04. Changes in Matter Flashcards

1
Q

භෞතික විපර්‍යාස යනු මොනවා ද?

A

ද්‍රව්‍ය සෑදී ඇති අංශුවල සැකැස්ම පමණක් වෙනස්වන ප්‍රතික්‍රියා වේ. මේ නිසා නව ද්‍රව්‍ය ඇති නො වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

රසායනික විපර්‍යාස යනු මොනවා ද?

A

තිබෙන ද්‍රව්‍ය මගින් වෙනස් භෞතික හා රසායනික ගුණ ඇති නව ද්‍රව්‍ය ඇති වන ප්‍රතික්‍රියා වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

රසායනික විපර්‍යාසයක් සිදු වී ඇති බවට සාක්ෂි මොනවා ද?

A
  • දැල්ලක් සහිත ව දැවීම
  • රත් වීම
  • වායු බුබුළු පිටවීම
  • වර්ණ විපර්‍යාසයක් ඇති වීම
  • අවක්ෂේපයක් ඇති වීම (precipitation)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ප්‍රතික්‍රියක යනු මොනවා ද?

A

රසායනික විපර්‍යාසයකට සම්බන්ධ වන ද්‍රව්‍ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ඵල යනු මොනවා ද?

A

රසායනික විපර්‍යාස මගින් ඇති වන නව ද්‍රව්‍ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

රසායනික ප්‍රතික්‍රියා වර්ග මොනවා ද?

A
  1. රසායනික සංයෝජන
  2. රසායනික වියෝජන
  3. ඒක විස්ථාපන
  4. ද්විත්ව විස්ථාපන
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් යනු කුමක් ද?

A

මූලද්‍රව්‍ය මූලද්‍රව්‍ය හෝ මූලද්‍රව්‍ය සංයෝග හෝ සංයෝග සංයෝග හෝ එකතු වී නව සංයෝගයක් සෑදීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

රසායනික සංයෝජන ප්‍රතික්‍රියා සඳහා පොදු ප්‍රතික්‍රියාව දක්වන්න

A

A + B —–> C

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

රසායනික සංයෝජන ප්‍රතික්‍රියා සඳහා උදාහරණ මොනවා ද?

A
    • Magnesium + Oxygen - - - > Magnesium Oxide
    • 2Mg + O2 - - - > 2MgO
    • Hydrogen + Chlorine - - - > Hydrogen Chloride
    • H2 + Cl2 - - - > 2HCl
    • Carbon Dioxide + Carbon - - - > Carbon Monoxide
    • CO2 + C - - - > 2CO
    • Calcium Oxide + Water - - - > Calcium Hydroxide
    • CaO + H2O - - - > Ca(OH)
      2
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

රසායනික වියෝජන ප්‍රතික්‍රියා යනු මොනවා ද?

A

යම් සංයෝගයක් වියෝජනය වී වෙනත් සරල සංයෝග හෝ මූලද්‍රව්‍ය හෝ සංයෝග හා මූලද්‍රව්‍ය බවට පත් වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

රසායනික වියෝජන ප්‍රතික්‍රියා සඳහා පොදු ප්‍රතික්‍රියාව දක්වන්න

A

A —> B + C

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

රසායනික වියෝජන ප්‍රතික්‍රියා සඳහා උදාහරණ මොනවා ද?

A
    • Potassium Permanganate - - ^-> Potassium Manganate + Manganese Dioxide + Oxygen
    • 2KMnO4 - - ^-> K2MnO4 + MnO2 + O2
    • Calcium Carbonate - - ^-> Calcium Oxide + Carbon Dioxide
    • CaCO3 - - ^-> Cao + CO2
    • Silver Oxide - - ^-> Silver + Oxygen
    • 2Ag2O - - ^-> 4Ag + O2
    • Hydrogen Peroxide - - ^-> Water + Oxygen
    • 2H2O2 - - ^-> 2H2O + O2
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ඒක විස්ථාපන ප්‍රතික්‍රියා යනු මොනවා ද?

A

මූලද්‍රව්‍යක්, යම් සංයෝගයක පවතින මූලද්‍රව්‍යක් ඉන් විස්ථාපනය කරමින් ඊට හිමි ස්ථානය අත් කරගෙන වෙනත් සංයෝගයක් සෑදීමේ ප්‍රතික්‍රියා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ඒක විස්ථාපන ප්‍රතික්‍රියා සඳහා පොදු ප්‍රතික්‍රියාව ලියා දක්වන්න

A

A + BC —> AC + B

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ඒක විස්ථාපන ප්‍රතික්‍රියා සඳහා උදාහරණ මොනවා ද?

A
    • Zinc + Copper Sulfate - - - > Zinc Sulfate + Copper
    • Zn + CuSO4 - - - > ZnSO4 + Cu
    • Magnesium + Copper Sulfate - - - > Magnesium Sulfate + Copper
    • Mg + CuSO4 - - - > MgSO4 + Cu
    • Magnesium + Hydrogen Chloride - - - > Magnesium Chloride + Hydrogen
    • Mg + 2HCl —> MgCl2 + H2
    • Potassium Bromide + Chlorine —> Potassium Chloride + Bromine
    • 2KBr + Cl2 —> 2KCl + Br2
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා යනු මොනවා ද?

A

යම් සංයෝගයක අඩංගු මූලද්‍රව්‍යක් හෝ අයන ඛණ්ඩයක්, වෙනත් සංයෝගයක අඩංගු මූලද්‍රව්‍යක් හෝ අයන ඛණ්ඩයක් සමග හුවමාරු වීමේ ප්‍රතික්‍රියාවක් වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා සඳහා පොදු ප්‍රතික්‍රියාව දක්වන්න

A

AB + CD —> AD + CB

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා සඳහා උදාහරණ මොනවා ද?

A
    • Barium Chloride + Sodium Sulfate —> Barium Sulfate + Sodium Chloride
    • BaCl2 + Na2SO4 —> BaSO4 + 2NaCl
    • Ferrous Sulfate + Sodium Hydroxide —> Ferrous Hydroxide + Sodium Sulfate
    • FeSO4 + 2NaOH —> Fe(OH)2 + Na2SO4
    • Calcium Chloride + Sodium Carbonate —> Calcium Carbonate + Sodium Chloride
    • CaCl2 + Na2CO3 —> CaCO3 + 2NaCl
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

රසායනික සමීකරණයක් යනු කුමක් ද?

A

රසායනික ප්‍රතික්‍රියාවක්, රසායනික සූත්‍ර භාවිතයෙන් සංකේතානුකූල ව දැක්වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

ස්කන්ධ සංස්ථිති නියමයෙහි සඳහන් වන්නේ කුමක් ද?

A

ඕනෑ ම සංවෘත පද්ධතියක් තුළ ස්කන්ධය හෝ ශක්තිය ඇති වීමක් හෝ නැති වීමක් සිදු නො වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

පහත සමීකරණය තුලිත කර දක්වන්න
Mg + O2 —> MgO

A
  • Mg + O2 —> MgO
  • Mg + O2 —> 2MgO
  • 2Mg + O2 —> 2MgO
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

පහත සමීකරණය තුලිත කර දක්වන්න
Al + HCl —> AlCl3 + H2

A
  • Al + HCl —> AlCl3 + H2
  • Al + 6HCl —> 2AlCl3 + 3H2
  • **2Al + 6HCl —> 2AlCl3 + 3H2
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

පහත සමීකරණය තුලිත කර දක්වන්න
Na + O2 —> Na2O

A
  • Na + O2 —> Na2O
  • 2Na + O2 —> Na2O
  • 4Na + O2 —> 2Na2O
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

පහත සමීකරණය තුලිත කර දක්වන්න
Al + O2 —> Al2O3

A
  • Al + O2 —> Al2O3
  • 2Al + O2 —> Al2O3
  • 2Al + 3O2 —> Al2O3
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
Q

Fe2O3 + 3CO —> Fe2 + 3CO3
ඉහත සූත්‍රයට අනුව හීමටයිට් මවුල එකක් සමග ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය කාබන් මොනොක්සයිඩ් මවුල ගණන කීය ද?

A

3 යි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
26
Q

Fe2O3 + 3CO —> Fe2 + 3CO3
ඉහත සූත්‍රයට අනුව හීමටයිට්වලින් සෑදෙන යකඩ මවුල ගණන කීය ද?

A

2 යි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
27
Q

සෝඩියම් ලෝහය වාතයේ දහනයේ දී ඔක්සිජන් සමග දක්වන ප්‍රතික්‍රියාව ලියන්න

A

4Na + O2 —> 2Na2O

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
28
Q

මැග්නීසියම් ලෝහය වාතයේ දහනයේ දී ඔක්සිජන් සමග දක්වන ප්‍රතික්‍රියාව ලියන්න

A

2Mg + O2 —> 2MgO

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
29
Q

Zinc (Zn), Iron (Fe), Copper (Cu) වැනි මධ්‍යස්ථ ලෝහ වාතයේ රත් කරන විට කුමක් සිදු වේ ද?

A
  • මතුපිට පෘෂ්ඨය අඳුරු වේ
  • බොහෝ වේලාවක් රත් කරන විට එම ලෝහයේ ඔක්සයිඩය සෑදේ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
30
Q

වාතයේ ප්‍රතික්‍රියා නො කරන ලෝහ වර්ග මොනවා ද?

A

අඩු සක්‍රියතාවයක් ඇති සිල්වර්, ප්ලැටිනම් හා රන් වැනි ලෝහ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
31
Q

සෝඩියම් සිසිල් ජලය සමග දක්වන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න

A

2Na + 2H2O —> 2NaOH + H2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
32
Q

මැග්නීසියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කිරීමේ තුලිත රසායනික සමීකරණය ලියන්න

A

Mg + 2H2O —> Mg(OH)2 + H2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
33
Q

මැග්නීසියම් හුමාලය සමග ප්‍රතික්‍රියා කිරීමේ තුලිත රසායනික සමීකරණය ලියන්න

A

Mg + H2O —> MgO + H2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
34
Q

සින්ක් ලෝහය හුමාලය සමග රත් කිරීමේ තුලිත රසායන සමීකරණය ලියන්න

A

Zn + H2O —> ZnO + H2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
35
Q

යකඩ හුමාලය සමග රත් කිරීමට අදාළ තුලිත සමීකරණය ලියන්න

A

3Fe + 4H2O <—> Fe3O4 + 4H2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
36
Q

සිසිල්, උණු ජලය හෝ හුමාලය සමඟ ප්‍රතික්‍රියා නො කරන ලෝහ වර්ග මොනවා ද?

A
  • Silver (Ag)
  • Platinum (Pt)
  • Gold (Au)
37
Q

රසායනාගාරයේ දී බහුල ව භාවිත වන අම්ල මොනවා ද?

A
  • Hydrochloric acid (HCl)
  • Sulfuric acid (H2SO4)
  • Nitric acid (HNO3)
38
Q

ලෝහයක් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියාවෙන් ඇති වන ඵල මොනවා ද?

A
  • ලෝහයේ ක්ලෝරයිඩය
  • හයිඩ්‍රජන් වායුව
39
Q

HCl වායුවක් ලෙස ඇති විට හඳුන්වන නම කුමක් ද?

A

හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්

40
Q

HCl ජලයේ දිය කළ විට හඳුන්වන නම කුමක් ද?

A

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය

41
Q

ලෝහයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් අපේක්ෂිත ඵල මොනවා ද?

A
  • ලෝහයේ ලවණ ද්‍රාවණයක්
  • හයිඩ්‍රජන් වායුව
  • Salt + Hydrogen gas (Diatomic)
42
Q

තනුක අම්ල සමග ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරන ලෝහ වර්ග මොනවා ද?

A
  • Potassium (K)
  • Sodium (Na)
  • Calcium (Ca)
43
Q

කොපර් සල්ෆේට් ද්‍රාවණය හා සින්ක් අතර සිදු වන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායන සමීකරණය ලියන්න

A

Zn + CuSO4 —> ZnSO4 + Cu

44
Q

සක්‍රියතා ශ්‍රේණිය යනු කුමක් ද?

A

ලෝහ ඒවායේ ප්‍රතික්‍රියතාවයේ අවරෝහණ පිළිවෙළට සකස් කිරීමෙන් ලැබෙන ශ්‍රේණිය

45
Q

සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රයෝජන මොනවා ද?

A
  • ලෝහ ගබඩාකර තැබීමේ දී ඒවායේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීමට
  • ලෝහ විඛාදනය වැළැක්වීමට උපක්‍රම යෙදීමට
  • විද්‍යුත් රසායනික කෝෂ නිපදවීමට සුදුසු ලෝහ තේරීම
  • ලෝහ නිස්සාරණයට උචිත ක්‍රම තීරණය කිරීම
46
Q

ඉහළ සක්‍රියතාවයක් ඇති සෝඩියම්, පොටෑසියම් හා කැල්සියම් වැනි ලෝහ ගබඩා කරන්නේ කුමන ද්‍රව්‍ය තුළ ද?

A
  • භූමිතෙල්
  • ද්‍රව පැරෆින්
47
Q

යකඩ මළ බැඳීම වැළැක්වීම සඳහා යොදා ගන්නා ලෝහ මොනවා ද?

A
  • Magnesium (Mg)
  • Zinc (Zn)
  • Aluminum (Al)
48
Q

ලෝහ නිස්සාරණය යනු කුමක් ද?

A

යම් ලෝහයක් එම ලෝහය අඩංගු ලෝපසින් වෙන් කර ගැනීම

49
Q

සෝඩියම් හා පොටෑසියම් වැනි ලෝහ ස්වභාවයේ පවතින ආකාරය කුමක් ද?

A
  • වෙනත් මූලද්‍රව්‍ය හා සංයෝජනය වී ඉතා අස්ථායී අයනික සංයෝග ලෙස
50
Q

සෝඩියම් හා පොටෑසියම් නිස්සාරණයට යොදා ගන්නා ක්‍රමය කුමක් ද?

A

විද්‍යුත් විච්ඡේදනය

මෙම ලෝහවල විලීන ක්ලෝරයිඩ විද්‍යුත් විච්ඡේදනයෙන් අදාළ ලෝහය නිස්සාරණය කර ගනියි

51
Q

යකඩ, ටින්, සින්ක් හා ලෙඩ් වැනි ලෝහ නිස්සාරණය සඳහා යොදා ගන්නා ක්‍රමය කුමක් ද?

A

වෙනත් සංයෝග මගින් ඔක්සිහරණය කිරීම

52
Q

යපස්වල ඇති යකඩ අඩංගු ප්‍රධාන සංයෝගය කුමක් ද?

A

හීමටයිට්

53
Q

හීමටයිට් වල රසායනික සූත්‍රය ලියන්න

A

Fe2O3

54
Q

යපස්වලින් යකඩ වෙන් කර ගැනීම සඳහා භාවිත කරන උපකරණය කුමක් ද?

A

ධාරා ඌෂ්මකය

55
Q

ධාරා ඌෂ්මකයේ උස කොපමණ ද?

A

60m ක් පමණ

56
Q

ධාරා ඌෂ්මකය තුළට ඇතුළු කරන වාතයේ උෂ්ණත්වය කොපමණ ද?

A

650°C පමණ

57
Q

ධාරා ඌෂ්මකයක් තුළ පවතින උෂ්ණත්ව පරාසය කොපමණ ද?

A

1000°C - 1900°C

58
Q

යකඩ නිස්සාරණ ක්‍රියාව සඳහා අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ මොනවා ද?

A
  • හීමටයිට්
  • කැල්සියම් කාබනේට් (හුණුගල්)
  • කෝක්
59
Q

යකඩ නිස්සාරණයේ දී ධාරා ඌෂ්මකය තුළ සිදුවන ප්‍රතිකියා මොනවා ද?

A
  1. ද්‍රව යකඩ සෑදීම
    - කෝක් වාතයේ දැවී කාබන්ඩයොක්සයිඩ් සෑදීම
    - කාබන්ඩයොක්සයිඩ් කෝක් සමග ප්‍රතික්‍රියා කර කාබන්මොනොක්සයිඩ් සෑදීම
    - කාබන්මොනොක්සයිඩ් හීමටයිට් සමග ප්‍රතික්‍රියා කර ද්‍රව යකඩ සහ කාබන්ඩයොක්සයිඩ් සෑදීම
  2. ලෝබොර සෑදීම
    - කැල්සියම් කාබනේට් (හුණුගල්) වියෝජනය වී කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන්ඩයොක්සයිඩ් සෑදීම
    - කැල්සියම් ඔක්සයිඩ් සිලිකන් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර කැල්සියම් සිලිකේට සෑදීම
    - කැල්සියම් ඔක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර කැල්සියම් ඇලුමිනේට් සෑදීම
60
Q

හයිඩ්‍රජන් වායුවේ භෞතික හා රසායනික ලක්ෂණ මොනවා ද?

A
  • සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩු ය
  • ජලයේ සුළු වශයෙන් දිය වේ
  • අවර්ණ ය
  • ගන්ධයක් නැත
  • දහනය කළ හැකි වායුවකි
  • සාපේක්ෂ අණුක ස්කන්ධය 2 කි
61
Q

විද්‍යාගාරයේ දී හයිඩ්‍රජන් වායුව නිපදවා ගැනීම සඳහා භාවිත කරන ක්‍රමවේදය කුමක් ද?

A

ලොහයක් තනුක අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරවීම

Zn + 2HCl —> ZnCl2 + H2

62
Q

විද්‍යාගාරයේ දී වායු රැස් කිරීම් ස‍ඳහා සකස් කරන ඇටවුමක කොටස් මොනවා ද?

A
  • තිසල් පුනීලය
  • කිරල ඇබය
  • කේතු ප්ලාස්කුව
  • විසර්ජක නළය
  • රබර් නළය
  • වායු සංග්‍රහණ මංචය
  • ජල ද්‍රෝණිකාව
  • වායු සරාව
63
Q

ජලය යොදාගෙන වායු එක් රැස් කිරීමේ ක්‍රමය හැඳින්වෙන නම කුමක් ද?

A

ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය

64
Q

වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමයෙන් විස්ථාපනය කරන වායුව කුමක් ද?

A

හයිඩ්‍රජන් වායුව

65
Q

හයිඩ්‍රජන් වායුව හඳුනා ගත හැකි ආකාරයක් ලියන්න

A

දහනය වීමේ දී පොප් හඬක් නැගීම

66
Q

හයිඩ්‍රජන් වායුවේ භාවිත මොනවා ද?

A
  • රොකට් ඉන්ධනයක් ලෙස
  • ශාක තෙල්වලින් මාගරින් නිපදවීමට
  • නයිට්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කරවා ඇමෝනියා වායුව නිපදවීමට
  • කාබනික සංයෝග ඔක්සිහරණය කිරීමට
67
Q

වායුගෝලයේ සාමාන්‍ය සංයුතිය අනුව ඔක්සිජන් වායුව අඩංගු ප්‍රතිශතය කොපමණ ද?

A

20% ක් පමණ

68
Q

ඔක්සිජන් වායුවේ භෞතික හා රසායනික ලක්ෂණ මොනවා ද?

A
  • සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි ය
  • ජලයේ සුළු වශයෙන් දිය වේ
  • අවර්ණ ය
  • ගන්ධයක් නැත
  • දහන පෝෂක වායුවකි
  • සාපේක්ෂ අණුක ස්කන්ධය 32 කි (16*2)
69
Q

විද්‍යාගාරයේ දී ඔක්සිජන් වායුව නිපදවා ගන්නේ කෙසේ ද?

A

ඔක්සිජන් අඩංගු සංයෝග වියෝජනය කිරීමෙන්

70
Q

ඔක්සිජන් වායුව නිපදවා ගත හැකි ප්‍රතික්‍රියා මොනවා ද?

A
    • පොටෑසියම් ප’මැංගනේට් රත් කිරීම
    • 2KMnO4 —> K2MnO4 + MnO2 + O2
    • පොටෑසියම් නයිට්‍රේට් රත් කිරීම
    • 2KNO3 —> 2KNO2 +O2
    • හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය
    • 2H2O2 —> 2H2O + O2
    • පොටෑසියම් ක්ලෝරේට් රත් කිරීම
    • 2KClO3 —> 2KCl + 3O2
71
Q

ඔක්සිජන් වායුවේ භාවිත මොනවා ද?

A
  • ජීවීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය වීම
  • දහනය සඳහා අවශ්‍ය වීම
  • කිමිදීමේ දී හා අභ්‍යවකාශ ගමන් සඳහා
  • ලෝහ පෑස්සීමට යොදා ගන්නා ඔක්සි-ඇසිටිලීන් දැල්ල ලබා ගැනීමට
  • සල්ෆියුරික් හා නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය වැනි කර්මාන්ත සඳහා අමුද්‍රව්‍යක් ලෙස
72
Q

සාමාන්‍ය සංයුතිය අනුව වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායුව අඩංගු ප්‍රතිශතය කුමක් ද?

A

0.03% ක් පමණ

73
Q

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාමට හේතුව කුමක් ද?

A

පොසිල ඉන්ධන දහනය

74
Q

කාබන්ඩයොක්සයිඩ් වායුවේ භෞතික හා රසායනික ගුණ මොනවා ද?

A
  • සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි ය
  • ජලයේ සුළු වශයෙන් දිය වේ
  • අවර්ණ ය
  • ගන්ධයක් නැත
  • දහනය නොවේ, දහන පෝෂක ද නොවේ
  • සාපේක්ෂ අණුක ස්කන්ධය 44 කි
75
Q

හුණුගල් වල රසායනික නාමය කුමක් ද?

A

කැල්සියම් කාබනේට්

76
Q

කාබන්ඩයොක්සයිඩ් වායුව නිපදවා ගත හැක්කේ කෙසේ ද?

A

කැල්සියම් කාබනේට් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීමෙන්

-

77
Q

වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් රැස් කළ හැකි වායුව කුමක් ද?

A

කාබන්ඩයොක්සයිඩ්

78
Q

කාබන්ඩයොක්සයිඩ් හඳුනාගත හැක්කේ කෙසේ ද?

A
  • කාබන්ඩයොක්සයිඩ් අඩංගු නළයකට පුළිඟු කීරක් ළං කළ විට එය නිවී යාම
  • පෙරා ගත් දිය ගැසූ හුණු ද්‍රාවණයක් තුළින් කාබන්ඩයොක්සයිඩ් වායුව යැවීමේ දී එය කිරි පැහැ වීම
  • ජලීය කැල්සියම් කාබනේට් අඩංගු ද්‍රාවණයක් තුළින් කාබන්ඩයොක්සයිඩ් යැවීමේ දී එහි කිරි පැහැය නැති වීම
79
Q

හුණු දියරවල රසායනික නාමය කුමක් ද?

A

කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්

80
Q

හුණුදියර හා කාබන්ඩයොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවේ තුලිත රසායනික සමීකරණය ලියන්න

A

Ca(OH)2 + CO2 —> CaCO3 + H2O

81
Q

කැල්සියම් කාබනේට් හා කාබන්ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන්නේ මොනවා ද?

A

කැල්සියම් බයිකාබනේට්

82
Q

කාබන්ඩයොක්සයිඩ් වායුවේ භාවිත මොනවා ද?

A
  • ගිනි නිවන උපකරණවල
  • කාබන්ඩයොක්සයිඩ් ජලයේ දියවීමෙන් ඇති වන කාබොනික් අම්ලය ඇඹුල් රසයක් ලබා දෙන නිසා සෝඩා සහ කාබනීකෘත සිසිල් බීම නිපදවීම සඳහා
  • වියළි අයිස් නිපදවීම සඳහා
  • යකඩ නිස්සාරණයේ දී ඔක්සිහාරකය වන කාබන්මොනොක්සයිඩ් නිපදවීමට
83
Q

ඝන කාබන්ඩයොක්සයිඩ් වියළි අයිස් ලෙස හැඳින්වෙන්නේ ඇයි

A

රත් කිරීමේ දී ද්‍රවයක් නො වී කෙළින් ම වායු අවස්ථාවට පත් වන නිසා

84
Q

වියළි අයිස්වල උෂ්ණත්වය කොපමණ ද?

A

-77°C

85
Q

වියළි අයිස්වල භාවිත මොනවා ද?

A
  • අධි ශීතකාරකයක් ලෙස
  • ආහාර පරිරක්ෂකයක් ලෙස
  • කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා
86
Q

ලෝබොර ලෙස හැඳින්වෙන සංයෝග දෙක මොනවා ද?

A
  • Calcium Aluminate (CaAl2O4
  • Calcium Silicate (CaSiO3)
87
Q

යපස්වල ඇති අපද්‍රව්‍ය ලෙස සැලකෙන සංයෝග මොනවා ද?

A
  • Silicone Dioxide (SiO2)
  • Aluminum Oxide (Al2O3
88
Q

කැල්සියම් කාබනේට් හා කාබන්ඩයොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවේ තුලිත රසායනික සමීකරණය ලියන්න

A

CaCO3 + CO2 + H2O —> Ca(HCO3)2