යුගල පද (භාෂාව) Flashcards
1
Q
යුගල පද ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ. එම කොටස් තුන කුමක්ද?
A
- විරුද්ධාර්ථ යුගල පද
- සමාන අර්ථයෙන් යුතු යුගල පද
- අර්ථයෙන් තොර වුවත්, පලමු පදයේ ශබ්දය හා සැසදෙන එහි අදහස ශක්තිමත් කරන දෙවන පදයකින් යුතු යුගල පද
2
Q
විරුද්දාර්ථ යුගල පදයක් ලියන්න.
A
අය - වැය
දුක - සැප
3
Q
සමාන අර්ථයෙන් යුතු යුගල පදයක් ලියන්න.
A
අරුම - පුදුම
කෙළි - සෙල්ලම්
4
Q
අර්ථයෙන් තොර වුවද, පළමු පදයේ ශබ්දය හා සැසදෙන එහි අදහස ශක්තිමත් කරන දෙවන පදයකින් යුතු යුගල පදයක් ලියන්න.
A
පඩි - නඩි
අස් - පස්
5
Q
01) අහු -
02) අණක් -
A
01) මුලු
02) ගුණක්
6
Q
03) අනම් -
04) අරුම -
A
03) මනම්
04) පුදුම