07. වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම Flashcards
මහාවංසයට අනුව අනුරාධග්‍රාමය නම් ගම අනුරාධපුර ලෙස දියුණු කළ රජතුමා කවු ද?
පණ්ඩුකාභය රජු
ශ්‍රී ලංකාවේ පළමුවන නාගරීකරණයට අයත් රාජධානි මොනවා ද?
- උතුරුමැද වියළි කලාපයේ අනුරාධපුර රාජධානිය
- දකුණු හා ගිනිකොනදිග මාගම රාජධානිය
පළමු නාගරීකරණයට අයත් නගර වර්ධනය වීමේ මූලික ලක්ෂණ පහළ වී තිබූ කාලය කුමක් ද?
ක්‍රි. පූ. 450 පමණ වන විට
අපේ රටේ පැරණිත ම ගම් බිහි වීමට බල පෑ ප්‍රධාන හේතුව කුමක් ද?
ස්ථිරවාසීතාවය
සමාජ ස්තරායනය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?
ආර්ථික හැකියා පදනම් කරගෙන සමාජය ධනවතුන් සහ දුප්පතුන් ලෙස බෙදී යාම
පැරණි නගර බිහි වීමට විශේෂ හේතුවක් වී ඇත්තේ කුමක් ද?
සමාජ ස්තරායනය
විදේශ රටවලින් ආනයනය කරන ලද මැටි භාණ්ඩ, පබළු ආදිය කැණීම් මගින් සොයාගෙන ඇති ප්‍රදේශ මොනවා ද?
- අනුරාධපුරය
- තිස්සමහාරාමය
නගරයක් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද?
වීදි, වෙළෙඳපළවල්, යාතුකර්ම සඳහා අවශ්‍ය ආගමික ගොඩනැගිලි, සෞන්දර්‍යයාත්මක උද්‍යාන, ආරක්ෂක ප්‍රාකාර සහ ජලාශවලින් සමන්විත ජනාවාසයක්
ඉන්දියානු සාගරය හරහා ක්‍රියාත්මක වෙමින් තිබූ අන්තර්ජාතික වෙළෙඳාම අරාබි වෙළෙඳුන් අතට පත් වූයේ කුමන කාලයේ ද?
ක්‍රි. ව. හයවන සියවසෙන් පසු ව
වෙළෙඳාම ඉන්දියානු සාගරයේ නැගෙනහිර කොටසට කේන්ද්‍ර වූ කාලය කුමක් ද?
ක්‍රි. ව. නවවන සියවසෙන් පසු ව
පැරණි අනුරාධපුර නගරය සැලසුම් කළේ කවු ද?
පණ්ඩුකාභය රජු
අනුරාධපුර නගරය දිවයිනේ අග නගරය ලෙස ක්‍රියාත්මක වූ කාලය කොපමණ ද?
වසර 1400 ක් පමණ
අනුරාධපුර යුගයෙන් පසු ව ලංකාව පාලනය සඳහා නැගෙනහිර වෙරළට ආසන්න නගරයක් තෝරා ගැනීමට හේතු වූ කරුණු මොනවා ද
- නැගෙනහිර වෙරළේ පිහිටි වරායවල් සක්‍රිය කිරීම
- එම වරායවල් හරහා රට තුළට ඇදී එන ආදායම පාලනය
- එම ස්ථාන හරහා පැමිණෙන විවිධාකාර පුද්ගලයන්ගෙන් රටේ ආරක්ෂාවට ඇති විය හැකි තර්ජන වළක්වා ගැනීම
පොළොන්නරුව රාජධානිය බිහි කළ රජතුමා කවු ද?
පළමුවන විජයබාහු රජු
විජයබාහු රජුගෙන් පසු ව පොළොන්නරුවේ රජ වූයේ කවු ද?
පළවන පරාක්‍රමබාහු රජු
අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා කවු ද?
පස්වන මිහිඳු රජු
අනුරාධපුර රාජධානිය බිඳ වැටුණේ කවර ආක්‍රමණිකයන්ගේ පහර දීම් නිසා ද?
චෝල ආක්‍රමණිකයන් නිසා
පළමුවන විජයබාහු රජුගෙන් පසු ව නව අග්නිදිග ආසියාතික සම්බන්ධකම් ඇති වූ ආකාරය ලියන්න
- විජයබාහු රජුගෙන් පසු ව රාජ්‍යත්වයට පත් වූ කිහිප දෙනෙක් බුරුමය සහ කාම්බෝජය වැනි ආසියාතික රටවල රාජකීය කාන්තාවන් විවාහ කර ගැනීම
- පොළොන්නරුව යුගය තුළ නිර්මාණය කර ඇතැයි සැලකෙන කලා කෘතිවල අග්නිදිග ආසියාතික ලක්ෂණ මැනවින් ඉස්මතු වීම
අග්නිදිග ආසියාතික වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන ලංකාවේ පොළොන්නරු යුගයේ නිර්මාණ මොනවා ද
- පොළොන්නරුව ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා
- පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය
චෝලයන්ගෙන් රට නිදහස් කරගෙන පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගත් රජතුමා කවුද?
පළවන විජයබාහු රජතුමා
විජයබාහු රජුගේ අභාවයෙන් පසු ව ඇති වූ දේශපාලන ව්‍යාකූලතා අවසන් කර නැවත වරක් රට එක්සේසත් කරනු ලැබුවේ කවු ද?
පළවන පරාක්‍රමබාහු රජතුමා
පළවන පරාක්‍රමබාහු රජතුමාගෙන් පසු ව පොළොන්නරුව යුගයේ සිටි ශක්තිමත් පාලකයා කවු ද?
නිශ්ශංකමල්ල රජු
පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමට හේතු වූ කරුණු මොනවා ද?
- දුර්වල පාලකයන් බලයට පත් වීම
- කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලය
- ආර්ථික පරිහානිය
- කාලිංග මාඝගේ ආක්‍රමණය
පළවන පරාක්‍රමබාහු රජතුමාගේ අභාවය සිදු වූ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1186
පොළොන්නරුව රාජධානිය බිඳ වැටුණු වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1215
ක්‍රි.ව. 1186 - 1215 දක්වා වූ වසර 29 ක කාලයේ දී රජ වූයේ යැයි සැලකෙන පුද්ගලයන් ගණන කීය ද?
12 කි
(නිශ්ශංකමල්ල රජුගේ වසර 9 ක පාලන කාලය ද ඇතුළු ව)
නිශ්ශංකමල්ල රජු අයත්වන වංශය කුමක් ද?
කාලිංග වංශය
පළවන පරාක්‍රමබාහු රජු අයත් වන වංශය කුමක් ද?
පාණ්ඩ්‍ය වංශය
පොළොන්නරු සමයේ දී කාලිංග වංශිකයන් විසින් බලයට පත් කරන ලද පුද්ගලයන් කවු ද?
- නිශ්ශංකමල්ල රජුගේ බෑණා වූ චෝඩගංග
- නිශ්ශංකමල්ල රජුගේ සහෝදරයා වූ සහාසමල්ල
- නිශ්ශංකමල්ල රජුගේ බිසව වූ කල්‍යාණවතී දේවිය
පොළොන්නරු සමයේ දී පාණ්ඩ්‍ය වංශිකයන් විසින් බලයට පත් කරන ලද්දේ කවු ද?
- පළවන පරාක්‍රමබාහු රජතුමාගේ බිසව වූ ලීලාවතී දේවිය තුන් වරක් බලයට පත් වීම
නිශ්ශංකමල්ල රජුගේ බිසවගේ නම කුමක් ද?
කල්‍යාණවතී
පළවන පරාක්‍රමබාහු රජුගේ බිසව කවු ද?
ලීලාවතී දේවිය
මාඝ විසින් පොළොන්නරුව රාජධානිය ආක්‍රමණය කරන ලද වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1215
කාලිංග මාඝගේ ආක්‍රමණයේ ප්‍රතිඵල මොනවා ද?
- පොළොන්නරුව හා රජරට ප්‍රදේශ රැසක් මාඝගේ හමුදාවන්ට යටත් වීම
- භික්ෂූන් වහන්සේලා හා සෙසු ජනතාව රුහුණට, මලය රටට හා මායා රටට සංක්‍රමණය වීම
- රජරට මධ්‍යගත පාලනයෙන් ගිළිහුණු ඇතැම් ප්‍රදේශ වන්නි බවට පත් වීම
- රුවන්වැලිසෑය, ජේතවනය, අභයගිරිය ආදී සිද්ධස්ථාන වල් බිහි වීම
- රජරය ජනාකීර්ණ ව පැවති නගර නටබුන් වීම
පැරණි නගර පරිහානියට හේතු මොනවා ද?
- සතුරු ආක්‍රමණ
- මධ්‍යගත පාලනය බිඳ වැටීම
- ආරක්ෂාව නැති වීම
- වෙළෙඳාම හා ගමනාගමනය කටයුතු අඩපණ වීම
- ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම
නිරිත දිග ප්‍රදේශයේ සිදු වූ නගර බිහි වීම දෙවන නාගරීකරණයක් ලෙස සැලකීමට හේතු මොනවා ද?
- දේශපාලන බලය විමධ්‍යගත වීම නිසා පාලන මධ්‍යස්ථාන කිහිපයක් සමකාලීන ව ක්‍රියාත්මක වීම
- නව වරායවල් සංවර්ධනය වීම
- සාහිත්‍යයේ කැපී පෙනෙන පුනර්ජීවයක් ඇති වීම
පළමු හා දෙවන නාගරීකරණය යටතේ වර්ධනය වූ නගරවල වෙනස්කම් මොනවා ද?
- පළමුවන නාගරීකරණයේ දී යම් ජ්‍යාමිතික සැලැස්මකට අනුව නගර බිහි වීම සහ දෙවන නාගරීකරණයේ දී නිදහස් ආකෘතියකට නගර ගොඩනැගීම
- දෙවන නාගරීකරණ සමයට අයත් නගර පළවන නාගරීකරණයට අයත් නගරවලට වඩා ප්‍රමාණාත්මක ව කුඩා වීම
දඹදෙනිය රාජධානිය බිහි වූ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1232
පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමෙන් පසු ආරක්ෂිත ස්ථානවල දුර්ග පිහිටුවාගෙන රටත්, ශාසනයත් සතුරන්ගෙන් ආරක්ෂා කළ ස්වදේශීය නායකයන් කවු ද?
- සුභ සෙනෙවියා
- බුවනෙකබාහු ආදිපාදවරයා
- සංඛ සෙනෙවියා
පොළොන්නරුව යුගයෙන් පසු දුර්ග පිහිටුවාගෙන රට ආරක්ෂා කළ පුද්ගලයන් සහ එම දුර්ග ලියා දක්වන්න
- සුභ සෙනෙවියා : යාපහුව කඳු මුදුන
- බුවනෙකබාහු ආදිපාදවරයා : රුහුනේ, ගෝවින්දමලය කඳු මුදුන
- සංඛ සෙනෙවියා : මහියංගනයට ආසන්න ගංදෙණිය පර්වතය
දඹදෙනිය යුගයේ ආරම්භක පාලකයා කවු ද?
තුන්වන විජයබාහු රජු
පොළොන්නරු යුගයෙන් පසු දඹදෙනියේ ආරම්භක පාලකයා වූ ප්‍රභූවරයා කවු ද?
දඹදෙනියේ තුන්වන විජයබාහු නම් ප්‍රභූවරයා
දඹදෙනිය රාජධානියේ රජු වීමට පෙර වන්නි නායකයෙකු ලෙස කටයුතු කරන්නට ඇතැයි සැලකෙන රජු කවු ද?
තුන්වන විජයබාහු රජු
පොළොන්නරුව බිඳ වැටීමෙන් පසු ව භික්ෂූන් වහන්සේලා දළදාව සඟවාගෙන ආරක්ෂා කළේ කොහේ ද?
කොත්මලේ ප්‍රදේශයේ
තුන්වන විජයබාහු රජු ඉදිකළ දළදා මාලිගාව කුමක් ද?
බෙලිගල දළදා මාලිගාව
තුන්වන විජයබාහු රජුගේ පාලන කාලය කොපමණ ද?
වසර 4 කි. (ක්‍රි. ව. 1232 - 1236)
තෙවන විජයබාහු රජු විසින් කරන ලද සේවාවන් මොනවා ද?
- බෙලිගල දළදා මැදුරක් ඉදි කර දළදා වහන්සේ එහි වැඩමවීම
- දඹදෙණියේ විජයසුන්දරාරාමය තැනවීම
- කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම
- උපසම්පදා මංගල්‍ය යලි පවත්වා ශාසන සංශෝධනයක් සිදු කිරීම
- අභාවයට ගොස් තිබූ පොත පත නැවත ලියවීම
තෙවන විජයබාහු රජුගේ පුතුන් දෙදෙනා කවු ද?
පරාක්‍රමබාහු කුමරු සහ බුවනෙකබාහු කුමරු
තෙවන විජයබාහු රජුගෙන් පසු රජකමට පත් වූයේ කවු ද?
දෙවන පරාක්‍රමබාහු රජු
දෙවන පරාක්‍රමබාහු රජු අධ්‍යාපනය ලැබූ ස්වාමීන් වහන්සේ කවු ද?
සංඝරක්ඛිත මාහිමියන්
දෙවන පරාක්‍රමබාහු රජු පිදුම් ලැබූ උපාධි නාමය කුමක් ද?
කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත
දෙවන පරාක්‍රමබාහු රජුට මුහුණ දීමට සිදු වූ ආක්‍රමණිකයන් දෙදෙනා කවු ද?
- කාලිංග මාඝ
- චන්ද්‍රභානු
චන්ද්‍රභානු නම් ජාවක ආක්‍රමණිකයා මෙරට ආක්‍රමණය කළ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1247
(දෙවන පරාක්‍රමබාහු රජුගේ 11 වන රාජ වර්ෂය)
චන්ද්‍රභානු කුමන රටකින් පැමිණි ආක්‍රමණිකයෙක් ද?
මලය අර්ධද්වීපයේ උතුරු ප්‍රදේශයෙන් පැමිණි ආක්‍රමණිකයෙකි
දෙවන පරාක්‍රමබාහු රජු විසින් මාඝ නම් ආක්‍රමණිකයාව පරාජය කරන ලද වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1255
චන්ද්‍රභානු දෙවන වරටත් පැමිණ දඹදෙණිය ආක්‍රමණය කළ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1261
දෙවන වරටත් දඹදෙණිය රාජධානිය ආක්‍රමණය කළ චන්ද්‍රභානු ඉල්ලා සිටියේ කුමක් ද?
දන්ත ධාතුව, පාත්‍ර ධාතුව සහ රාජ්‍ය
දෙවනවරට චන්ද්‍රභානු හා සටන් කිරීමට දෙවන පරාක්‍රමබාහු රජුට සහය දුන් පාලකයා කවු ද?
පාණ්ඩ්‍ය අධිරාජ්‍යයා
දෙවන පරාක්‍රමබාහු රජු විසින් ආර්ථික, ආගමික සහ අධ්‍යාපනික අංශවල දියුණුවක් ඇති කිරීම සඳහා යෙද වූ අමාත්‍යවරයා කවු ද?
දේව පතිරාජ ඇමතිවරයා
දෙවන පරාක්‍රමබාහු රජුගේ දරුවන් කවු ද?
විජයබාහු කුමරු (සිව්වන විජයබාහු)
බුවනෙකබාහු කුමරු (පළවන බුවනෙකබාහු)
දෙවන පරාක්‍රමබාහු රජු මිය ගිය වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1270
දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසු රජකමට පත්වූයේ කවු ද?
එතුමාගේ පුත් සිව්වන විජයබාහු රජු
සිව්වන විජයබාහු රජු හැඳින් වූ අනෙක් නම කුමක් ද?
බෝසත් විජයබාහු
සිව්වන විජයබාහු රජු ජීවිතක්ෂයට පත් වූයේ කෙසේ ද?
රජවාසල තුළ වූ හමුදා කුමන්ත්‍රණයකින්
සිව්වන විජයබාහු රජුගේ රාජ්‍ය කාලය කොපමණ ද?
වසර දෙකක් පමණි
(ක්‍රි. ව. 1270 - 1272)
සිව්වන විජයබාහු රජුගෙන් පසු ව රජකමට පත්වූයේ කවු ද?
පළවන බුවනෙකබාහු රජු
(එතුමාගේ සහෝදර, දෙවන පරාක්‍රමබාහු රජුගේ පුත්)
පළවන බුවනෙකබාහු රජතුමා මුහුණදුන් අභියෝග මොනවා ද?
- රජු බලයට පත් වූ අලුත වන්නි නායකයන් පිරිසක් කැරලි ඇති කිරීම
- දකුණු ඉන්දියානු ආක්‍රමණ එල්ල වීම (කාලිංගරායර සහ චෝඩගංග)
පළවන බුවනෙකබාහු රජු මුහුණදුන් දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් කවු ද?
- කාලිංගරායර නම් සෙන්පතියා
- චෝඩගංග නම් සෙන්පතියා
යාපහුව රාජධානියේ ආරම්භක පාලකයා කවු ද?
පළවන බුවනෙකබාහු රජු
පළවන බුවනෙකබාහු රජු විසින් ඊජිත්තුවේ සුල්තාන් වෙත යවන ලද තානාපතිවරු පිරිසක් කයිරෝ නගරයේ දී පිළිගත් බව වාර්තා වන දිනය කුමක් ද?
ක්‍රි. ව. 1283 අප්‍රේල්
පළවන බුවනෙකබාහු රජු මිය ගිය වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1283
රාජ්‍ය කාලය වසර 12
බෝසත් විජයබාහු හෙවත් සිව්වන විජයබාහු රජුගේ පුතා කවු ද?
තෙවන පරාක්‍රමබාහු කුමාරයා
පළවන බුවනෙකබාහු රජුගේ පුතා කවු ද?
දෙවන බුවනෙකබාහු කුමරු
පළවන බුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසු රජකම සඳහා ගැටුමක් ඇති වූයේ කවුරුන් අතර ද?
සිව්වන විජයබාහු රජුගේ පුත් තෙවන පරාක්‍රමබාහු කුමරු සහ පළවන බුවනෙකබාහු රජුගේ පුත් දෙවන බුවනෙකබාහු කුමරු අතර
පළවන බුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසු ව ඇති වූ බල අරගල සමයේ දී යාපහුව බලකොටුවට පහර දුන්නේ කවු ද?
දකුණු ඉන්දියාවේ ප්‍රාදේශීය නායකයෙකු වූ ආර්‍ය චක්‍රවර්තී නමැත්තෙක්
පාණ්ඩ්‍ය හමුදාවක් සමග
ආර්‍ය චක්‍රවර්තී යාපහුව රාජධානියට පහර දී, දළදාව ගෙන ගොස් භාර දුන්නේ කාට ද?
පාණ්ඩ්‍ය රජු වූ කුලශේකරට
පාණ්ඩ්‍ය කුලශේකර රජු හමු වී නැවත දළදාව ලබා ගත්තේ කවු ද?
තෙවන පරාක්‍රමබාහු කුමරු
දළදාව ලබා ගැනීමෙන් පසු තෙවන පරාක්‍රමබාහු රජු පාලනය මෙහෙය වූයේ කොහේ සිට ද?
පොළොන්නරුව සිට
තෙවන පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ ආරම්භය සිදු වූ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1287
පොළොන්නරුව වටලා තෙවන පරාක්‍රමබාහු රජු බලයෙන් නෙරපන රජු කවු ද?
දෙවන බුවනෙකබාහු රජු
දෙවන බුවනෙකබාහු රජු පොළොන්නරුව ආක්‍රමණය කළ වසර කුමක් ද?
ක්‍රි. ව. 1293
කුරුණෑගල රාජධානිය පිහිට වූ රජු කවු ද?
දෙවන බුවනෙකබාහු රජු
දෙවන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය කාලය කොපමණ ද?
ක්‍රි. ව. 1293 සිට වසර 9ක් පමණ
දෙවන බුවනෙකබාහු රජුගේ පුතා කවු ද?
සිව්වන පරාක්‍රමබාහු රජු
දෙවන බුවනෙකබාහු රජුගෙන් පසු රජ වූයේ කවු ද?
එතුමාගේ පුත් සිව්වන පරාක්‍රමබාහු කුමරු
සිව්වන පරාක්‍රමබාහු රජු රාජ්‍යත්වයට පත් වූ වසර කුමක් ද?
ක්‍රි. ව. 1302
සිව්වන පරාක්‍රමබාහු රජු ක්‍රි. ව. 1302 දී රජ වූ දැක්වෙන මූලාශ්‍රය කුමක් ද?
සරජෝතිමාලෛ නම් ද්‍රවිඩ කාව්‍ය
පන්සිය පනස් ජාතක කතා පොත සිංහලයට පරිවර්තනය වූයේ කුමන රජුගේ කාලයේ ද?
කුරුණෑගල යුගයේ රජ කළ සිව්වන පරාක්‍රමබාහු රජුගේ කාලයේ
කුරුණෑගල යුගයේ රචිත ග්‍රන්ථ මොනවා ද?
- දළදා සිරිත
- දළදා පූජාවලිය
- සිංහල බෝධි වංසය
- අනාගත වංසය
Acronym : වංස × 2 & දළදා × 2
සිව්වන පරාක්‍රමබාහු රජුට පසු ව කුරුණෑගල රජකළ රජවරු දෙදෙනා කවු ද?
- සිව්වන විජයබාහු2
- තුන්වන බුවනෙකබාහු
කුරුණෑගල රජකළ සිව්වන විජයබාහු රජු හැඳින් වූ නම කුමක් ද?
සවුළු විජයබා
කුරුණෑගල වැව තනවන ලද්දේ යැයි ජනප්‍රවාදවල එන රජු කවු ද?
තුන්වන බුවනෙකබාහු රජු
ගම්පොළ රාජධානිය පිහිටවනු ලැබූ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1341
සවුළු විජයබා රජුගේ පුතා ලෙස සැලකෙන්නේ කවු ද?
සිව්වන බුවනෙකබාහු රජු
තෙවන බුවනෙකබාහු රජු හැඳින්වෙන නම් කුමක් ද?
වන්නි බුවනෙකබාහු රජු
ගම්පොළ රාජධානිය පිහිට වූ රජු කවු ද?
සිව්වන බුවනෙකබාහු රජු
සවුළු විජයබාහු රජුගේ පුතුන් දෙදෙනා කවු ද?
- සිව්වන බුවනෙකබාහු රජු
- පස්වන පරාක්‍රමබාහු රජු
සිව්වන බුවනෙකබාහු රජු ගම්පොළ රාජ්‍ය කරන කාලයේ එතුමාගේ සොහොයුරු වූ පස්වන පරාක්‍රමබාහු රජු රාජ්‍ය කළේ කොහේ ද?
දැදිගම
ගම්පොළ රාජ්‍ය සමය ආරම්භ වන විට ගොඩ නගා තිබූ රාජධානි මොනවා ද?
- ගම්පොළ රාජධානිය
- දැදිගම රාජධානිය
- රයිගම රාජධානිය
- යාපන රාජධානිය
ගම්පොළ රාජ්‍ය සමයේ යාපනය රාජධානිය පවත්වාගෙන ගියේ කවු ද?
ආර්‍ය චක්‍රවර්තීන්
ගම්පොළ රාජධානි සමයේ රයිගම රාජධානිය පවත්වාගෙන ගියේ කවු ද?
අලකේශ්වර පරපුර
ගම්පොළ රාජධානිය සමග සබඳතා ගොඩනගාගෙන සිටි ප්‍රභූ පවුල් මොනවා ද?
- ගම්පොළ සේනාලංකාධිකාර සෙනවිරත් පවුල
- රයිගම අලකේශ්වර පවුල
සේනාලංකාධිකාර පවුලේ සේනාධිලංකාර සෙනෙවි විවාහ වී සිටියේ කා සමග ද?
දැදිගම පස්වන පරාක්‍රමබාහු රජුගේ සහෝදරියක් සමග
රයිගම අලකේශ්වර පවුලේ සිටි කැපී පෙනෙන තැනැත්තා කවු ද?
නිශ්ශංක අලකේශ්වර
ගම්පොළ රාජධානි සමයේ රාජ්‍ය උරුම වූයේ කෙසේ ද?
මාමාගෙන් පසු බෑණාට
ගම්පොළ රාජ්‍ය සමයේ දී ලංකාවට පැමිණි අරාබි සංචාරකයා කවු ද?
ඉබන් බතූතා
ඉබන් බතුතා ලංකාවට පැමිණි වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1344
ක්‍රි. ව. 1344 දී යාපනයට පැමිණි ඉබන් බතුතා ශ්‍රී පාද වන්දනාවේ යාම සඳහා උදව් ලබා ගෙන ඇත්තේ කාගෙන් ද?
ආර්‍ය චක්‍රවර්තීගෙන්
සුදු ඇතෙකු තබා ගෙන සිටි අලකෝනාර් නම් ස්වාධීන පාලකයෙකු ලෙස ඉබන් බතුතා දක්වන්නේ කවු ද?
අලගක්කෝනාර පරපුරේ අයෙකි
සේනාලංකාධිකාර පවුලේ සේනාධිලංකාර සෙනෙවියාගේ සහ දැදිගම පස්වන පරාක්‍රමබාහු රජුගේ සහෝදරියගේ දරුවා කවු ද?
තුන්වන වික්‍රමබාහු රජු
ආර්‍ය චක්‍රවර්තීන්ගේ නිලධාරීන් ගම්පොළ රාජධානියට පැමිණ බදු එකතු කිරීමට පටන් ගත්තේ කුමන රජුගේ පාලන කාලයේ ද?
තුන්වන වික්‍රමබාහු රජුගේ කාලයේ
ආර්‍ය චක්‍රවර්තීන්ගේ බදු නිලධාරීන්ට දඬුවම් පැමිණවීම සඳහා කෝට්ටේ බලකොටුවක් තැනුවේ කවු ද?
තුන්වන වික්‍රමබාහු රජුගේ ප්‍රධාන අමාත්‍යයා වූ නිශ්ශංක අලකේශ්වර
ගම්පොළ රාජධානි සමයේ දී ආර්‍ය චක්‍රවර්තීන් පරාජය කරනු ලැබුවේ කවුරුන් විසින් ද?
නිශ්ශංක අලකේශ්වරයන් විසින්
ගම්පොළ රාජධානිය අවසාන සමයේ මෙරටට පැමිණි චීන සෙනෙවියා කවු ද?
චෙන් හෝ සෙනෙවියා
චෙන් හෝ සෙනෙවියා මෙරටට එවන ලද චීන අධිරාජ්‍යා කවු ද?
යුංලෝ අධිරාජයා
චෙන් හෝ සෙනෙවියා ලංකාවට පැමිණි වර්ෂ මොනවා ද?
ක්‍රි. ව. 1405, 1409, 1411
චෙන් හෝ සෙනෙවියා රයිගම ආක්‍රමණය කිරීමට හේතුව කුමක් ද?
ඔහු 1409 මෙරටට පැමිණි විට රයිගම පාලනය කරමින් සිටි වීර අලකේශ්වර නම් පාලකයා ඔහු නිසි පරිදි පිළි නොගැනීම
චෙන් හෝ සෙනෙවියා තමන් ගෙනා පඬුරු ආදිය පිදූ දේවාලය කුමක් ද?
දෙවුන්දර දේවාලය
චෙන් හෝ සෙනෙවියා විසින් පිහිටුවන ලද සෙල්ලිපිය කුමක් ද?
ගාල්ල ත්‍රිභාෂා සෙල්ලිපිය
ගාල්ල ත්‍රිභාෂා සෙල්ලිපිය කොටා ඇති භාෂාවන් මොනවා ද?
- චීන
- පර්සියන්
- දෙමළ
චීන චෙන් හෝ සෙන්පතියා නැවත පැමිණ වීර අලකේශ්වරයන් සිරකරුවන් ලෙස අල්ලා ගෙන ගිය වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1411
සිව්වන බුවනෙකබාහු රජු විසින් කරවන ලද විහාර මොනවා ද?
- ගඩලාදෙණි විහාරය
- ලංකාතිලක විහාරය
කෝට්ටේ රාජධානිය ආරම්භ කරන ලද්දේ කවුරුන් විසින් ද?
හයවන පරාක්‍රමබාහු රජු විසින්
හයවන පරාක්‍රමබාහු රජුගේ දෙමාපියන් නම් කරන්න
මව : සුනේත්‍රා දේවිය
පියා : ජයමහලෑන නමැත්තෙක්
හයවන පරාක්‍රමබාහු කුමරාට කුඩා කළ රැකවරණය ලබා දුන් ස්වාමීන් වහන්සේ කවු ද?
වීදාගම මහා ස්ථවිරයන් වහන්සේ
හයවන පරාක්‍රමබාහු කුමරා රයිගම බලයට පැමිණි වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1412
හයවන පරාක්‍රමබාහු රජු සිය අභිෂේක උත්සවය පැවැත් වූයේ කොහේ ද?
කෝට්ටේ
හයවන පරාක්‍රමබාහු රජු කෝට්ටේ සිය අභිෂේක උත්සවය පැවැත් වූ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1415
හයවන පරාක්‍රමබාහු රජුගේ පාලන කාලය කොපමණ ද?
ක්‍රි. ව. 1415 - 1467
වසර 52
හයවන පරාක්‍රමබාහු රජු ඉටු කළ කැපී පෙනෙන සේවාවන් මොනවා ද?
- වන්නි ප්‍රදේශ කෝට්ටේ රාජ්‍යට යටත් කිරීම
- සපුමල් කුමාරයා යටතේ හමුදාව යවා යාපනය ජය ගැනීම
- උඩරට සාමන්ත පාලකයා වූ ජෝතිය සිටුවරයා ඇති කළ කැරැල්ල මැඩ පැවැත්වීම
- කෝට්ටේ රාජධානිය යටතේ රට එක්සත් කොට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීම
- රටේ අධ්‍යාපනික හා සාහිත්‍ය කටයුතුවල දියුණුවට විශාල සේවයක් සිදු කිරීම
හයවන පරාක්‍රමබාහු රජුගෙන් පසු ව රජකමට පත් වූයේ කවු ද?
ජයබාහු කුමරු
(රජුගේ දියණිය වූ උලකුඩය දේවියගේ පුතා, රජුගේ මුණුබුරු)
ජයබාහු කුමරු ජීවිතක්ෂයට පත්කර කෝට්ටේ රජ වූයේ කවු ද?
යාපනය පාලනයට යොදවා සිටි සපුමල් කුමාරයා
සපුමල් කුමාරයා කෝට්ටේ රජු බවට පත් වූ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1469
සපුමල් කුමාරයා කෝට්ටේ රජ වූයේ කුමන නමින් ද?
හයවන බුවනෙකබාහු නමින්
හයවන බුවනෙකබාහු රජුගේ පාලන කාලයේ ඇති වූ කැරැල්ල කුමක් ද?
පස්යොදුන් රට සිංහල පෙරළිය
පස්යොදුන් රට සිංහල පෙරළිය හඳුන්වන අනෙක් නම කුමක් ද?
සිංහල සංගෙ
සිංහල සංගෙ මැඩ පවත්වන ලද්දේ කවුරුන් විසින් ද?
අම්බුලුගල කුමාරයා විසින්
සිංහල සංගෙ නම් කැරැල්ල මැඩ පැවැත්වීමේ දී අත්අඩංගුවට ගත් පතිරාජවරයා කවු ද?
කැකුලන්දල සිරිවර්ධන පතිරාජවරයා
කැකුලන්දල සිරිවර්ධන ඇතුළු සිංහල සංගෙ කැරලි නායකයන්ට සමාව ලබා දීම සඳහා පිහිට වූ අභයදාන ශිලාලිපිය කුමක් ද?
දැදිගම සෙල්ලිපිය
දැදිගම සෙල්ලිපිය කරවන ලද රජු කවු ද?
හයවන බුවනෙකබාහු රජු
හයවන බුවනෙකබාහු රජුගේ පුතා කවු ද?
හත් වන පරාක්‍රමබාහු
හත් වන පරාක්‍රමබාහු කුමරා හඳුන්වන ලද නම කුමක් ද?
පණ්ඩිත පරාක්‍රමබාහු
හත්වන පරාක්‍රමබාහු රජු බලයෙන් පහ කොට රජවූයේ කවු ද?
සතර කෝරලය පාලනය කරමින් සිටි අම්බුලුගල කුමාරයා
අම්බුලුගල කුමාරයා රජකමට පත් වූ නම කුමක් ද?
අටවන වීර පරාක්‍රමබාහු
අම්බුලුගල කුමාරයා (අටවන පරාක්‍රමබාහු) රජවන්නට ඇතැයි සැලකෙන වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1490
පෘතුගීසීන් මෙරටට පැමිණි වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1505
පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට මෙරට රජකම් කළේ කවු ද?
අටවන වීර පරාක්‍රමබාහු රජු
යාපනය රාජධානිය යනු කුමක් ද?
ක්‍රි. ව. දහතුන් වන සියවසේ රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු ව යාපන ප්‍රදේශය ආශ්‍රිත ව බිහි වූ පාලන ඒකකය
යාපනය රාජධානියේ ඉතිහාසය හැදැරීම සඳහා වැදගත් වන ප්‍රකට කෘතිය කුමක් ද?
යාල්පාන වෛපව මාලෛ නම් ග්‍රන්ථය
යාල්පාන වෛපව මාලෛ නම් ග්‍රන්ථය රචනා වූ සියවස කුමක් ද?
18 වන සියවස
යාපනය රාජධානියේ ඉතිහාසය හැදෑරීම සඳහා උපකාරී වන ග්‍රන්ථ මොනවා ද?
- යාල්පාන වෛපව මාලෛ
- කෛලාය මාලෛ
- ශේගරාශශේකර මාලෛ
යාපන රාජධානියේ ආරම්භක රජතුමා කවු ද?
විජය කුලංකෛ ආර්‍ය චක්‍රවර්තී නම් රජ කෙනෙක්
යාපනය රාජධානියේ පාලන කටයුතු ගෙන ගිය රාජ වංශය කුමක් ද?
ආර්‍ය චක්‍රවර්තී පරපුර
විජය කුලංකෛ ආර්‍ය චක්‍රවර්තීගේ කාලයේ සිට පෘතුගීසීන්ගේ පැමිණීම තෙක් යාපන ප්‍රදේශය පාලනය කළ රජවරු ගැන දක්වා ඇති ග්‍රන්ථය කුමක් ද?
යාල්පාන වෛපව මාලෛ යන ග්‍රන්ථය
විජය කුලංකෛ ආර්‍ය චක්‍රවර්තීන්ගෙන් පසු ව පෘතුගීසීන්ගේ පැමිණීම තෙක් යාපනය පාලනය කළ රජවරු කවු ද?
- කුලශේකර
- වික්කිරම
- වරෝදය
- මාර්තණ්ඩ වැනි පාලකයන් දොළොස් දෙනෙකු
වන්නි ප්‍රදේශ යනු මොනවා ද?
රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු ව නැගෙනහිර, උතුරු මැද හා වයඹ පළාත්වල ජන ඝනත්වය අඩු ප්‍රදේශවල බිහි වූ කුඩා පාලන ඒකක
රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසු ව වන්නි පාලනය බිහි වූ ප්‍රදේශ මොනවා ද?
- නැගෙනහිර පළාත
- උතුරු මැද පළාත
- වයඹ පළාත
වන්නි ප්‍රදේශ පාලනය කළ ප්‍රාදේශීය පාලකයන් හඳුන්වන නම කුමක් ද?
වන්නිවරු
තෙවන විජයබාහු රජු මුල දී වන්නි පාලකයෙකු ලෙස කටයුතු කළ බව සඳහන් වන ග්‍රන්ථය කුමක් ද?
පූජාවලිය
සමකාලීන මූලාශ්‍රයන්‍ට අනුව හයවන පරාක්‍රමබාහු රජුගේ පාලන කාලය ආරම්භ වන විට තිබී ඇති වන්නි ප්‍රදේශ ගණන කීය ද?
18 කි
වන්නි ප්‍රදේශ, ප්‍රධාන රාජ්‍යයට යටත් කරන ලද රජවරු කවු ද?
- දෙවන පරාක්‍රමබාහු රජු
- හයවන පරාක්‍රමබාහු රජු
රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු ව තෙත් කලාපයට සංක්‍රමණය වූ ජනතාවට මුහුණදීමට සිදු වූ භූගෝලීය වෙනස්කම් මොනවා ද?
- දුර්ග ආශ්‍රිත ප්‍රදේශවල රාජධානි බිහි වීම
- අගනුවර වැඩි කාලයක් එක් ස්ථානයක නො පැවතීම
දෙවන නාගරීකරණ සමයේ දී වාරි මාර්ග ඉදි කිරීම සඳහා අවධානයක් යොමු නො වූයේ ඇයි?
තෙත් කලාපයට වර්ෂාව හොඳින් ලැබීම නිසා අහස් දියෙන් වගා කිරීමට පෙළඹීම
දෙවන නාගරීකරණ සමයේ දී වාණිජ ආර්ථික රටාවකට හුරු වීමත් සමඟ අපනයනය සඳහා යොමු කෙරුණු වෙළෙඳ ද්‍රව්‍ය මොනවා ද?
- කුරුඳු
- පුවක්
- ගම්මිරිස්
- එනසාල්
- සාදික්කා
- මුතු
- මැණික්
- ඇතුන්
- ඇත් දළ
දෙවෙනි නාගරීකරණ සමයේ දී ශ්‍රී ලංකාව වෙළෙඳ සබඳතා පවත්වා තිබූ රටවල් මොනවා ද?
- ඉන්දියාව
- අරාබිය
- චීනය
- පර්සියාව
- ඊජිත්තුව
දෙවෙනි නාගරීකරණ සමයේ දී ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳාමේ ඒකාධිකාරය දැරුවේ කවු ද?
රජු
දෙවන නාගරීකරණ සමයේ ලංකාවේ සරුසාර වෙළෙඳාමක් තිබූ බවට සාධක මොනවා ද?
- ශ්‍රී ලංකාවට චීනයෙන් පිඟන් භාණ්ඩ ආනයනය ආනයනය කර තිබීම
- අභ්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ කඩ වීදි තිබීම
- ලංකාවේ බටහිර වෙරළබඩ නැව් තොටු ආශ්‍රිත ව සරු වෙළෙඳාමක් පැවතීම
දෙවන නාගරීකරණ සමයේ දී චීනයෙන් ආනයනය කරන ලද පිඟන් භාණ්ඩ පිළිබඳ ව පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබෙන ස්ථානය කුමක් ද?
දැදිගම ප්‍රදේශය
දෙවන නාගරීකරණ සමයේ දී අභ්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ කඩ විදී තිබූ බව දැක්වෙන මූලාශ්‍රය කුමක් ද?
කුරුණෑගල විස්තරය නම් පුස්කොළ පොත
දෙවන නාගරීකරණ සමයේ දී බටහිර නැව්තොටවල් ආශ්‍රිත ව සරු සාර වෙළෙඳාමක් තිබූ බවට සඳහන් වන මූලාශ්‍රය කුමක් ද?
ඉබන් බතුතා නම් මුස්ලිම් සංචාරකයෙකුගේ වාර්තාවල
දෙවන නාගරීකරණ සමයේ දී ඇදහීමට ලක් වූ දෙවිවරු කවු ද?
- උපුල්වන්
- විභීෂණ
- ස්කන්ධ කුමාර
- සමන්
දෙවන නාගරීකරණ සමයේ දී හින්දු ආගම ව්‍යාප්ත වීම පිළිබඳ දැක්විය හැකි සාධක මොනවා ද?
- පහළොස් වන සියවසේ පමණ ශිව දේවාලයක් ශ්‍රී ජයවර්ධනපුරයට යාබද ව තිබීම
- හලවත මුන්නේශ්වරම් කෝවිල තිබීම
යාපහුව සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා නගරවල ගෘහ නිර්මාණයන්ගේ දැකිය හැකි අභාසය කුමක් ද?
දකුණු ඉන්දියානු ආභාසය
යාපහුව රාජධානියේ දක්නට ලැබෙන පියගැටපෙළ සහ කුළුණු නිර්මාණය සඳහා ගෙන ඇති ආභාසය කුමක් ද?
කාම්බෝජ සහ පාණ්ඩ්‍ය ආභාසය
දෙවෙනි නාගරීකරණ සමයට සමකාලීන දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශෛලිය දක්නට ලැබෙන නිර්මාණ මොනවා ද?
ගඩලාදෙණිය විහාරයේ පිළිම ගෙය
ගඩලාදෙණි විහාරය ගොඩනැගුණු කාලය අයත් රාජධානිය කුමක් ද?
ගම්පොළ රාජධානිය
පිළිමගෙයට සම්බන්ධ කොට දේවාල ඉදි කිරීම සඳහා දැක්විය හැකි උදාහරණ මොනවා ද?
- ගඩලාදෙණි පිළිම ගෙයට සම්බන්ධ කර උපුල්වන් දෙවියන් සඳහා දේවාලයක් තනා තිබීම
- ලංකාතිලක පිළිම ගෙයට සම්බන්ධ කොට දේවාල ඉදි කිරීම
පිළිම ගෙවල් තුළ දේවාල දක්නට ලැබීම කුමන ආගමික අදහස් මෙරට ගෘහ නිර්මාණ ශිල්පයට බලපෑ බවට සාධකයක් ද?
හින්දු හා මහායාන අදහස්
ඇම්බැක්කේ දේවාලය ඉදි කළේ කුමන යුගයේ ද?
ගම්පොළ යුගයේ
ඇම්බැක්කේ දේවාලය ඉදි කළේ කවු ද?
තුන්වන වික්‍රමබාහු රජු
දෙවන නාගරීකරණ සමයේ දී භාෂාවේ හා සාහිත්‍යයේ විශාල ප්‍රබෝධයක් ඇති වීමට බල පෑ හේතු මොනවා ද?
- ගිහි පැවිදි උගත් පඬිවරුන් බිහි වීම
- සාහිත්‍ය දියුණුව සඳහා රජවරුන්ගේ නොමද අනුග්‍රහය ලැබීම
- අධ්‍යාපන මධ්‍යස්ථාන රැසක් බිහි වීම
සද්ධර්මරත්නාවලිය කුමන යුගයට අයත් ග්‍රන්ථයක් ද?
දඹදෙණි යුගයට
පූජාවලිය කුමන යුගයට අයත් ග්‍රන්ථයක් ද?
දඹදෙණි යුගයට
සද්ධර්මරත්නාවලිය රචනා කළේ කවු ද?
ධර්මසේන හිමි
පූජාවලිය රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද?
මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමි
දඹදෙණි යුගයට අයත් සිංහල ව්‍යාකරණ පිළිබඳ ලියැවුණු ග්‍රන්ථය කුමක් ද?
සිදත් සඟරාව
** දඹදෙණි යුගයේ ලියැවුණු** කාව්‍යකරණය පිළිබඳ නීති ඇතුළත් ග්‍රන්ථය කුමක් ද?
එළු සඳැස් ලකුණ
දඹදෙණි යුගයේ දී රචිත භික්ෂූන් වහන්සේලාගේ පැවැත්ම පිළිබඳ විනය නීති රීති ඇතුළත් ග්‍රන්ථය කුමක් ද?
- දඹදෙණි කතිකාවත
දඹදෙණි යුගයට අයත් දෙවෙනි පරාක්‍රමබාහු රජුගේ දින චර්‍යාව ඇතුළත් ග්‍රන්ථය කුමක් ද?
කඳවුරු සිරිත
බුද්ධපුත්‍ර හිමියන් විසින් දඹදෙණි යුගයේ දී රචනා කරන ලද වටිනා වෙද පොත කුමක් ද?
යෝගාර්ණවය
දඹදෙණි යුගයේ දී ලියැවුණු පාලි ග්‍රන්ථ මොනවා ද?
- සමන්තකූට වර්ණනා
- රසවාහිනී
- සාරසංග්‍රහය
- භේසජ්ජ මංජුසා (වෙද පොත)
- හත්ථවනගල්ල විහාර වංසය
- ථූපවංසය
කුරුණෑගල යුගයේ දී රචිත ග්‍රන්ථ මොනවා ද?
- පන්සිය පනස් ජාතක පොත
- දළදා සිරිත
- දළදා පූජාවලිය
- සිංහල බෝධි වංසය
- අනාගත වංසය
සංදේශ කාව්‍ය රචනා කිරීම ආරම්භ වූයේ කුමන රාජධානි සමයේ ද?
ගම්පොළ රාජධානි සමයේ
පැරණිත ම සන්දේශ කෘති දෙක කුමක් ද?
- මයුර සන්දේශය
- තිසර සන්දේශය
ගම්පොළ යුගයේ ලියැවුණු පාලි සාහිත්‍ය කෘති මොනවා ද
- පාරමී ශතකය
- ජිනබෝධාවලී
- බාලාවතාර
ගම්පොළ යුගයේ ලියැවුණු සාහිත්‍ය කෘති මොනවා ද
- පාරමී ශතකය
- ජිනබෝධාවලී
- බාලාවතාර
- සද්ධර්මාලංකාරය
කොට්ටේ යුගයේ වැඩ වාසය කළ උගත් හිමිවරු නම් කරන්න
- තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
- කෑරගල වනරතන හිමි
- ඉරුගල් කුලතිලක පිරිවෙන් හිමි
කෝට්ටේ යුගයේ රචිත ග්‍රන්ථ හා සන්දේශ කාව්‍ය මොනවා ද?
- පැරකුම්බා සිරිත
- කාව්‍යශේකරය
- බුදුගුණාලංකාරය
- ලෝවැඩ සඟරාව
- ගුත්තිල කාව්‍ය
- හංස, පරවි, ගිරා, සැළලිහිණි සංදේශ
*කෝට්ටේ යුගයේ** දැකිය හැකි සාහිත්‍ය විවිධාංගීකරණය වූ අංග මොනවා ද
- භක්ති කාව්‍ය
- ශිලෝ කාව්‍ය
- හටන් කාව්‍ය
- ප්‍රශස්ති කාව්‍ය
- උපදේශ කාව්‍ය
- කෝෂ ග්‍රන්ථ
කෝට්ටේ යුගයේ ලියැවුණු සංස්කෘත ග්‍රන්ථය කුමක් ද?
භක්ති ශතකය
හයවන පරාක්‍රමබාහු රජු සිය මෑණියන් සිහි වීම සඳහා ඉදි කරන ලද බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය කුමක් ද?
පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන
කෝට්ටේ යුගයේ බිහි වූ බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථාන මොනවා ද?
- පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන
- කෑරගල පද්මාවතී පිරිවෙන
- දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන
- වීදාගම ඝනානන්ද පිරිවෙන