලූකෝස් ස්වල්පයක් පරීක්ෂා නළයකට ගෙන බෙනඩික්ට් ද්‍රාවණය ස්වල්පයක් එක් කරන්න. 2. එම නළය **ජල තාපකයක** බහා ක්‍රමයෙන් රත් කරන්න. 3. පහත වර්ණ විපර්‍යාසය නිරීක්ෂණය කළ හැකි ය, නිල්, කොළ, කොළ කහ, තැඹිලි, ගඩොල් රතු (පරීක්ෂා නළය තුළ අවක්ෂේපයක් සෑදේ)
67
සුක්‍රෝස් පරීක්ෂණය සඳහා තනුක සල්ෆියුරික් අම්ලය එක් කර රත් කරන්නේ ඇයි?
- ස්ක්‍රෝස් සෑදී ඇති මොනොසැකරයිඩ වන ග්ලූකෝස් හා ෆෘක්ටෝස් අතර ඇති බන්ධනය බිඳීමට ය - මේ නිසා නිදහස් වන ග්ලූකෝස් අණු බෙනඩික්ට් ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කරමින් ග්ලූකෝස් පරීක්ෂණය හා සමාන වර්ණ විපර්‍යාසයක යෙදෙයි
68
සුක්‍රෝස් පරීක්ෂාවෙහි පියවර මොනවා ද?
1. සීනි ද්‍රාවණයකට තනුක සල්ෆියුරික් අම්ලය (H2SO4) ස්වල්පයක් දමා රත් කරන්න. 2. ද්‍රාවණය උදාසීන කිරීම සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH) ස්වල්පයක් එකතු කරන්න. 3. බෙනඩික්ට් ද්‍රාවණය ස්වල්පයක් එකතු කරන්න. 4. පහත වර්ණ විපර්‍යාසය දැකිය හැකි ය, නිල්, කොළ, කොළ කහ, තැඹිලි, ගඩොල් රතු - අවක්ෂේපයක් ලැබේ
69
ලිපිඩ බෙදෙන කොටස් දෙක මොනවා ද?
තෙල් හා මේද
70
තෙල් යනු මොනවා ද?
කාමර උෂ්ණත්වයේ දී ද්‍රව ලෙස පවතින ලිපිඩ උදා : පොල්තෙල්, එළවළු තෙල්
71
මේදය ලෙස හැඳින්වෙන්නේ මොනවා ද?
කාමර උෂ්ණත්වයේ දී ඝන ස්වභාවයෙන් පවතින ලිපිඩ උදා : චීස්, මාගරින්
72
ලිපිඩ තැනී ඇත්තේ කුමන මූලද්‍රව්‍ය වලින් ද?
- කාබන් C - හයිඩ්‍රජන් H - ඔක්සිජන් O Acronym : CHO _CHO_ CHON CHONP
73
ලිපිඩවල ලක්ෂණ මොනවා ද?
- කාබෝහයිඩ්‍රේටවලට සාපේක්ෂ ව අඩු හයිඩ්‍රජන් පරමාණු ගණනකින් සෑදී ඇත - ජලය වැනි ධ්‍රැවීය ද්‍රාවකවල දිය නොවේ - කාබනික ද්‍රාවකවල දිය වේ
74
ලිපිඩ සෑදී ඇත්තේ කෙසේ ද?
ග්ලිසරෝල් සහ මේද අම්ල එක් වීමෙන්
75
ලිපිඩ සෑදෙන ආකාරය වචන සමීකරණයකින් දක්වන්න
ග්ලිසරෝල් + මේද අම්ල ---> ලිපිඩ + ජලය
76
දේහ පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරන ජෛව අණු මොනවා ද?
කාබෝහයිඩ්‍රේට, ලිපිඩ සහ ඇතැම් විට ප්‍රෝටීන
77
දහනයෙන් කාබෝහයිඩ්‍රේටවලට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් නිදහස් කරන්නේ මොනවා ද?
ලිපිඩ
78
ලිපිඩ අඩංගු වන ව්‍යුහාත්මක සංඝටක මොනවා ද?
- ප්ලාස්ම පටලය - අභ්‍යන්තර ඉන්ද්‍රියිකා වල පටල (මයිටොකොන්ඩ්‍රියා, න්‍යෂ්ටිය, ගෝල්ගි දේහ) සෛලීය පටලවල ප්‍රධානත ම සංඝටකටක් වන පොස්ෆොලිපිඩ සහ කොලෙස්ටරෝල් සෑදී ඇත්තේ ලිපිඩවලිනි.
79
ශාක දේහයේ මතුපිට ජල උත්ස්වේදනය පාලනය කිරීම සඳහා ඇති ලිපිඩ වර්ගය කුමක් ද?
කියුටින් නම් ඉටි
80
ලිපිඩ ජලයට අපාරගම්‍ය වන්නේ ඇයි?
ලිපිඩ ජලය වැනි ධ්‍රැවීය ද්‍රාවණ හා මිශ්‍ර නොවන බැවින්
81
පක්ෂීන් හා ක්ෂීරපායීන් වැනි චලතාපී සත්ත්වයන්ගේ දේහ උෂ්ණත්වය රැක ගැනීම සඳහා නිර්මාණය වී ඇති ව්‍යුහය කුමක් ද?
අධඃචර්මීය මේද ස්තරය
82
ලිපිඩවල වැදගත්කම කුමක් ද?
- ශක්ති ප්‍රභවයක් ලෙස - විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා - ජල සංරක්ෂණය සඳහා - දේහ උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා - අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා - ඇතැම් හෝර්මෝන සංස්ලේෂණය සඳහා (*Mainly steroid hormones such as Estrogen, Testosterone, Cortisone and Cortisone*)
83
ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව කුමක් ද?
සුඩාන් lll පරීක්ෂාව
84
සුඩාන් lll පරීක්ෂාවේ පියවර ලියා දක්වන්න
1. තලතෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් පරීක්ෂා නළයකට ගන්න 2. එයට සුඩාන් lll ප්‍රතිකාරකය එකතු කර හොඳින් සොලවන්න - තෙල් ස්තරය රතු පැහැති වේ.
85
ප්‍රෝටීන සෑදී ඇති මූලද්‍රව්‍ය මොනවා ද?
- කාබන් C - හයිඩ්‍රජන් H - ඔක්සිජන් O - නයිට්‍රජන් N - ඇතැම් විට සල්ෆර් Acronym : CHO CHO _CHON_ CHONP
86
ප්‍රෝටීන යනු මොනවා ද?
ඇමයිනෝ අම්ල එක් වීමෙන් සෑදුණු සංකීර්ණ අණුවකි
87
සංයුතිය අනුව මිනිස් සිරුරේ ඇති ප්‍රෝටීන් ප්‍රමාණය කොපමණ ද?
17% ක් පමණ
88
ප්‍රෝටීන අඩංගු ආහාර මොනවා ද?
මස්, මාළු, බිත්තර සුදු මදය, මාශ බෝග
89
ප්‍රෝටීන්වල වැදගත්කම කුමක් ද?
- ශක්ති ප්‍රභවයක් ලෙස - ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා (*සෛල පටලය සෑදී ඇති ප්‍රධාන සංඝටකයකි, කෙස් හා කුරුලු පිහාටු ආදියේ ඇත්තේ ද කෙරටින් නම් ප්‍රෝටීනයකි*) - එන්සයිම ලෙස ක්‍රියා කිරීම - හෝර්මෝන ලෙස ක්‍රියා කිරීම - ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම
90
එන්සයිමවල කෘත්‍යය කුමක් ද?
ජීවී දේහයේ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම
91
හෝර්මෝනවල කෘත්‍යය කුමක් ද?
ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතිය පාලනය
92
ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාව කුමක් ද?
බයියුරේට් පරීක්ෂාව
93
බයියුරේට් පරීක්ෂාව සඳහා යොදා ගන්නා සංයෝග දෙක කුමක් ද?
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH) සහ කොපර් සල්ෆේට් (CuSO4)
94
බයියුරේට් පරීක්ෂාවේ පියවර ලියා දක්වන්න
1. පරිප්පු ද්‍රාවණයක් හෝ බිත්තර සුදු මද ද්‍රාවණයක් ගන්න 2. එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් මිශ්‍ර කර පසුව කොපර් සල්ෆේට් බිංදු කිහිපයක් යොදන්න - ද්‍රාවණය තද දම් පැහැයට හැරෙයි
95
එන්සයිම යනු කුමක් ද?
ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින් ම නිපදවන විශේෂිත ප්‍රෝටීන් හෙවත් කාබනික උත්ප්‍රේරක
96
එන්සයිමවල ක්‍රියාකාරීත්වය සඳහා උදාහරණ දෙකක් දෙන්න
1. ආහාර ජීරණ පද්ධතියේ අඩංගු එන්සයිම මගින් සුක්‍රෝස් ග්ලූකෝස් බවට අඩු උෂ්ණත්වයක දී ඉතා පහසුවෙන් පත්වීම 2. පිෂ්ටය මත ඇමයිලේස් ක්‍රියා කර මොනොසැකරයිඩයක් වන මෝල්ටෝස් නිපදවීම
97
පිෂ්ටය මත ඇමයිලේස් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය පෙන්වීම සඳහා කරන පරීක්ෂාවේ පියවර මොනවා ද?
1. පරීක්ෂා නළයකය පාන් පිටි දියකර සාදා ගත් ද්‍රාවණයකින් 2ml ක් සහ ඇමයිලේස් එන්සයිමය සම ප්‍රමාණයක් එකතු කරන්න. 2. මිනිත්තු දෙකෙන් දෙකට මිශ්‍රණයෙන් බින්දුව බැගින් ගෙන, එය සුදු පිඟන් ගඩොලක් මත තබා අයඩින් ද්‍රාවණය බිංදුව බැගින් එක් කරන්න. - මිශ්‍රණ කොටස්වල වර්ණය නිල් දම් පැහැයේ සිට දුඹුරු පැහැයට හැරී පසු ව අයඩින් වල වර්ණය ගනී (කහ/දුඹුරු) - මිනිත්තු 20 ක් පමණ වන විට මිශ්‍රණය අයඩින් හා වර්ණ විපර්‍යාසයක් නොගන්නේ මිශ්‍රණයේ තිබූ පිෂ්ටය ඇමයිලේස් මගින් මෝල්ටෝස්වලට හරවා ඇති නිසාය
98
නියුක්ලෙයික් අම්ල සෑදී ඇත්තේ කෙසේ ද?
නියුක්ලියොටයිඩ නම් තැනුම් ඒකක රාශියක් රේඛීය ව සම්බන්ධ වීමෙන් හෙවත් **රේඛීය බහුඅවයවීකරණය** වීමෙන්
99
නියුක්ලෙයික් අම්ලවල වර්ග දෙක මොනවා ද?
1. ඩිඔක්සිරයිබෝ නියුක්ලෙයික් අම්ලය 2. රයිබො නියුක්ලෙයික් අම්ලය
100
DNA අණුවෙහි තැනුම් ඒකකය කුමක් ද?
ඩිඔක්සිරයිබෝ නියුක්ලියොටයිඩ
101
න්‍යෂ්ටිය තුළ ප්‍රවේණික තොරතුරු ගබඩා කර ඇති නියුක්ලෙයික් අම්ලය කුමක් ද?
ඩිඔක්සිරයිබෝ නියුක්ලෙයික් අම්ලය
102
ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා වැදගත් වන නියුක්ලෙයික් අම්ලය කුමක් ද?
රයිබො නියුක්ලෙයික් අම්ලය
103
රයිබො නියුක්ලෙයික් අම්ලයේ තැනුම් ඒකකය කුමක් ද?
රයිබො නියුක්ලියොටයිඩ
104
නියුක්ලෙයික් අම්ලවල වැදගත්කම ලියන්න
- ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා - ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සඳහා - ප්‍රෝටීන සංශ්ලේෂණයට - සෛල තුළ සිදුවන ජීව ක්‍රියා පාලනයට (DNA) - ඇතැම් වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට RNA වැදගත් වේ - DNA විකෘති වීම් නිසා හට ගන්නා ප්‍රභේදන ජීවීන්ගේ පරිණාමය සඳහා වැදගත් වේ
105
ජෛව අණු තුළ ජලය ඇති බව හඳුනා ගන්නේ කෙසේ ද?
1. වියළි ආහාර ද්‍රව්‍ය ස්වල්පයක බැගින් ගෙන හොඳින් කුඩු කරගන්න. 2. ඒවා වෙන වෙන ම කෝවේ දමා තදින් රත් කරන්න. 3. ඊට ඉහළින් වීදුරු තහඩුවක් අල්ලන්න 4. වීදුරුව මත සෑදෙන ද්‍රව බිංදු ජලයදැයි හඳුනා ගැනීම සඳහා **නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ්** හෝ නිර්ජලීය කොපර් සල්ෆේට් භාවිත කරන්න - නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ්වල වර්ණය නිල් පැහැයේ සිට රෝස පැහැයකට හැරෙන අතර නිර්ජලීය කොපර් සල්ෆේට්වල වර්ණය සුදු පැහැයේ සිට නිල් පැහැයට හැරේ
106
ජෛව අණු තුළ කාබන් අඩංගු බව පෙන්වන්නේ කෙසේ ද?
1. ආහාර වර්ග ස්වල්පය බැගින් ගෙන කෝවකට දමා තදින් රත් කරන්න 2. අවසානයේ දී ඉතිරිවන ඵලය සුදු කඩදාසියක් මත අතුල්ලන්න. - අඟුරු රේඛා ඇති වීමෙන් ජෛව අණු තුළ කාබන් ඇති බව පැහැදිලි වේ
107
ජෛව අණු තුළ නයිට්‍රජන් ඇති බව පෙන්වීමට කරන පරීක්ෂණයේ පියවර මොනවා ද?
1. පරීක්ෂා නළ දෙකකට බිත්තර සුදු මදය හා මාළු කැබැල්ලක් යොදා සාදාගත් ද්‍රාවණවලින් 2ml ක් බැගින් වෙන වෙන ම යොදන්න 2. එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH) වැඩි ප්‍රමාණයක් එකතු කොට කොපර් සල්ෆේට් (CuSO4) බිංදු කිහිපයක් එක් කරන්න. (*බයියුරේට් පරීක්ෂාව*) - ද්‍රාවණ දම් පැහැ වීමෙන් ආහාරවල ප්‍රෝටීන් ඇති බව තහවුරු වේ - ප්‍රෝටීනවල නයිට්‍රජන් අඩංගු වන නිසා ජෛව අණුවල නයිට්‍රජන් අඩංගු බව මෙයින් පෙනේ
108
දේහය තුළ ඇති බහුලත ම අකාබනික සංයෝගය කුමක් ද?
ජලය
109
බොහෝ ජීවීන්ගේ ශරීර බරෙන් තුනෙන් දෙකක් පමණ ඇත්තේ මොනවා ද?
ජලය
110
ජීවයේ පැවැත්ම සඳහා බලපාන ජලයේ ලක්ෂණ මොනවා ද?
- ද්‍රාවක ගුණය - සිසිලනකාරක ගුණය - අධික සංශක්ති හා ආශක්ති බල තිබීම - මිදීමේ දී සිදුවන අසමාකාර ප්‍රසාරණය
111
ජලයේ ද්‍රාවක ගුණය ජීවයේ පැවැත්මට හේතු වන්නේ කෙසේ ද?
- ජීව සෛල තුළ ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යක් සැපයීම - ජලයේ ඔක්සිජන් දිය වී තිබීම නිසා ජලජ ජීවීන්ට ශ්වසනය කළ හැකි වීම - ජීවීන්ගේ සියලු ම බහිස්සෛලීය තරලවල ප්‍රධාන සංඝටකය ලෙස ක්‍රියා කිරීම - සත්ත්වයන්ගේ බහිස්ස්‍රාවී ඵල සහ මළද්‍රව්‍ය පිට කිරීම පහසු කිරීම *බහිස්සෛලීය : සෛලයෙන් පිටත*
112
විශිෂ්ට තාප ධාරිතාවය යනු කුමක් ද?
යම් ද්‍රව්‍යක 1kg වූ ස්කන්ධයක උෂ්ණත්වය 1°C කින් ඉහළ දැමීමට අවශ්‍ය තාපය
113
ජලයේ ඇති සිසිලනකාරක ගුණය ජීවයේ පැවැත්මට වැදගත් වීමට හේතුව කුමක් ද?
- ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය ඉහළ නිසා පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය ඉක්මණින් උච්ඡාවචනය නොවේ. මෙය දේහයේ උෂ්ණත්වය නියාමනය සඳහා වැදගත් වේ.
114
ආශක්ති බල යනු කුමක් ද?
එක් වර්ගයක අණු සහ වෙනත් වර්ගයක අණු අතර ඇති වන ආකර්ෂණ බල
115
සංශක්ති බලය යනු කුමක් ද?
එක ම වර්ගයේ අණු දෙකක් අතර ඇති ආකර්ෂණ බලය
116
ජලයේ සංශක්ති හා ආශක්ති බල ජීවයේ පැවැත්මට දායක වන්නේ කෙසේ ද?
- රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙස ක්‍රියා කරමින් පෝෂක ද්‍රව්‍ය, විටමින් හා හෝර්මෝන ආදිය අදාළ ස්ථාන කරා පරිවහනය - උස ශාකවල කඳෙන් ජලය ඉහළට පරිවහනය කළ හැකි වීම
117
ජලය අයිස් බවට පත්වීමේ දී සිදුවන අසමාකාර ප්‍රසාරණය ජීවය කෙරෙහි බලපාන්නේ කෙසේ ද?
- අයිස් ජලය මතුපිටට පැමිණීම නිසා සම්පූර්ණ වශයෙන් සාගර හා ජලාශ මිදී ම වළකී. මේ නිසා ඉහළ තට්ටුවල අයිස් පැවතිය ද ඊට යටින් ජලය ද්‍රවයක් ලෙස පවතින නිසා ජලජ ජීවීන්ට ජීවත් වීමට සුදුසු පරිසරය සපයයි
118
ඛනිජ ලවණ වෙන් කර ඇති කොටස් දෙක මොනවා ද?
1. අධිමාත්‍ර මූලද්‍රව්‍ය 2. අංශුමාත්‍ර මූලද්‍රව්‍ය
119
අධිමාත්‍ර මූලද්‍රව්‍ය යනු මොනවා ද?
දේහයට වැඩි ප්‍රමාණයෙන් අවශ්‍ය වන මූලද්‍රව්‍ය
120
දේහයට සුළු වශයෙන් අවශ්‍ය මූලද්‍රව්‍ය හඳුන්වන නම කුමක් ද?
- අංශුමාත්‍ර මූලද්‍රව්‍ය
121
බර අනුව ඛනිජ ලවණ මිනිස් සිරුරේ කොපමණ ප්‍රතිශතයක් ගනී ද?
7% ක් පමණ
122
මිනිස් සිරුරේ ඇති ඛනිජ ලවණ ප්‍රමාණයෙන් හතරෙන් තුනක් ම ගන්නේ කුමන මූලද්‍රව්‍ය ද?
කැල්සියම් හා පොස්පරස්
123
මිනිසාට අවශ්‍යවන ඛනිජ ලවණ නම් කරන්න
- කැල්සියම් - පොස්ෆරස් - පොටෑසියම් - යකඩ - මැග්නීසියම් - තඹ - අයඩින්
124
මානව දේහය තුළ පොටෑසියම්වල කාර්‍යභාරය කුමක් ද?
- සෛල තුළ තරලවල සමබර බව පාලනය කිරීමට අවශ්‍ය වේ - හෘදය සහ මාංශ පේෂිවල ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වේ - ස්නායු ආවේග සම්ප්‍රේෂණයේ දී වැදගත් වේ
125
මානව දේහය තුළ ඇතිවන පොටෑසියම් ඌණතා ලක්ෂණ මොනවා ද?
- පේෂී දුර්වල වීම - මානසික ව්‍යාකූලතා ඇති වීම
126
මානව දේහය තුළ සෝඩියම්වල කාර්‍යභාරය කුමක් ද?
- එන්සයිමවල ක්‍රියාකාරීත්වය ඇති කිරීම - ජීරණ යුෂවල සංඝටකයකි - සෛල තුළ ආස්‍රැති පීඩනය නියත ව පවත්වා ගනී - ස්නායු ආවේග සම්ප්‍රේෂණයේ දී වැදගත් වේ
127
මානව දේහය තුළ පෙන්වන සෝඩියම් ඌණතා ලක්ෂණ මොනවා ද?
- ශ්වසන ආබාධ හට ගැනීම - කෙණ්ඩා පෙරළීම - ඔක්කාරය - පාචනය
128
මැග්නීසියම් මානව දේහ ක්‍රියා සඳහා වැදගත් වන්නේ කෙසේ ද?
- අස්ථි හා දත්වල සංඝටකයකි - කංකාල පේශිවලට සම්බන්ධ වන ස්නායුවල කෘත්‍ය පාලනය සඳහා වැදගත් වේ - පරිවෘත්තීය ක්‍රියාවල දී උපකාරී වේ
129
මැග්නීසියම් ඌණතා ලක්ෂණ මොනවා ද?
- අධික ලෙස හෘද ස්පන්ධනය සිදු වීම - ස්නායු දුබලතා ඇති වීම
130
කැල්සියම් මානව දේහය සඳහා වැදගත් වන්නේ කෙසේ ද?
- දත් හා අස්ථි වර්ධනයට - රුධිරය කැටි ගැසීමේ දී වැදගත් වේ - ස්නායුවල මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වේ - කිරිවල සංඝටකයකි - විටමින් B අවශෝෂණයට වැදගත් වේ
131
මානව දේහය පෙන්වන කැල්සියම් ඌණතා ලක්ෂණ මොනවා ද?
- දත් හා අස්ථි දුර්වල වීම - වර්ධන ඌණතා ඇති වීම - වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම *(ඔස්ටියොපොරොසිස්)*
132
මානව දේහය තුළ පොස්ෆරස්වල කාර්‍යභාරය කුමක් ද?
- දත් හා අස්ථි වර්ධනයට අවශ්‍ය වේ - නියුක්ලෙයික් අම්ලයේ අත්‍යවශ්‍ය සංඝටකයකි - කාබෝහයිඩ්‍රේට හා මේද පරිවෘත්තියේ දී වැදගත් වේ - පේෂිවල හා ස්නායුවල ශක්තිය ක්ෂණිකව මුදා හැරීමට උපකාරී වේ
133
මානව දේහයේ හටගන්නා පොස්ෆරස් ඌණතා ලක්ෂණ මොනවා ද?
- අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩීම
134
මානව දේහය තුළ යකඩවල කාර්‍යභාරය කුමක් ද?
- හිමොග්ලොබින් සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය වේ - මාංශ පේශිවල ඔක්සිජන් ගබඩා කර ගැනීමට අවශ්‍ය වේ - එන්සයිම සෑදීමේ දී සංඝටකයක් ලෙස ක්‍රියා කරයි
135
මිනිසාට ඇතිවන යකඩ ඌණතා ලක්ෂණ මොනවා ද?
- රක්තහීනතාවය - නිද්‍රාශීලීභාවය - ක්‍රියාකාරිත්වය අඩු වීම - මානසික සංවර්ධනයේ දුර්වලතා ඇති වීම
136
තයිරොක්සින් හෝර්මෝනය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන මූලද්‍රව්‍ය කුමක් ද?
අයඩින්
137
හිමොග්ලොබින් සංශ්ලේෂණයට දායක වන මූලද්‍රව්‍යය කුමක් ද?
යකඩ
138
විටමින් B අවශෝෂණය සඳහා වැදගත් වන මූලද්‍රව්‍යය කුමක් ද?
කැල්සියම්
139
පේශි හා ස්නායුවල ශක්තිය ක්ෂණික ව මුදා හැරීමට උපකාරී වන මූලද්‍රව්‍යය කුමක් ද?
පොස්ෆරස්
140
මානව දේහය තුළ අයඩින්වල කාර්‍යභාරය කුමක් ද?
- තයිරොක්සින් හෝර්මෝනය නිපදවීමට අත්‍යවශ්‍ය වීම
141
මානව දේහය තුළ හටගන්නා අයඩින් ඌණතා ලක්ෂණ මොනවා ද?
- උස යාම සීමා වීම - බුද්ධි සංවර්ධනයට බාධා ඇති වීම - ඉගෙනීමට මැළි බවක් දැක්වීම
142
ශ්වසනාබාධ හටගන්නේ කුමන මූලද්‍රව්‍යය ඌණ වීම නිසා ද?
සෝඩියම්
143
පේශි දුර්වල වීම ඇතිවන්නේ කුමන මූලද්‍රව්‍යය ඌණ වීම නිසා ද?
පොටෑසියම්
144
අධික ලෙස හෘද ස්පන්ධනය ඇති වන්නේ කුමන මූලද්‍රව්‍යය ඌණ වීමෙන් ද?
මැග්නීසියම්
145
ඔස්ටියොපොරොසිස් ඇති වන්නේ කුමන මූලද්‍රව්‍යය ඌණ වීම නිසා ද?
කැල්සියම්
146
රක්තහීනතාවය සහ නිද්‍රාශීලිභාවය ඇතිවන්නේ කුමන මූලද්‍රව්‍යය ඌණ වීම නිසා ද?
යකඩ
147
උස යාම සීමාවීම සිදු වන්නේ කුමන මූලද්‍රව්‍ය ඌණ වීම නිසා ද?
අයඩින්
148
ශාක තුළ නයිට්‍රජන්වල කාර්‍යභාරය කුමක් ද?
- ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන්, නියුක්ලෙයික් අම්ල, එන්සයිම සහ හරිතප්‍රදවල සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම
149
ශාක පෙනවන නයිට්‍රජන් ඌණතා ලක්ෂණ මොනවා ද?
- වර්ධනය හීන වීම - පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වීම
150
ශාක තුළ පොස්ෆරස්වල කාර්‍යභාරය කුමක් ද?
- නියුක්ලෙයික් අම්ල සහ ATP හි සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම
151
ශාක පෙන්වන පොස්ෆරස් ඌණතා ලක්ෂණ මොනවා ද?
- මුල්වල වර්ධනය හීන වීම - පත්‍ර මත රතු හා දම් පැහැ ලප මතු වීම
152
ශාක තුළ පොටෑසියම්වල කාර්‍යභාරය කුමක් ද?
- ප්‍රෝටීන් සංශ්ලේෂණය - පූටිකා විවෘත වීම හා වැසීම පාලනය කිරීම
153
ශාකවල ඇතිවන පොටෑසියම් ඌණතා ලක්ෂණ මොනවා ද?
- පත්‍රවල හරිතක්ෂය ඇති වීම - පත්‍රවල කහ හෝ දුඹුරු පැහැ වර්ණ ඇති වීම
154
ශාක තුළ යකඩ සිදුකරන කාර්‍යභාරය කුමක් ද?
- හරිතප්‍රද සංශ්ලේෂණය - ශ්වසන එන්සයිම සංශ්ලේෂණය
155
ශාකවල හටගන්නා යකඩ ඌණතා ලක්ෂණ මොනවා ද?
- ළපටි පත්‍රවල හරිතක්ෂය ඇති වීම
156
ශාකවල ක්‍රියාකාරිත්වය ස‍වහා කැල්සියම් ඉටු කරන කාර්‍යභාර කුමක් ද?
- සෛල බිත්තියේ සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම - ප්ලාස්ම පටලයේ ව්‍යුහය හා කෘත්‍ය පවත්වා ගැනීමට වැදගත් වීම - එන්සයිමවල මනා ක්‍රියාකාරිත්වයට වැදගත් වීම
157
ශාක පෙන්වන කැල්සියම් ඌණතා ලක්ෂණ මොනවා ද?
- පත්‍ර අග්‍රස්ථය මිය යාම
158
ශාක තුළ සින්ක් ඉටුකරන කාර්‍යභාරය කුමක් ද?
- බොහෝ එන්සයිමවල ක්‍රියාකාරීත්වයට වැදගත් වීම - හරිතප්‍රද සංශ්ලේෂණයට අවශ්‍ය වේ
159
ශාකවල හටගන්නා සින්ක් ඌණතා ලක්ෂණ මොනවා ද?
- ශාකය පුරා මැරුණු සෛලයන්ගෙන් යුත් පටක ඇති වීම - පත්‍ර අනවශ්‍ය ඝනකමකින් යුතු වීම
160
ශාක තුළ පූටිකා විවෘත වීමහා වැසීම පාලනය කරන ඛනිජය කුමක් ද?
පොටෑසියම්
161
ළපටි පත්‍රවල හරිතක්ෂය ඇති වන්නේ කුමන මුලද්‍රව්‍යය ඌණ වීම නිසා ද?
අයන්
162
පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වන්නේ කුමන මූලද්‍රව්‍ය හීන වීම නිසා ද?
නයිට්‍රජන්
163
පත්‍ර අග්‍රස්ථය මිය යන්නේ කුමන මූලද්‍රව්‍ය හීන වීම නිසා ද?
කැල්සියම්
164
නාරටි හා නාරටි අසල පෙදෙස්වල හරිතක්ෂය ඇතිවන්නේ කුමන මූලද්‍රව්‍යය හීන වීම නිසා ද?
සල්ෆර්
165
පත්‍රවල කහ හෝ දුඹුරු පැහැ වර්ණ ඇති වන්නේ කුමන මූලද්‍රව්‍යය ඌණ වීම නිසා ද?
පොටෑසියම්
166
හරිතප්‍රද සහ ශ්වසන එන්සයිම සංශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය මූලද්‍රව්‍යය කුමක් ද?
යකඩ
167
මුල්වල වර්ධනය හීන වන්නේ කුමන මූලද්‍රව්‍යය ඌණ වීම නිසා ද?
පොස්ෆරස්
168
විටමින් බෙදෙන කොටස් දෙක මොනවා ද?
1. ජල ද්‍රාව්‍ය විටමින් 2. ජල ද්‍රාව්‍ය නොවන විටමින්
169
විටමින් වර්ග නම් කරන්න
A, B,C, D, E සහ K
170
ජලයේ ද්‍රාව්‍ය විටමින් වර්ග මොනවා ද?
විටමින් B සහ C
171
ජලයේ අද්‍රාව්‍ය විටමින් වර්ග මොනවා ද?
විටමින් A, D, E, සහ K
172
මේදයේ දිය වෙන්නේ කුමන විටමින් වර්ග ද?
ජලයේ අද්‍රාව්‍ය විටමින් වර්ග (A, D, E, K)
173
විටමින්වල ලක්ෂණ මොනවා ද?
- කාබනික සංයෝග වේ - ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වේ - නිරෝගීබව පවත්වා ගැනීමට දායක වෙයි
174
විටමින් A වලින් දේහයට ඇති ප්‍රයෝජන මොනවා ද?
- පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණක සෑදීමට වැදගත් වේ - සම පැහැපත් ව හා නිරෝගී ව පවත්වා ගැනීමට වැදගත් වේ
175
විටමින් A ඌණතා ලක්ෂණ මොනවා ද?
- රාත්‍රි අන්ධතාව - ඇසේ බිටෝ ලප ඇති වීම - සමේ වියළි බව - වැලමිට, දණහිස ආදියේ කටු වැනි බිබිලි මතු වීම - ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග
176
විටමින් B වල වැදගත්කම් මොනවා ද?
- රතු රුධිරාණු සෑදීමට අවශ්‍ය වේ - සම නිරෝගී ව පවත්වා ගැනීමට වැදගත් වේ - ස්නායු පටකවල නිසි පැවැත්මට වැදගත් වේ - මේද පරිවෘත්තිය සඳහා වැදගත් වේ - ඇටමිදුළු නිර්මාණයට අවශ්‍ය වේ - රක්තාණුවල පරිණතියට වැදගත් වේ - ප්‍රතිදේහ සෑදීමට අත්‍යවශ්‍ය වේ
177
විටමින් B ඌනතා ලක්ෂණ මොනවා ද?
- බෙරි බෙරි රෝගය - මුඛ කොන් වණ වීම - රක්තහීනතාව - සමේ වියළි බව සහ වර්ණ වෙනස් වීම - ප්‍රතිදේහ සෑදීම අවම වීම
178
විටමින් C වල ප්‍රයෝජන මොනවා ද?
- සමේ නිරෝගීභාවය සඳහා වැදගත් වීම - දත්වල එනැමලය සෑදීමට අවශ්‍ය වීම - කොලැජන් තන්තු සංශ්ලේෂණය සඳහා සහභාගී වීම
179
විටමින් C ඌණතා ලක්ෂණ මොනවා ද?
- විදුරුමස් දුර්වල වීම - අභ්‍යන්තර රුධිර ගැලීම් ඇති වීම - රෝග සුව වීමට කල් ගත වීම - ස්කර්වි රෝගය
180
විටමින් D වල කාර්‍යය කුමක් ද?
- කැල්සියම් සහ පොස්ෆරස් අවශෝෂණය පාලනය
181
විටමින් D ඌණතා ලක්ෂණ මොනවා ද ?
රිකට්සියාව (අස්ථි විකෘති වීම)
182
විටමින් E වල ප්‍රයෝජනය කුමක් ද?
පටක සහ සෛල වර්ධනය සඳහා අවශ්‍ය වීම
183
විටමින් E ඌණතා ලක්ෂණ මොනවා ද?
- පරිණත නොවූ දරු උපත් සිදු වීම - රතු රුධිරාණු බිඳී යාම වේගවත් වීම - සෛල විභාජනයේ දුර්වලතා ඇති වීම - ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා
184
විටමින් K ශරීරයට ප්‍රයෝජනවත් වන්නේ කෙසේ ද?
- රුධිරය කැටි ගැසීමට අවශ්‍ය සංයෝග සෑදීමට වැදගත් වීම
185
විටමින් K ඌණතා ලක්ෂණ මොනවා ද?
රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම
186
ප්‍රජනනය සම්බන්ධ දුර්වලතා ඇති වන්නේ කුමන විටමිනය ඌණ වීම නිසා ද?
විටමින් K
187
රක්තහීනතාවය ඇති වන්නේ කුමන විටමිනය හීන වීම නිසා ද?
විටමින් B
188
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවන්නේ කුමන විටමිනය හීන වීම නිසා ද?
විටමින් A
189
ස්කර්වි රෝගය ඇතිවන්නේ කුමන විටමිනය ඌණ වීම නිසා ද?
විටමින් C
190
රිකට්සියාව ඇති වන්නේ කුමන විටමිනය ඌණ වීම නිසා ද?
විටමින් D
191
බෙරි බෙරි රෝගය ඇති වන්නේ කුමන විටමින් ඌණතාවය නිසා ද?
විටමින් B
192
පරිණත නොවූ දරු උපත් සිදුවන්නේ කුමන විටමින් ඌණතාවය නිසා ද?
විටමින් K
193
රාත්‍රි අන්ධතාවය ඇති වන්නේ කුමන විටමින් ඌණතාවය නිසා ද?
විටමින් A
194
ප්‍රතිදේහ සෑදීම අවම වන්නේ කුමන විටමින් ඌණතාවය නිසා ද?
විටමින් B
195
සෛල විභාජනයේ දුර්වලතා ඇති වන්නේ කුමන විටමින් ඌණතාවය නිසා ද?
විටමින් K
196
ඇසේ බිටෝ ලප ඇති වන්නේ කුමන විටමින් ඌණතාවය නිසා ද?
විටමින් A
197
අභ්‍යන්තර රුධිර ගැලීම් ඇති වන්නේ කුමන විටමින් ඌණතාවය නිසා ද?
විටමින් C
198
ඌණතාවය හේතුවෙන් මානසික සංවර්ධනයට බාධා කරන මූලද්‍රව්‍යය දෙක මොනවා ද?
යකඩ සහ අයඩින්
199
පත්‍ර මත රතු හා දම් පැහැති ලප හටගන්නේ කුමන මූලද්‍රව්‍යය හීන වීම නිසා ද?
පොස්ෆරස්
200
මුඛ කොන් වණ වීම සිදු වන්නේ කුමන විටමිනය හීන වීම නිසා ද?
විටමින් B