08. මහනුවර රාජධානිය Flashcards
මහනුවර රාජධානිය හඳුන්වන අනෙක් නම් මොනවා ද?
- කන්දෙ නුවර
- සෙංකඩගල
- උඩරට රාජධානිය
කන්ද උඩරට රාජධානියේ අගනුවර වූයේ කොහේ ද?
මහනුවර
මහනුවර නගරයට ආරක්ෂාව සපයන ලද ගඟ කුමක් ද?
මහවැලි ගඟ
මහනුවර නගරයට ආරක්ෂාව සැපයූ දුර්ග මාර්ග මොනවා ද?
- බලන
- හුන්නස්ගිරිය
උඩරට රාජධානියේ ආරම්භක පාලකයා කවු ද?
සේනා සම්මත වික්‍රමබාහු රජු
සේනා සම්මත වික්‍රමබාහු රජුගේ පුතා කවු ද?
ජයවීර බණ්ඩාර (1511 - 1551)
ජයවීර බණ්ඩාර රජුගේ කාලයේ සීතාවක සිටි පාලකයා කවු ද?
මායාදුන්නේ රජු
විජයබා කොල්ලය ඇති වූයේ කුමන පාලකයාට විරුද්ධ ව ද?
කෝට්ටේ පාලනය කළ හයවන පරාක්‍රමබාහු රජුට විරුද්ධ ව
ජයවීර බණ්ඩාර රජුගේ සහ සීතාවක පාලක මායාදුන්නේ රජුගේ මිත්‍රත්වය තහවුරු වන සිදුවීමක් ලියන්න
ජයවීර බණ්ඩාර රජු විජයබා කොල්ලය සඳහා මායාදුන්නේ රජුට සහය වීම
සේනා සම්මත වික්‍රමබාහු රජුගෙන් පසු රජකමට පත් වූයේ කවු ද?
ජයවීර බණ්ඩාර රජු
ජයවීර බණ්ඩාර රජුගේ පුතා කවු ද?
කරලියැද්දේ බණ්ඩාර
කරලියැද්දේ බණ්ඩාර රජුගේ පාලන ප්‍රතිපත්ති කෙරෙහි උඩරට රදලයන් අමනාප වූයේ ඇයි?
රජු පෘතුගීසීන්ට හිතවත් ව කටයුතු කිරීම
කරලියැද්දේ බණ්ඩාර රජු ආක්‍රමණය කිරීම සඳහා උඩරට රදලයන් සහය දුන් රජු කවු ද?
සීතාවක රාජසිංහ රජු (පළවන රාජසිංහ)
සීතාවක රාජසිංහ රජුට උඩරට ආක්‍රමණය කිරීමට උපකාර කළ රදල ප්‍රධානියා කවු ද?
වීරසුන්දර බණ්ඩාර
සීතාවක රාජසිංහ රජුගේ ආක්‍රමණය නිසා පෘතුගීසීන් වෙත ගියේ කවු ද?
- කරලියැද්දේ බණ්ඩාර රජු
- කුසුමාසන දේවිය
- යමසිංහ බණ්ඩාර
කරලියැද්දේ බණ්ඩාර රජුගේ දියණිය කවු ද?
කුසුමාසන දේවිය
කරලියැද්දේ බණ්ඩාර රජුගේ බෑණා කවු ද?
යමසිංහ බණ්ඩාර
පෘතුගීසීන් වෙත පලා යාමෙන් අනතුරු ව කරලියැද්දේ බණ්ඩාර රජුගේ දියණිය හැඳින් වූ නම කුමක් ද?
කුසුමාසන දේවිය (දියණිය) : දෝන කතිරිනා
පෘතුගීසීන් වෙත පලා යාමෙන් අනතුරු ව යමසිංහ බණ්ඩාර හඳුන්වන ලද නම කුමක් ද?
දොන් පිලිප්
සීතාවක රාජසිංහ රජු උඩරට යටත් කරගත් වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1580 පමණ
වීරසුන්දර බණ්ඩාර නම් රදල ප්‍රධානියා ව ඝාතනය කළේ කවු ද?
සීතාවක රාජසිංහ රජු
වීරසුන්දර බණ්ඩාර නම් රදල ප්‍රධානියාගේ පුතා කවු ද?
කොනප්පු බණ්ඩාර
කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත පලා ගියේ ඇයි?
ඔහුගේ පියා වන වීරසුන්දර බණ්ඩාරව සීතාවක රාජසිංහ රජු මරණයට පත් කිරීම
කොනප්පු බණ්ඩාර පෘතුගීසින් වෙත පලා යාමෙන් පසු ඔහු බෞතීස්ම කළ නම කුමක් ද?
අවුස්ත්‍රියාවේ දොන් ජුවාන්
පෘතුගීසීන් සීතාවක රාජසිංහ රජු උඩරට පාලනය කරන සමයේ එහි බලය පිහිටු වීම සඳහා යවන ලද්දේ කවු ද?
යමසිංහ බණ්ඩාර
පෘතුගීසින් යමසිංහ බණ්ඩාර උඩරටට එවීමේ දී ඔහුගේ ආරක්ෂාව සඳහා හමුදාවත් සමග එවුවේ කවු ද?
කොනප්පු බණ්ඩාර
යමසිංහ බණ්ඩාර මිය යාමෙන් පසු උඩරට රජ වූ රජු කවු ද?
පළවන විමලධර්මසූරිය රජු (1592-1604)
රජවීමේ දී කොනප්පු බණ්ඩාර යොදාගත් නම කුමක් ද?
**පළවන විමලධර්මසූරිය*-
පළවන විමලධර්මසූරිය රජු බලයට පත් වීමත් සමග මුහුණ දීමට සිදු වූ අභියෝග මොනවා ද?
- නිත්‍යනුකූල රාජ්‍ය උරුමයක් නො වීම
- උඩරට රාජධානිය සීතාවක රාජධානියේ බලපෑමෙන් මුදා ගත යුතු
වීම - උඩරට රාජධානිය පෘතුගීසි බලපෑමෙන් බේරා ගත යුතු වීම
- පරිහානියට පත් බුදු සසුන නගා සිටුවීම
- මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු දියුණු කිරීම
පළවන විමලධර්මසූරිය රජු උඩරට නිත්‍යනුකූල අයිතිය තහවුරු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවා ද?
- උඩරට රාජධානියේ නිත්‍යනුකූල අයිතිය හිමි වූ කුසුමාසන දේවිය විවාහ කර ගැනීම
- රෝමානු කතෝලික ආගම අත හැර බුදු දහම වැළඳ ගැනීම
- විමලධර්මසූරිය නමින් බෞද්ධ නමක් ලබා ගැනීම
- දෙල්ගමුව විහාරයේ සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩම කර වීම
විමලධර්මසූරිය රජු විසින් මහනුවරට ගෙන ඒමට ප්‍රථම දන්ත ධාතුව සඟවා තිබුණේ කොහේ ද?
දෙල්ගමු විහාරයේ
සීතාවක රාජධානියෙන් උඩරටට වන බලපෑම් නැවතීම සඳහා සීතාවක රාජසිංහ රජු පරාජය කළ රජු කවු ද?
පළවන විමලධර්මසූරිය රජු
පළවන විමලධර්මසූරිය රජු පෘතුගීසි ග්‍රහණයෙන් උඩරට මුදා ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවා ද?
- දන්තුරේ සටනේ දී පෘතුගීසීන් අන්ත පරාජය කිරීම
- පෘතුගීසීන්ට එරෙහි ව පහතරට ඇතිවන කැරලිවලට සහය ලබා දීම
- පෘතුගීසීන් පලවා හැරීමට ලන්දේසි සහය ලබා ගැනීමට උත්සාහ කිරීම
දන්තුරේ සටන ඇති වූ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1594
දන්තුරේ සටනෙන් පෘතුගීසීන් අන්ත පරාජය කළ රජු කවු ද?
පළවන විමලධර්මසූරිය රජු
බුදු දහම නගා සිටුවීම සඳහා පළවන විමලධර්මසූරිය රජු ගත් ක්‍රියාමාර්ග මොනවා ද?
- බුරුම දේශයෙන් උපසම්පදාව ගෙන ඒම
- ලංකාතිලකය, රිදී විහාරය, ගඩලාදෙණිය වැනි වෙහෙර විහාර අලුත්වැඩියා කිරීම
පළවන විමලධර්මසූරිය රජු විසින් අලුත්වැඩියා කරන ලද විහාර මොනවා ද?
- ලංකාතිලකය
- රිදී විහාරය
- ගඩලාදෙණිය
පළවන විමලධර්මසූරිය රජු මහනුවර රාජධානියේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවා ද?
- ගොවිතැන දියුණු කිරීම
- කපු වගාව සඳහා අනුබල දීම
- කොත්මලේ හා වලපනේ ප්‍රදේශයේ යකඩ හා වානේ කර්මාන්තය දියුණු කරවීම
- උඩරට රාජ්‍ය ආශ්‍රිත වෙඩි ලුණු කර්මාන්තයේ දියුණුවට පියවර ගැනීම
පළවන විමලධර්මසූරිය රජු මිය යාමට හේතුව කුමක් ද?
හදිසියේ වැළඳුණු දරුණු උණ රෝගයක්
පළවන විමලධර්මසූරිය රජු මියගිය වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1604