04. ශ්‍රී ලංකාවේ පැරණි සමාජය Flashcards
රටක පාලනය මෙහෙයවන ආයතන තුන කුමක් ද?
- ව්‍යවස්ථාදායකය
- විධායකය
- අධිකරණය
ව්‍යවස්ථාදායකය යනු කුමක් ද?
රටක නීති සම්පාදනය කරන ආයතනයයි
පුරාණ කාලයේ විධායකය ලෙස ක්‍රියාත්මක වූයේ කුමන ආයතනය ද?
රාජ සභාව
අතීතයේ විසූ සාමාන්‍ය ජනතාව පිළිබඳ තොරතුරු සුළු ප්‍රමාණයක් ලැබීමට හේතුව කුමක් ද?
බොහෝ ඓතිහාසික මූලාශ්‍ර පාලකයින්, රජයේ නිලධාරීන්, ආගමික නායකයින් වැනි ප්‍රභූන්ගේ විස්තර වැඩි වශයෙන් ඉදිරිපත් කිරීම
‘රජය’ යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද?
ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුනෙහි එකතුව
විධායකය යනු කුමක් ද?
නීති ක්‍රියාත්මක කරන ආයතනය
අධිකරණය ඉටු කරන කාර්‍යභාරය කුමක් ද?
නීති උල්ලංඝනය වීමෙන් සමාජයකට ඇති විය හැකි හානිය වළක්වා රට වැසියා වෙත යුක්තිය පසිඳලීම
අතීතයේ දී ශ්‍රී ලංකාවේ දක්නට ලැබුණු පාලන ක්‍රමයේ තිබූ අංග මොනවා ද?
විධායකය සහ අධිකරණය
අතීතයේ දී ව්‍යවස්ථාදායකය ලෙස වෙන ම ස්වාධීන ආයතනයක් නොතිබීමට හේතුව කුමක් ද?
- එකල රාජාණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වීම
- මේ නිසා විධායකය ම ව්‍යවස්ථාදායකය ලෙස ද ක්‍රියාත්මක විය
ක්‍රි. ව. නවවන සියවසේ සෙල්ලිපිවල විධායකය සහ ව්‍යවස්ථාදායකය හැඳින්වීමට යොදා තිබූ යෙදුම කුමක් ද?
එක්තැන්සමිය
එක්තැන්සමිය යන වචනය සෑදී ඇත්තේ කෙසේ ද?
- ඒක ආස්ථාන සාම්‍යය
- ඒක ආස්ථාන : රාජ සභාව
- සාම්‍යය : එකඟතාව
ක්‍රි. ව. නවවන සියවසට අයත් ව්‍යවස්ථාදායකය හා විධායකය පිළිබඳ තොරතුරු සඳහන් වන සෙල්ලිපිය කුමක් ද?
අනුරාධපුර බුද්ධන්නේහෙල සෙල්ලිපිය
බුද්ධන්නේහෙල සෙල්ලිපියේ සටහන් වන්නේ කුමක් ද?
“අප මෙතුවාක් දෙනා අවුද් වත්හිමියන් වහන්සේ වදාළ එක්තැන් සමියෙන්” යන සටහන
බුද්ධන්නේහෙල සෙල්ලිපිය පිහිටුවා තිබෙන්නේ ඇයි?
ඉඩම් පූජාවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා
බුද්ධන්නේහෙල සෙල්ලිපියේ ඇති පාඨයේ අර්ථය කුමක් ද?
මේ ඉඩම් පිරිනමන්නේ “රාජ සභාවේ එකඟතාවෙන් රජු අණ කළ නිසා” බව
එක්තැන්සමිය යන්නෙහි අර්ථය කුමක් ද?
‘රාජ සභාවේ එකඟතාව’ යන අදහස
බුද්ධන්නේහෙල සෙල්ලිපියේ රජු හැඳින්වීමට යොදා ඇති පදය කුමක් ද?
වත්හිමියන්
ක්‍රි. ව. නවවන සියවසේ සෙල්ලිපිවලට අනුව ‘සභාව’ යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?
අධිකරණය
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සොයා ගත් සෙල්ලිපියේ සඳහන් වන පරිදි රජයේ ඉඩම් බෞද්ධ විහාරයක් වෙත පිරිනැමීමට ආ නිලධාරීන් දෙදෙනා කවු ද?
- මැණින්ගමුවේ උදය (මැණින්ගමු උදහි)
- නිකවැල්ලේ සේන (නිකවැලි සෙනු)
ඉඩම් පූජාවක් සඳහා අධිකරණයෙන් පැමිණි නිලධාරීන් දෙදෙනෙක් ගැන ක්‍රි.ව. නවවන සියවසට අයත් අනුරාධපුර සෙල්ලිපියක සටහන් වන්නේ කෙසේ ද?
“සභායෙන් ආ මැණින්ගමු උදහි ඉසා නිකවැලි සෙනු ඉසා” ලෙස
ක්‍රි. ව. නවවන සියවසට අයත් අනුරාධපුර සෙල්ලිපියේ සඳහන් වන පරිදි උදය සහ සේන නම් නිලධාරීන් පැමිණ කළ ඉඩම් පිරිනැමීම කුමක් ද?
කෙරෙළෑගම නම් ඉඩම මහින්දාරාම නම් මෙහෙණි ආරාමයට පිරිනැමීම
ඉඩම් පිරිනැමීමේ දී අධිකරණ නිලධාරීන්ගේ රාජකාරිය වන්නට ඇත්තේ කුමක් ද?
- පිරිනමන ලද ඉඩමේ සීමා ලේඛනගත කිරීම
- ඉඩම භුක්ති විඳීමට අදාළ කොන්දේසි ලේඛනගත කිරීම
‘මහලේ’ යන පදයේ තේරුම කුමක් ද?
මහා ලේඛක හෙවත් ‘මහ ලේකම්’ යන්න
රජයේ ලේකම්වරුන්ගේ රාජකාරිය වූයේ කුමක් ද?
- රජයේ සියලු කටයුතු ලේඛනගත කිරීම
- එම ලේඛන ආරක්ෂා කිරීමට කටයුතු සම්පාදනය
මහ ලේකම්වරයෙකු ගැන තොරතුරු සඳහන් වන සෙල්ලිපිය කුමක් ද?
මැදිරිගිරිය සෙල්ලිපිය
මැදිරිගිරිය සෙල්ලිපියේ සඳහන් වන්නේ කුමක් ද?
මැදිරිගිරිය ඇත්වෙහෙර පධානඝරයකට දෙවන සේන රජතුමාගේ අණින් පිරිනමන ලද ඉඩම් පූජා කර එහි නීතිමය කටයුතු කිරීමට කාශ්‍යප නම් මහ ලේකම්වරයා (මහලේ කස්බා) එහි පැමිණි බව
මැදිරිගිරිය සෙල්ලිපියේ දැක්වෙන ඉඩම් පූජාව කුමක් ද?
මැදිරිගිරිය ඇත්වෙහෙර පධානඝරයකට ඉඩම් පූජා කිරීම
මැදිරිගිරිය සෙල්ලිපියට අනුව ඇත්වෙහෙර පධානඝරයට ඉඩම් පූජා කළ රජු කවු ද?
දෙවන සේන රජු
මැදිරිගිරිය සෙල්ලිපියේ සඳහන් ඉඩම් පිරිනැමීමට අදාළ නීතිමය කටයුතු කිරීමට පැමිණි නිලධාරියා කවු ද?
මහ ලේකම් කාශ්‍යප (මහලේ කස්බා)
අනුරාධපුර යුගයේ විවිධ පළාත් පාලනය සඳහා රජයට සම්බන්ධ පාලන ඒකක තිබූ බව දැක්වෙන සාහිත්‍ය මූලාශ්‍රය කුමක් ද?
වල්ලිපුරම් රන්පත් ලේඛනය
වල්ලිපුරම් රන්පත් ලේඛනය කුමන රජුගේ කාලයේ කරවූවක් ද?
වසභ රජුගේ කාලයේ
වල්ලිපුරම් රන්පත් ලේඛනයට අනුව එවක නාගදීපය පාලනය කළ ඍෂිගිරි නම් ඇමතිවරයා කළ විහාරය කුමක් ද?
පියංගුකතිස්ස නම් විහාරය
ක්‍රි.ව. නවවන සියවසේ සෙල්ලිපිවල ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන මණ්ඩල හඳුන්වා දී ඇත්තේ කෙසේ ද?
දසගම් ඇත්‍තන් ලෙස
දසගම් ඇත්‍තන් යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?
ගම් දහයක් නියෝජනය වන පරිදි ඒවායේ ප්‍රධානීන්ගෙන් සමන්විත මණ්ඩලය
දසගම් ඇත්‍තන් පිළිබඳ ව සඳහන් වන සෙල්ලිපිය කුමක් ද?
මාතලේ දිස්ත්‍රික්කයට අයත් පැරණි බෞද්ධ විහාරයක් වන කළුදියපොකුණ සෙල්ලිපිය
කළුදියපොකුණ සෙල්ලිපියේ සඳහන් වන්නේ කුමක් ද?
එම විහාරයට (කළුදියපොකුණ විහාරය) දානය පූජා කිරීමේ දී යම් ගැටළුවක් ඇති වුවහොත් දසගම් ඇත්‍තන් රැස් වී එය විසඳා ගත යුතු බව
පොදු සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීමට කටයුතු කළ රජවරු කවු ද?
- බුද්ධදාස රජු (ක්‍රි.ව. 340 - 368)
- පළමුවන උපතිස්ස රජු (ක්‍රි. ව. 365 - 406)
- හතරවන කාශ්‍යප රජු (ක්‍රි.ව. 898 - 914)
- පස්වන මහින්ද රජු (ක්‍රි. ව. 982 - 1029)
පැරණි සාහිත්‍ය මූලාශ්‍රය වල සඳහන් වෙජ්ජසාලා යන පදයෙහි අදහස් කුමක් ද?
රෝහල්
ක්‍රි. පූ. දෙවන සියවසය අයත් සෙල්ලිපිවල වෛද්‍යවරුන් හඳුන්වා ඇත්තේ කෙසේ ද?
‘වෙජ’ යන නමින්
රෝහල් ඉදිකිරීමට මහත් වෙහෙසක් දැරූ පාලකයා කවු ද?
බුද්ධදාස රජු (ක්‍රි. ව. 340 - 368)
පස්වන මහින්ද රජු (ක්‍රි. ව. 982 - 1029) පොදු සෞඛ්‍ය සේවා දියුණු කිරීම වෙනුවෙන් කළ සේවාව කුමක් ද?
විවිධ ප්‍රදේශවල වූ රෝහල්වලට අවශ්‍ය සියලු ම දේ ලබා දීමට කටයුතු කිරීම
අනුරාධපුර සහ අවට ප්‍රදේශවල දරුණු උණ රෝගයක් පැතිර ගියේ කුමන රජුගේ කාලයේ ද?
හතරවන කාශ්‍යප රජුගේ කාලයේ (ක්‍රි. ව. 898 - 914)
හතරවන කාශ්‍යප රජතුමාගේ කාලයේ අනුරාධපුර පැතිර ගිය උණ රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ඉදි කළ රෝහල හඳුන්වන නම කුමක් ද?
උපසග්ගරෝගනාස
ගැබිනි මව්වරුන්ගේ අවශ්‍යතා සඳහා මාතෘ නිවාස ඉදි කිරීමට පියවර ගත් පාලකයා කවු ද?
පළමුවන උපතිස්ස රජු (ක්‍රි. ව. 365 - 406)
පළමුවන උපතිස්ස රජු විසින් ඉදි කරන ලද මාතෘ නිවාස හඳුන්වන ලද නම කුමක් ද?
පසවන්තිනාම සාලා
පසවන්තිනාම සාලා යන්නෙහි අර්ථය කුමක් ද?
‘දරු ප්‍රසූතිය සඳහා ඉදි කළ ශාලා’ යන්න
දරු ප්‍රසූතිය සඳහා ඇති ගොඩනැගිලි සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කෙසේ ද?
‘තිඹිරිගේ’ ලෙස
අටුවා ග්‍රන්ථවලට අනුව සොත්ථිසාලා යන යෙදුම භාවිතයට ගෙන ඇත්තේ කුමන ගොඩනැගිලි හැඳින්වීමට ද?
- බ්‍රාහ්මණයන් සිය ආගමික කටයුතු පැවැත්වූ ස්ථාන හැඳින්වීමට
- මාතෘ නිවාස හැඳින්වීමට
සොත්ථිසාලා නම් ගොඩනැගිලි විශේෂය පැවතුණේ කුමන රජුගේ කාලයේ ද?
පණ්ඩුකාභය රජුගේ කාලයේ
විදේශ සබඳතා ශක්තිමත් කරගැනිම සඳහා කටයුතු කළ රජවරු කවු ද?
- භාතිකාභය රජු (ක්‍රි. පූ. 22 - ක්‍රි. ව. 7)
- පළමුවන ගජබාහු රජු (ක්‍රි. ව. 114 - 136)
- හයවන අග්ගබෝධි රජු
- පළමුවන විජයබාහු (ක්‍රි. ව. 1070 - 1110)