කවි පද Flashcards
ගුත්තිල ඇදුරු සද …..
වීණා වයන ලෙස ඉද
පසෙක පනවන ලද
සුදුසු අස්නෙක ගොසින් උන් සද
නොදැනම තමා බල ….
සබයට අවුත් නො පැකිළ
වැද රද පද කමල
දෙසෙක මූලසිලයා ද උන් කල
සිදු වේ මැ යි වෙසෙස
මහ බෝසතුන් අදහස
ඉන් සුර පුරෙන් බැස
අවුත් බෝසත්හු දිනවන ලෙස
කැර මිණි බරණ රැස්
රසින් සුර සැවු සුවහස්
සුරන් සහ සහසස්
නො කැර සිටියේ අහස් කුස හිස්
දෙදෙන ම ඉද දෙ පිට
සව් සත් සතන් තුටු කොට
සුර ගදඹුන් ලෙසට
පටන් ගෙන වෙණ ගායනාවට
නවතා ගිගිරියේ
අසන ලෙස සිත් පිරියේ
කැර කන් බිහිරියේ
කරත වෙණ ගායනා සරියේ
අප බෝසතුන් මිස
අනෙකකු නො ම අසන ලෙස
ඖර රජ සිට අහස
තතක් සිදුව යි කී ය එ විගස
ගුත්තිල මහ සිපී
සක් දෙව් බසින් සැපති
මින් දිනමැ යි දැපී
බමර තත පලමුවෙන් සිදපී
තත මතුද සින්දේ
පිළිමල් දප ද සින්දේ
යස දිගත ඇන්දේ
විජය සිරි සද ගෙන වැලැන්දේ
සුන් එ තතින් එ සද
පසු කැර සුරන් වෙණ නද
දියුණු දියුණු ව නද
මික්ම පැතිරෙන දසත විනිවද
කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්ද මන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමා වීණා තත ද සින්දේ
අනුවනණකම් කෙළේ
ගුරුන් ගුණ සිහි නො කෙළෙ
නද ඉන් නො පතළේ
අයස ම ය මුළු දියත පතළෙ
දෙ වැනි තුන් වැනි තත
සතර වැනි පස් වැනි තත
ස වැනි සත් වැනි තත
මෙ සේ සිදි සද මෙ අප බෝසත
දිය දිය ගොස පළ කරෙමින් සපැමිණි
ගිය ගිය තැන ඉස්වා රන් මිතු මිණි
ගිය ගිය දිය නද එන මෙන් ගෙන මිණි
සිය සිය ගුණයෙන් වෙණ නද නික්මිණි
පිය සන් නො ව බිගු දැල් රැදි කොපුලී
අවසන් නො ව වෙණ නදට ම කුහුලී
මද සන් සුන් පියොවින් සිටි නොසැලී
ජගජ සෙන් සිතියම් ගජ සිරි කියෙලී
කන් කලු වෙණැ නද ඇසුමෙහි ලොබිනේ
රන් රසු දැල් කොලහල වන බියෙනි
සන් සල නොව එහි පිළිරූ ලෙසිනේ
නන් හය සෙන් සිටියෝ සිටි මතිනේ
නිති නිරිදුගෙ රැකවලෙහි නියුත්තෝ
රුති ලෙස රුපුනොද බිද ජය ගත්තෝ
පැති රෙන වෙණ නද බැදුණු සිතැත්තෝ
අති නවි ගිලිහෙන බව නොම දත්තෝ
මන මත් කරවන දන මුළු දෙරණා
රසවත් වන වෙණ නද නද කරණා
සවනොත් සද පුරගන ලොබ දිවුණා
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා
පන් සිළු වීණා නද පසු බැස්වු
මන් පිනවන වෙණ නදයෙන් තිස්වූ
නන් දන කැන් දුටුව ද බිය සිස්වූ
මින් රළවුත් ගེ වෙරළට රැස්වු
වර වෙණ නද අසමින් සිත සතොසිනි
සර හැර සියොතුන් පියපත් විදිමිනි
පුර ඹර වසමින් සිටි රග කුම් වැනි
සුර සෙනගට සුරසුන් පැනවු වැනි
යොදා සවන් වෙණ නද රස සුලබව
නදා එකග සිත් වත නො ම සකොබව
සදා කුලය නොහැර ම එන අසුබව
එදා ගියේ රිළවුන් සන්සල බව
එමා සත්හු වෙණ නද අසමානය
සමා නො වෙති කොවුලෝ උපමානය
තමා නාද මිහිරැයි යන මානය
දමා එයින් වින්දෝ අවමානය
අසන රිසින් නයි කැල ඔසළෝයා
ඔවුන වෙත ම සිටිනා ගුරුළෝය
වයන එ වෙණ නද ලොබ ම කළෝය
එදින වයිර සිත සිහි නො කළෝය