02. Quantification of Elements and Compounds Flashcards
ස්කන්ධය මනින කුඩා ම ඒකකය කුමක් ද?
අටෝග්‍රෑමය (ag)
1 ag = 10-18g
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යනු කුමක් ද?
තෝරාගත් යම් පරමාණුවක ස්කන්ධය, ස්කන්ධ ඒකකයක් ලෙස සලකා ඊට සාපේක්ෂව අනෙකුත් පරමාණුවල ස්කන්ධය ප්‍රකාශ කිරීම
අතීතයේ දී සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස භාවිතා කළේ කුමක් ද?
හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය
පරමාණුක ස්කන්ධ ඒකකය යනු කුමක් ද?
පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්නේ යමකට සාපේක්ෂව ද, එය පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හැඳින්වේ
වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස යොදා ගන්නේ කුමක් ද?
Carbon - 12 සමස්ථානිකයෙන් 1/12 ක ස්කන්ධය
කාබන් පරමාණුවක ස්කන්ධය කුමක් ද?
1.993 × 10-23g
යම් මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයා ගන්නේ කෙසේ ද?
එම මූලද්‍රව්‍යයේ පරමාණුවක සැබෑ ස්කන්ධය 12C පරමාණුවක ස්කන්ධයෙන් 1/12 ක් මෙන් කී ගුණයක් ද යන්න සෙවීමෙන්
හයිඩ්‍රජන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කුමක් ද?
1 AMU
කාබන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කුමක් ද?
12 AMU
නයිට්‍රජන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොපමණ ද?
14 AMU