Thermal Physics Flashcards
තාපගති විද්‍යාවේ මූලික නියමය හා එහි සමීකරණය
වස්තුවකට බාහිරින් ලබා දෙන තාප ශක්තිය, වස්තුවේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීමේත් වායුව මගින් සිදුකරන කාර්යයේත් එකතුවට සමාන වෙයි
"ΔQ = ΔU + ΔW"
තාප ගති විද්‍යාවේ මූලික නියමයට අදාල සමීකරණයේ පදාර්ථ දක්වන්න
ΔQ = වස්තුවට බාහිරින් ලබාදුන් තාපය ΔU = අභ්‍යන්තර ශක්ති වැඩිවීම ΔW = පද්ධතිය මගින් සිදු කළ කාර්යය
නියත පීඩනය පවතින පද්ධතියක වායු ප්‍රසාරණය වීමේ දී ΔW =
ΔW = PΔV
P-V වක්‍රයේ වර්ගඵලයෙන් සිදුකරන ලද කාර්යය ලබාගත හැක
සමෝෂ්ණ ක්‍රියාවලියක් යනු
දී ඇති වායුවක් උෂ්ණත්වය නියතව පවත්වා ගනිමින් සිදු කරනු ලබන පරිවර්තනයක් සමෝෂ්ණ ක්‍රියාවලියක් ලෙස හැඳින්වේ
සමෝෂ්ණ ක්‍රියාවලියකට උදාහරණ
අවස්ථා විපර්යාස
සමෝෂ්ණ ක්‍රියාවලියකදී ΔU = , ΔQ =
ΔU = 0 ΔQ = ΔW
ස්ථිරතාපී ක්‍රියාවලියක් යනු
පද්ධතියක් වෙත තාපය ඇතුළු වීම හා එමගින් තාපය හානි වීම ඇති නොවන පරිදි සිදුකරන ලබන ක්‍රියාවක්
ස්ථිරතාපී ක්‍රියාවලියකදී ΔQ = , ΔU =
ΔQ = 0 ΔU = -ΔW
ස්ථිරතාපී ක්‍රියාවලියකට සම්බන්ධ සමීකරණ
PVᵞ = K
P¹⁻ ᵞ Tᵞ = K
TV ᵞ ⁻¹ = K