කහපාට කොටස (අත්‍යාවශ්‍ය කරුණු) Flashcards
‘දියමන්ති මාලය’ නැමැති ප්‍රංශ කෙටි කතාව ලීවේ කවුද?
ගීද මෝපසං
“ගීද මෝපසං” ලේඛකයා කිනම් ජාතිකයෙක්ද?
ප්‍රංශ ජාතිකයෙක්
ගුත්තිල කාව්‍ය ලීවේ කවුද ?
වෑත්තෑවෙ හිමි
වැත්තෑවේ හිමියන්ගේ ගුරු ස්වාමින් කවුරුන්ද?
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
“බැද්දේගම” නව කතාව ලීවේ කවුරුද?
ලෙනාඩ් වුල්ෆ් මහතා
ඔවු කුමන ජාතිකයෙක්ද
ඉංග්‍රීසී ජාතිකයෙක්
ලෙනාඩ් මහතාගේ මහත්මියගේ නම කුමක්ද ?
ඇඩ්ලින් වර්ජිනියා ස්ටෙෆන්
ලංකාවේදි තමා ලද අත්දැකීම් පාදක කරගෙන 1913දී ලියූ ඉංග්‍රීසි නවකතාව කුමක්ද?
Village in the jungle
“Village in the Jungle” නම් කෘතිය සිංහලයට අනුවර්තනය කලේ කවුරුන්ද?
ඒ.පි.ගුණරත්න
ඒ.පි.ගුණරත්නයන් විසින් සිංහලයට අනුවර්තනය කරන ලද පොත් මොනවාද?
The Monkey - වානරයා
Savage Sanctuary - වණ සරණ
Vanished Trails - මැකි ගිය දඩමං
Where the White Sambhur Roams - සුදු ගෝනා
රත්න ශ්‍ර්‍රී යන්ගේ සම්පූර්ණ නම කුමක්ද?
රත්න ශ්‍රී විජේසිංහ
රත්න ශ්‍ර්‍රියන් ගේ උපත කවදාද?
කොහෙදීද?
1953 ජූනි 2දිදා
දකුණු පලාතේ නාකියාදෙණිය තෙල්ලඹුරේ ග්‍රාමයේදි
ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසල් මොනවාද?
නාවල රජයේ පාසල
තෙල්ලඹුරේ විද්‍යාකාන්ති විදුහල
තෙල්ලබුර දුටුගැමුණු විදුහල
A . ඔහු ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කිනම් පාසලකින්ද?
B. ඔහු උසස් අධ්‍යාපනය සදහා අධ්‍යාපනය ලැබූ පාසල කුමක්ද?
C. ඔහු උසස් අධ්‍යාපනය හදාරනු ලැබුවේ කිනම් අංශයකින්ද?
A. හික්කඩුවේ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයෙන්
B. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්
C. විද්‍යා අංශයෙන්
ඔහු උපාදි ලබා ගත් විශ්වවිද්‍යාල දෙක කුමක්ද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
කැලණිය විශ්වවිද්‍යාලය